මයි සිම්බා සමඟ සිනමාවට ආ දඟකාර සිංහ පැටියා හසදු වීරසූරිය

gossiplanka image 1
 

ටෙලිනාට්‍ය ගණනාවක ළමා තරුවක් ලෙසින් රසික ආදරය නොඅඩුව හිමිකරගත් මේ පුංචි පුතා ගැන මේ දිනවල බොහෝ දෙනා කතාබහ කරනවා. ‘මයි සිම්බා’ චිත්‍රපටය තුළින් සිනමාවට පිවිසි ඔහු සිංහ පැටවකු සමග රංගනයේ යෙදෙන ශ්‍රී ලංකාවේ පළමු ළමා නළුවායි. ඉතින් ‘හාට්’ අපේ මේ සූදානම දඟකාර හැඩකාර හසදු වීරසූරිය සමඟ පුංචි කතා බහක යෙදෙන්නයි.


අපි මුලින්ම ‘මයි සිම්බා’ චිත්‍රපටයෙන්ම කතාව පටන්ගමු?

මම රංගනයෙන් දායක වන ප්‍රථම සිනමා නිර්මාණය ‘මයි සිම්බා’ මේ වනවිට ඉතා සාර්ථකව තිරගත වෙනවා. ගොඩක් ආශාවෙන් මම හිටියේ මේ චිත්‍රපටය තිරගත වෙනතුරු. මේ දවස්වල මම ඒ චිත්‍රපටය තිරගත වන සිනමා ශාලාවලට යනවා එහි ප්‍රචාරක කටයුතු වෙනුවෙන්.

පුංචි තිරයේ ටෙලිනාට්‍යවල රඟපාපු ඔබට මේ විදියට රිදී තිරයේ රඟපාන්න ලැබුණු අවස්ථාව ගැන මොකද හිතෙන්නේ?

මට ගොඩක් සතුටුයි. ඇත්තම සිංහ පැටියෙක් එක්ක තමයි මම මේ චිත්‍රපටයේ රඟපාන්නේ. සිංහ පැටියාව යාළු කරගන්න ගොඩක් මහන්සි වෙන්න සිදුවුණා. ඒ මහන්සියේ ප්‍රතිඵල ලෝකයට පෙන්වන්නේ කවදාද කියලා මම සිහින දකමින් සිටියේ. මම ලොකු සිංහයාට බයේ හිටියේ. පොඩි සිංහ පැටියට ඒ තරම් බයක් හිතුණේ නැහැ. දැක්කම වඩාගන්න ආසා හිතුණා. අපේ අම්මා කිව්වේ අපි සත්තුන්ට ආදරය කළොත් සත්තුත් අපිට ආදරය කරනවා කියලා. මම අල්ලන්න ගිය හැම වෙලාවෙම සිංහ ප ැටියා කෑගහනවා. ඒ නිසා මම වැඩිය කරදර කරන්න ගියේ නැහැ.


හසදු පුතාගේ මුල්ම රඟපෑම වෙනස්ම විදියකටයි අපට දැකගන්න ලැබුණෛ්?

මගේ අයියාත් රඟපානවා. ඒ නිසා, මාව ගෙදර තියලා යන්න බැරිකමට අම්මා මාවත් ඒ දර්ශන තලවලට එක්කගෙන යනවා. ඒ ගිය එක් අවස්ථාවක මාව දැකලා තමයි මට මේ අවස්ථාව ලැබුණේ කියලයි අම්මා කියන්නේය. එතකොට මට අවුරුදු දෙකහමාරක් විතර ඇතිලු. චන්දරතන හාමුදුරුවෝ තමයි මාව තෝරාගෙන තියෙන්නේ සෝමරත්න ජයමහ මාමාගේ ‘ඇළ දොළ සුරතල්’ කියන ගීතයේ වීඩියෝවට. එහි මම පොඩි ගෑනු ළමයෙක් විදියට රංගනයේ යෙදුණා. මට පොඩි ගවුමක් අන්දවලා, කොණ්ඩයක් දාලා තමයි රහි රූපරචනයට අනුව මම රඟපෑවේ.

පුතා මේ වනවිට සම්බන්ධ වුණු නිර්මාණ මතක් කළොත්?

අළු පාට දේදුනු, රොන් සොයා, මාස්ටර් සර්, සංසාරනී, හෙල්‍යාන්, අම්මා, පට්ටි ගෙදර කියන ටෙලිනාට්‍යවල මම ළමා නළුවේක විදියට රඟපෑවා. තවත් ටෙලිනාට්‍ය කිහිපයක් තියෙනවා ඉදිරියේදී විකාශය වෙන්න. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් කිහිපයකට සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබුණා.

