කල්පනා පළමු සිනමා රංගනය - ගීත්මා

gossiplanka image 1
 


‘කල්පනා’ කියන්නෙ මම පළමුවෙන්ම සිනමා රංගනයට පිවිසුණ චිත්‍රපටය. නමුත් ඒක තිරගත වුණේ දෙවැනි එක විදිහට. දෙවැනියට රඟපෑ ‘සුරදෙටුවෝ’ මුලින් තිරගත වුණා. ඇත්තටම ‘කල්පනා’, මට විශේෂ අත්දැකීම් ගොඩක් එකතු කරපු නිර්මාණයක්. මොකද රංගන ශිල්පියකුගේ පළමු සිනමා රංගනය කියන්නෙම වෙනස් අත්දැකීමක්.


මීට කලිනුත් ආරාධනා ගොඩක් ලැබිල තියෙනව. නමුත් විවිධ කාලවලදි, විවිධ හේතු නිසා ඒවා ප්‍රතික්‍ෂ්ප කරන්න සිදු වුණා.


මම ටෙලි තරුවක් කියල තමයි නිතර මගෙ ඔළුවෙ තිබුණෙ. ඒ නිසා මට වුවමනා වුණේ ටෙලි නාට්‍ය පැත්තෙන් ඉදිරියට යන්න. මේ නිසා සිනමාවට මගේ ලොකු අවධානයක් තිබුණෙ නැහැ.


නමුත් සාරංග අයියගෙ පළමු සිනමා නිර්මාණය කිව්වාම මට ප්‍රතික්‍ෂේප කරන්නම බැහැ. මොකද සාරංග ප්‍රඩක්ෂන් හවුස් එකෙන් තමයි


‘සංගීතේ’ ටෙලි නාට්‍යය හරහා මාව ප්‍රේක්‍ෂකයා අතරට ගෙනාවෙ.


ඉතිං මේ හැමදේමත් නිසා මම ‘කල්පනා’ එක්ක එකතු වෙනව.


ගීත්මා බණ්ඩාර, රිදී තිරයට පළමු වරට රංගනයෙන් එකතු වුණ ‘කල්පනා’ මේ දවස්වල රට පුරා තිරගත වෙනව. සාරංගට කලින් ගොඩක් දෙනෙක් සිනමාවට ආරාධනා කළත් විවිධ හේතු නිසා ගීත්මා ඒවා ප්‍රතික්‍ෂේප කරනව. නමුත් සාරංගගෙ ආරාධනය ඉවත දමන්න බැරි හේතුවක් ගීත්මාට තිබුණා.


මේ රූගත කිරීම් වෙනුවෙන් මට ලොකු කාලයක් කැප කරන්න තිබුණෙ නැහැ. අපිට හුරු පුරුදු පරිසරයක, හුරුපුරුදු ආට්ස්ට්ල එක්ක, හුරුපුරුදු අධ්‍යක්‍ෂවරයා එක්ක, විශේෂයෙන්ම රොෂෙල්, මගේ හොඳම යාළුවා. අපි දෙන්න කවදාවත් එකට වැඩක් කරල තිබුණෙ නැහැ. මෙතැනදි ඒ අවස්ථාවත් අපිට ලැබෙනව. මේ හැමෝම දන්නකියන අය. ඒ නිසා පළමු අත්දැකීම වුණාට මට අලුත් බවක් දැණුනෙ නැහැ.


හොඳම යාළුවන්ට එකට වැඩක් කරන්න ලැබෙනව කියන්නෙ ඉතිං එතැන මැවෙන්නෙ වෙනම ලෝකයක්.


ගීත්මා ගැන ගොඩක් දෙනෙක් දන්නවා වුණාට නදීශා ගැන කවුරුවත් දන්නෙ නැහැනෙ.


නදීශා කියන්නෙ සල්ලිකාර වළව් පවුලක හුරතලයට හැදුන ගැහැනු ළමයෙක්. එයාට සමාජය ගැන ලොකු දැනුමක් නැහැ. පවුල තුළ නිතරම කෙලිදෙළන් ඉන්න තමයි උත්සාහ කරන්නෙ. නදීශාගෙ හොඳම යහළුවා වුණ කල්පනාගෙ ආදර කතාව පටන්ගන්න තැනට ඇයත් සම්බන්ධයි.


ක්‍ෂේත්‍රයට ආපු මුල් කාලෙ සිනමාවට සම්බන්ධ වෙන්න මට ලොකු හීනයක් තිබුණා. නමුත් ටෙලි තිරය හරහා මගේ ගමන විවෘත වෙද්දි මම හිතුවෙ හැමදේම බදාගෙන කරන්න ඕන නැහැ, කරන දේ හරියට කරනව කියල. වැඩි කාලයක් ටෙලි නිර්මාණ එක්ක ඉන්න සිද්ධ වුණ නිසා සිනමාවට ලැබුණ ආරාධනා මට ප්‍රතික්‍ෂ්ප කරන්න සිදු වුණා.


