‘ආදරණීය තරුවක්’ සමඟ රිදී තිරයට එන පුංචි තරුව සාරණ්‍යා

gossiplanka image 1
 


‘දෙව් ලොවින් හසුන්පතක් පාවෙලා ආවාදෝ


පුංචි අත්වලින් ලියූ ගීතයක් තිබුණාදෝ


සඳ පිනි රාත්‍රීයේ ඔයා හොරෙන්


අපේ ළඟින් උන්නාදෝ


නුඹ මේ ජීවිතේ හිනාවකින්


අර්ථයක් හැදුවාදෝ


තරුවක් තරුවක් නුඹ රෑ නිල් අහසේ


අපගේ තුරුලේ නැළවූ


සුළඟක් සුළඟක් වගේ හිත නැළවූ


දුවනී නුඹයි හිතම සැනසූ….‘


සාරංගගෙයි දිනක්ෂිගෙයි ආදරණීය කැදැල්ලට එකතු වුණු පුංචි සුරතලිය සාරණ්‍යාට වසරක් සපිරෙන දා අම්මියි තාත්තියි ඇයට කියූ අරුත්බර ගීතයයි ඒ.


මේ වෙද්දී ඇය සිව් හැවිරිදි විය පසුකරමින් සිටින, රසික ආදරය නොමඳව දිනූ පුංචි තාරකාවියක්. අපි අද පුංචි සාරණ්‍යයි, එයාගේ අම්මා දිනක්ෂියි ගැන කතා කරන්න හිතුවා.


ආදරණීය තරුවක් චිත්‍රපටයට සාරණ්‍යාගේ දායකත්වය කොහොමද?


පොඩි කොටසකට තමයි ඇත්තටම සාරණ්‍යා ඉන්නේ. ශනූගේ ළමා කාලයට. අපි ඇත්තටම බබාව ⁣චිත්‍රපටයකට සම්බන්ධ කරවන්න හිතුවේ නෑ. ආදරණීය තරුවක් චිත්‍රපටයේ අධ්‍යක්ෂ ඩිල්ෂාන් අමරසිංහ තමයි ඉල්ලීමක් කළේ සාරණ්‍යාව මේ චරිතයට ගනිමු කියලා.


මංගල දර්ශනයට ශනුද්‍රි වගේම සාරණ්‍යා ආවෙත් හරිම අපූරු විදිහකට. අපි ඒ ගැනත් කියමු.


එයා චූටී පුංචා ශනූ එක්කයි දිනේෂ් බාප්පි එක්කයි හරිම එකතුයි. එයාව චූටී කාලේ බලා ගත්තෙත් එයා.


මේ චිත්‍රපටයෙත් එයා ශනූ එක්කනේ රඟපාන්නේ. ශනූ ඇන්දේ චිත්‍රපටයේ තොරතුරු ඇතුළත් රෝස පැහැති ඇඳුමක්. මේ පින්තූර දකිද්දි සාරණ්‍ය­ාටත් ඕන වුණා, ඒ වගේම ඇඳුමක් අඳින්න. චිත්‍රපටයේ කතාවට ගැළපෙන අයුරින් සකස් කළ ගවුමක් තමයි සාරණ්‍යාට හැදුවෙත්. එයා පොඩි බබෙක් නිසා ‘රිමෝට් ජීප්‘ එකක එන විදිහට සූදානම් කළේ.


මේ සාරණ්‍යා චිත්‍රපටයක රඟපෑව පළමු වතාවද?


ඔව්. අපේ යූටියුබ් වැඩ, දැන්වීම් වගේ දේ වලට සම්බන්ධ වෙලා තියෙනවා. චිත්‍රපටයකට සම්බන්ධ වුණු පළමුවතාව මේක.


ඉදිරියෙදි සාරණ්‍යා කලා කටයුතුවලට දායක කරවන්න අම්මා විදිහට ඔයා දියණියව මෙහෙයවන්න හිතන්නේ කොයි විදිහටද?


සාරංගයි, මමයි තේරුම් ගත්ත කාරණාවක් තමයි අපි හදන්නේ වෙන ජෙනරේෂන් එකක බබෙක්ව. අපි වෙන ජෙනරේෂන් එකක. අපේ අම්මලා තාත්තලා තවත් ජෙනරේෂන් එකක. කොහොමත් ජෙනරේෂන් ගැප් එකක් තියෙනවමයි. අපි ඊට අනුගතව ජීවත් විය යුතුයි. හැමදාටම දුවත් එක්ක යාළුවෙක් විදිහට ඉන්න තමයි උත්සාහ කරන්නේ. අම්මා, තාත්තා කියලා දරුවන්ව බය කරගෙන තියා ගන්න උත්සාහ කරන්නේ නෑ. එයාට විවිධ දේවල් අත්හදා බලන්න අපි අවස්ථාව, නිදහස දීලයි තියෙන්නේ.


එයාට කරන්න ඕන දේවල් අපිට කියාවී. ඒ දේවලට සහයෝගය දෙන එක තමයි අපි කරන්න හිතාගෙන ඉන්නේ.