ඔබ සම්බන්ධ වුණු නිර්මාණ අතරින් පුතා වඩාත් කැමැති නිර්මාණය මොකක්ද?

මම සම්බන්ධ වුණු නිර්මාණවල මම රඟපෑ හැම චරිතයකටම කැමැතියි. ඒ චරිත හරහා මට නැන්දලා, මාමලා, අයියලා, අක්කලාගේ ආදරය ගොඩක් ලැබුණා. පසුගිය දවස්වල ‘පට්ටිගෙදර’ ටෙලිනාට්‍යයේ මම රඟපාපු බිම්සර කියන චරිතයට ගොඩක් අය කැමැතියි. ඒ වගේම ‘අම්මා’ ටෙලිනාට්‍යයේ මම රඟපෑ චරිතය ‘මිහි’. ඒ චරිතයේ නමින් මගතොටදී හමුවන අය පවා මට කතා කරනවා.

පුතාගේ රඟපෑමට පාසලෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

පසුගිය දවස්වල ‘මයි සිම්බා’ චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් නැරඹීමට පාසලේ විදුහල්පතිතුමිය ඇතුළු සියලු දෙනා පැමිණ සිටියා. ඒ වගේම පාසලේ විශේෂ උත්සවයක් සූදානම් කරලා තිබුණා මම සජීවී සිංහ පැටියෙකු සමග රඟපෑ ප්‍රථම ළමා නළුවා නිසා. මගේ පාසල දාම්පේ ප්‍රාථමික විද්‍යාලය. මම දැන් තුන වසරේ තමයි ඉගෙනුම ලබන්නේ. ඉතින් මගේ රඟපෑම් කටයුතුවලට පාසලෙන් ගොඩක් උදව් ලැබෙනවා. අතපසු වෙන පාඩම් වැඩ මට කියලා දෙනවා. ඒ වගේම මගේ පන්තියේ යාළුවෝ මගේ පාඩම් වැඩවලට ගොඩක් උදව් කරනවා.

පසුගිය දවස්වල රඟපාන්න ගිහින් හොඳ හොඳ සිදුවීම් එහෙමත් වෙන්න ඇති?

‘අම්මා’ ටෙලිනාට්‍යයේ මම ගහකින් වැටෙන දර්ශනයක් රූගත කරන්න තිබුණා. ඒත් මම කවදාවත් ගහකට නැගලා නැහැ. පස්සේ මාව ගහක පොඩි උසකින් තියලා දර්ශනය රූගත කලා. ඒකට බයේ මම ඇඬුවා. අම්මා කිව්වා බයවෙන්න එපා තුවාල වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ මම ඒක හොඳට රඟපෑවා. තව සිද්ධියක් තමයි ‘පට්ටි ගෙදර’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් අවසන් කරලා අපි වෙන්වෙන දවස. එදා මට ගොඩක්ම දුක හිතුණු දවසක්. එදාත් මම ඇඬුවා ඒ නැන්දලා මාමලා නැවත හමුවෙන්නේ නැති නිසා. මම තාම පොඩියින්නේ. ඉතින් මට පොඩ්ඩක් ඇත්නම් දුක හිතෙනවා.

පුතාට අයියා සමග තවම රඟපාන්න අවස්ථාව ලැබුණේ නැද්ද?

‘වන්ස් උපොන් අ ටයිම් ඉන් ගල්කිස්ස’ ටෙලිනාට්‍යයේ මම අයියා සමග රඟපානවා. තවම ඒ ටෙලිනාට්‍යය විකාශය වුණේ නැහැ.

ඉදිරියේදි අපිට පුතාව ටෙලිනාට්‍යවල දැකගන්න බැරි වෙයි නේද සිනමා තරුවක් වීම නිසා?

මම සම්බන්ධ වුණු ටෙලිනාට්‍ය කිහිපයක්ම ඉදිරියේදී විකාශය වෙන්න තියෙනවා. ඒ හරහා දැකගන්න පුළුවන්. මම එක දිගට ටෙලිනාට්‍යවල වැඩ කරපු නිසා මට මහන්සියි. ඒ නිසා පොඩි විවේකයක් ගන්න කියලා අම්මා තාත්තා කියනවා. ඒ නිසා ඉදිරියේදී පොඩි විවේකයක් ගන්නවා. ශිෂ්‍යත්ව විභාගයටත් දැන් ළඟයිනේ. ඒ වෙනුවෙන් මහන්සි වෙන්න තියෙනවා. මොන දේ කළත් විභාගවලින් හොඳින් සමත් වෙන්න ඕනේ. හොඳට ඉගෙන ගන්න එක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව.


වසන්ත විතාරණගේ

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post