රිදී තිරයේ නවක රංගන ශිල්පිනියක් ලෙසින් ක්ෂේත්‍රයට පිවිසෙමින්, සිය රංගන හැකියාව තුළින් ප්‍රේක්ෂක ආදරය දිනාගනිමින් සිටින නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නිපුණි ශෂිප්‍රාභා. මේ දිනවල තිරගත වන නවතම සිනමා නිර්මාණයන් ද්විත්වයක් ඔස්සේ ඇයගේ රංගන හැකියාව ප්‍රේක්ෂකයන් අතරට ගෙන යමින් සිටින අතර, නවකයෙකු ලෙසින් සිය ගමන ආරම්භ කළත් විවිධ චරිතයන්ට නව ජීවයක් එක්කරමින් තමන්ටම අනන්‍ය වූ රංගන අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමට ඇය මේ වනවිටත් සමත්ව සිටිනවා.
ඔබ කලාවට ප්‍රවිෂ්ට වුණේ කොහොමද?
චිත්‍රපට අධ්‍යක්ෂක සුරංග අල්විස් මහතාගේ චිත්‍රපටයකට චරිත තෝරා ගැනීමට පවත්වන සම්මුඛ පරීක්ෂණයකින්. මම සම්මුඛ පරීක්ෂණයෙන් තේරීලා එතුමා විසින් අධ්‍යක්ෂණය කළ 106 Room චිත්‍රපටයෙන් තමයි මගේ කලා දිවිය ආරම්භ කළේ.
ඔබේ අධ්‍යාපනික කටයුතු ගැන කතා කළොත්…
මම මුලින්ම පාසල් ගියේ රත්නපුර සුමන බාලිකා විද්‍යාලයෙන්. පස්සේ බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු වී අධ්‍යාපනික හැදෑරුවා.ඔබගේ පවුලේ විස්තර ගැන…මගේ පවුලේ ඉන්නේ තාත්තා අම්මා මමයි. මට සහෝදර සහෝදරියෝ නැහැ.ඔබගේ ඉදිරි අනාගත බලාපොරොත්තු මොනවාද?මගේ අනාගත බලාපොරොත්තුව රංගන ක්ෂේත්‍රයෙන් තව දුරටත් ඉදිරියට යන එක. ඒ වගේම මගේම නමින් ව්‍යාපාරයක්ආරම්භ කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නේ.
දැනට රංගනයෙන් සම්බන්ධවෙලා තියෙන වෙනත් නිර්මාණ මොනවාද?
මම දැනට රංගනයෙන් දායක වෙලා තියෙන්නේ ”Room Number 106” හා ”ඒක තමයි මේක” චිත්‍රපටවල. ‘zRoom Number 106‘ සිනමා නිර්මාණය සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වුණ සිනමා නිර්මාණයක්. කතාව ඇහුවම ඇත්තටම මගේ හිතටත් කුතුහලයක් දැණුනා. මම ගොඩක් ආසාවෙන් මේ චිත්‍රපටයේ රංගනයෙන් දායක වුණේ මොකද මට ගොඩක් සතුටු වුණා මටත් මේ වගේ Film එකක රංගනයෙන් දායක වෙන්න අවස්ථාවක් හිමි වුණ එකට. මම ගොඩක් සතුටෙන් මේ සිනමා නිර්මාණ දෙකේම වැඩ කළේ.
ජනප්‍රිය සිනමා අධ්‍යක්ෂකවරයෙක්වරු දෙපළක් සමඟම වැඩ කරන්න ලැබීම ගැන ඔබට දැනුණේ කොහොමද?
මම රංගනයෙන් දායක වුණ චිත්‍රපට දෙකේම අධ්‍යක්ෂකවරයා සුරංග අල්විස්. ඔහු නිහතමානී අධ්‍යක්ෂකවරයෙක්. ඔහු එක්ක වැඩ කරන්නත් හරිම පහසුයි.ඔබ දායක වුණ සිනමා නිර්මාණ දෙකේම ඔබ රඟපාන්නේ එකිනෙකට වෙනස් චරිත දෙකක්.
ඉතින් මේ චරිතයන් ද්විත්වයම ඔබට දැනුණේ කොහොමද?‘
Room Number 106‘ චිත්‍රපටයේ මම රංගනයෙන් දායක වන්නේ පොලිස් කාන්තාවකගේ චරිතයකටයි. මේ කතාව Serious කකාවක් ඔස්සේ යන චිත්‍රපටයක්. ‘ඒක තමයි මේක‘ චිත්‍රපටයේ ජනාගේ පෙම්වතියගේ චරිතය තමයි මට රංගනයෙන් දායක වෙන්න. ඒ චරිතය comedy type චරිතයක්. මේ චිත්‍රපටය comedy type එකේ යන Funny කතාවක්. ඉතින් මට මේ නිර්මාණයන් ද්විත්වයෙන්ම ලොකු අත්දැකීමක් ලැබුණා. මම ගොඩක් කැමතියි එකිනෙකට වෙනස් චරිතයන් නිරූපණය කරන්න. මම ඉදිරියටත් එකිනෙකට වෙනස් චරිතයන්ගෙන් යුක්ත නිර්මාණවලට දායක වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.
නෙත්මි සඳුනිකා