වෙන්න තියෙන දෙයක් වලක්වන්න බැහැනෙ. අන්තිමේ ගීත්මාටත් තමන්ගෙ හීනයට යන්න පාර හැදුනා.


ඇත්තටම කිව්වොත් මට පුංචි කාලෙ ඉඳන්ම රඟපාන්න කතා කළා. ඒත් මං ඉගෙනගන්න දක්‍ෂතා පෙන්නපු නිසා අපේ ගෙදරින් මට ඒවාට අවසර දුන්නෙ නැහැ.


මම දකින විදිහට ඕනෑම අධ්‍යක්‍ෂවරයකුගෙ හීනයක් තමයි තමන්ගෙම සිනමා නිර්මාණයක් එළිදක්වන එක. සාරංග අයියගෙ කුළුඳුල් නිර්මාණය ගැන ඔහු ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියා. විවේකයක් ලැබුණාම අපි ඒ ගැන කතා වුණා. ඉතිං අපි හිතනව ඒ උත්සාහය සාර්ථක වුණා කියල.


ෂූටිං තිබුණෙ නුවර. ඒ දවස්වල නිතරම වැස්ස. ඒත් අපි කට්ටියම එකතු වෙලා එහේ නැවතිලා ගත කළ කාලය හරිම සුන්දරයි.


ඉස්සර අපිට නිතර අහන්න ලැබුණෙ වේදිකා නාට්‍ය කණ්ඩායම යන නාට්‍ය බස් එකේ සුන්දර අත්දැකීම්. නමුත් දැන් ඒ කතා අහන්න ලැබෙන්නෙ හරිම අඩුවෙන්. කාලයත් එක්ක ගොඩක් දේවල් වෙනස් වෙනව.


රංගන ජීවිතය ගැන වගේම පෞද්ගලික ජීවිතය ගැනත් මම හැමදාම හිතුවෙ ධනාත්මක විදිහට. මොන විදිහෙ කරදර බාධක ආවත් මම නොසැලී ඉදිරියට යනව. ඒ නිසා මට මගේ ජීවිතය ගැන නිහතමානී සතුටක්, ආඩම්බරයක් තියෙනව.


ගීත්මා පසුගිය කාලෙ වැඩ ගොඩක් කළා. ඉතිං දැන් මහන්සියි. ගෙදරට වෙලා බොහොම විවේකයෙන් ඉන්නව කියලයි අපිට ආරංචි වුණේ.


මේ දවස්වල සුපුරුදු විදිහට සංගීතේ ටෙලි නාට්‍යය විකාශය වෙනව. ඒ වගේම මම රංගනයෙන් දායක වුණ ටෙලි නිර්මාණ අටක් විතර විකාශය වෙන්නත් තියෙනව. ඉතිං වැඩ ගොඩක් කරපු නිසා මේ දවස්වල නම් පුංචි බ්‍රේක් එකක් අරගෙන නිදහසේ, සැනසිල්ලෙ ගෙදරට වෙලා ඉන්නව.


මුල් කාලෙදි මම රඟපාන්න යන එකට අපේ ගෙදරින් කැමති වුණෙත් නැහැ. මේ ක්‍ෂේත්‍රයේ ඉන්නකොට ගොඩක් අයගෙ ඇහැගැටෙනවනෙ. ඉතිං සමහර අයට වෙන දේවල් එක්ක එයාලට ලොකු බයක් තිබුණා. නමුත් කාලයක් යද්දි මගේ ගමන ගැන ඔවුන්ට අවබෝධයක් ලැබුණා. එයින් පස්සෙ අද දක්වාම ඉතාමත් හොඳ සහයෝගයක් පවුලක් විදිහට මට ලබාදෙනව. ඒක තමයි මට තියෙන ලොකු-ම හයිය.


රංගනය නිසා අධ්‍යාපන කටයුතුත් ඒ දවස්වලම නවත්තන්න සිද්ධ වුණා. රංගනය කියන්නෙ දැන් මගේ වෘත්තිය. ඊට අමතරව පොඩි බිස්නස් එකක් කරන්නත් අදහස් කරගෙන ඉන්නව. මේ දවස්වල ඒ වෙනුවෙන් සැළසුම් හදාගෙන යනව.


ගීත්මා අලුත්ම වැඩකට අතගහන්න යන්නෙ. ඒ ගැන වැඩි විස්තර තවත් දවසක කතා කරමු.


මහේෂ් එදිරිසිංහඡායාරූප – සජීව ලක්‍ෂාන්

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post