එයා හරිම හෘදයංගමයි. ශේෂාද්‍රගේ දුව ක්‍රිෂාර්යා එක්ක, එයාගේ පාසලේ යාළුවො එක්ක හරිම ළෙන්ගතුව ඉන්නවා. බබා පාසල් යන්න හරිම කැමතියි.


පොඩි බබාලගේ විදිහ වෙලාවෙන් වෙලාවට වෙනස් වෙනවා. වෙලාවකට සාරණ්‍යා මේ ලෝකේ ඉන්න හොඳම බබා වගේ ඉන්නවා. තවත් වෙලාවකට මුරණ්ඩුත් වෙනවා.


අපි උත්සාහ කරන්නේ හැමවිටම හොඳ දේවල් මනසට දෙන්න. ගුණයහපත් දේවල් උගන්වන්න.


සාරණ්‍යාත් කලා හැකියාවන් ටිකෙන් ටික පෙන්නුම් කරන්න පටන් නේද?


ඔව්. අපිටත් එහෙම එකක් දැනෙනවා. එයා ගායනය, සංගීතය, බැලේ ඉගෙන ගන්නවා. ඒ හැකියාවන් ඔප්නංව ගන්න අපි පුංචි කාලේ ඉඳන්ම එයාට අත දෙනවා. අනාගතයෙදි කලාව තෝරා ගන්න හෝ වෙනස් ම වෘත්තියක නිරත වෙන්න එයාට නිදහස තියෙනවා.


පාසල් අධ්‍යාපනයට පාඩුවෙන පරිදි කලා කටයුතුවල යොදවන්න කොහෙත්ම අදහසක් නෑ. අපිට ඕන එයා හොඳට ඉගෙන ගෙන මේ සමාජයට එන්න. ඒකත් එක්ක තමයි බාහිර කටයුතුවලට වෙලාව වෙන් කරගන්නේ.


සාරණ්‍යාගෙනුත් මොනවා හරිම අහන්න අපි අමතක කළේ නෑ.


සාරණ්‍යා කියන්නකෝ ඔයාට දිල්ෂාන් මාමා කැමරාව ඉස්සරහ කරන්න කියලා මොනවද කිව්වේ?


එයා කිව්වා කර්ටන් එක අල්ලගෙන ඇස් පිල්ලම් ගහන්නේ නැතිව කැමරාව දිහා බලාගෙන ඉන්න කියලා. මම හැමෝටම කියනවා ආදරණීය තරුවක් බලන්න එන්න කියලා.


මේ දවස්වල කාර්යබහුලයි ද දිනක්ෂි?


මේ දවස්වල සාරංගට දෙන සහයෝගය හැරුණු කොට production house එකේ මට වෙන කාර්යභාරයක් නැහැ. මගේ පැත්තෙන් කරන්න පුළුවන් උදව්වක් තිබුණොත් අනිවාර්යයෙන් කරනවා. ආදරණීය තරුවක් චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු එක්ක ටිකක් විතර කාර්යබහුලයි.


ඉදිරියෙදි දිසාසේකර Film production එකෙන් කෙරෙන නිර්මාණ සඳහා ඔබේ රංගන දායකත්වයත් දැක ගන්නට ලැබේවිද?


දැනට නම් මට එවැනි ඇරියුමක් ලැබී නැහැ. එවැනි ඇරියුමක් ලැබුණොත් මම කරනවා.


ඒ ඒ චරිතවලට රංගනයෙන් දායක වෙද්දි යම් ගැළපීමක් තිබිය යුතුයි. Casting Director කෙනෙක් ඉන්නෙත් ඒකයි. පවුලේ නිෂ්පාදනයක් වූ පමණින් ඒ සඳහා රංගනයෙන් දායක විය යුතුයි කියලා මම හිතන්නේ නැහැ.


මේ දවස්වල දිනක්ෂි දායක වන නිර්මාණ මොනවද?


දිල්ෂාර ජයමාන්නගේ ‘ක්‍රිකට් සාදු’ චිත්‍රපටය ළඟදීම එන්න තියෙනවා. මීට අමතරව සජිත් අක්මීමනගේ ‘සීනී’, බෙනට් රත්නායකගේ ‘Sign Out’ සහ තවත් අලුත් චිත්‍රපටයක රූගත කිරීම් නිම කළා.


ඔයගොල්ලන්ගේ යූටියුබ් චැනල් එකත් ගොඩක් ජනප්‍රියයි. සබ්ස්ක්‍රයිබස්ලා කොපමණ ප්‍රමාණයක් ඒ වටා ඉන්නවද?


මේ වන විට මිලියන 1.5 ක් ඉන්නවා. Life style, vlogs වගේ ඒවා තමයි ගොඩක්ම තියෙන්නේ.


මේ දවස්වල නම් අපි කාර්යබහුල නිසා මුකුත්ම කරන්න වුණේ නෑ. යූටියුබ් දාන ඒවා සංස්කරණය කරන්නෙත් මම.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post