ඩිනාරා කියන්නේ කවුද?ඩිනාරා කියන්නේ ජීවිතේට ආදරය කරන කෙනෙක්. ගොඩක් සැහැල්ලුවෙන් ඉන්න කැමති කෙනෙක්.විහඟ ප්‍රේමය චිත්‍රපටයට සම්බන්ධ වෙන්නේ කොහොමද?සංජීව පුෂ්පකුමාරගේ ආසු චිත්‍රපටයෙන් පස්සේ ඔහුගෙන් ලැබුණු ආරාධනාවකට තමයි මම විහඟ ප්‍රේමයට සම්බන්ධ වුණේ. විහඟ ප්‍රේමය චිත්‍රපටයේ මම නිරූපණය කරන්නේ වයසින් අඩු මවකගේ චරිතයක්. ඇය නදී. ඒ චරිතයේ තිබුණු මානසික පීඩාව, අරගලකාරීත්වය මගේ අභ්‍යන්තරයටම කාවද්දා ගන්න සිද්ධ වුණා.ස්ක්‍රිප්ට් එක කියවද්දී මේ චරිතය කරන්න පුළුවන් වෙයිද කියලා පොඩි බයකුත් දැනුණා. ඒත් මම ඒ අභියෝගය බාරගත්තා. ඒ වගේම චරිතයට උපරිම සාධාරණයක් කළා. සංජීව අපිට හැමතිස්සේම කිව්වේ චිත්‍රපටයක චරිතයක් කරනකොට ඒ චරිතය තුළ ජීවත් වෙමින් චරිතය විඳින්න කියලා. මට ගොඩක් සතුටුයි මේ වගේ චරිතයක් ලැබීම ගැන. ලංකාවේ නදී වගේ ගැහැණු ළමයි ගොඩක් ඉන්නවා. විහඟ ප්‍රේමයේ නදී ඔවුන්ගේ කටහඬ වේවි කියලා මම හිතනවා.
ඔබ මේ වෙනකොට චිත්‍රපට කීයකට රංගනයෙන් දායක වෙලා තියෙනවද?මම චිත්‍රපට දහයකට පමණ රංගනයෙන් දායක වෙලා තියෙනවා. විහඟ ප්‍රේමය කියන්නේ මගේ හතර වන චිත්‍රපටය.විහඟ ප්‍රේමයට ලැබෙන ප්‍රතිචාර මොනවගේද?ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.සංජීව පුෂ්පකුමාර එක්ක වැඩ කරන්න ලැබීම ගැන මොනවද හිතන්නේ?සංජීව පුෂ්පකුමාර කියන්නේ සමාජයේ සිදුවෙන ගැඹුරක් ඇති අසීරු කාරණා තිරයට ගේන අධ්‍යක්ෂකවරයෙක්. ලංකාවේ බේබ් ෆාර්ම්ස් හෙවත් ළමා ජාවාරම් සෑහෙන්න තිබුණා. ඉදිරියටත් තියේවි. විහඟ ප්‍රේමයෙන් අපි කතා කරන්නේ මේ ගැන. මේ අතරින් ආදර කතාවකුත් දිග හැරෙනවා. ඉතින් හැමෝටම බලන්න දෙයක් තියෙන, ගන්න දෙයක් තියෙන චිත්‍රපටයක් තමයි විහඟ ප්‍රේම කියන්නේ. සංජීව වගේ අධ්‍යක්ෂකවරෙක් එක්ක මේ වගේ චිත්‍රපටයක් කරන්න ලැබීම ගැන ලොකු සතුටක් තියෙනවා.පවුලින් ලැබෙන සහයෝගය මොනවගේද?මම පුංචි කාලේ ඉඳන්ම නිළියක් වෙන්න තමයි කැමති වුණේ. මගේ පවුලේ අය මගේ හීනය හැබෑ කරගන්න ලොකු සහයෝගයක් ලබා දෙනවා. එයාලගේ සහය නැතිව මේ ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න වෙන්නේ නැහැ මට. මගේ පවුලේ අයට සහ මගේ ගුරුවරුන්ට ස්තූතිවන්ත වෙන්න මෙය අවස්ථාවක් කරගන්නවා.
ඔබේ අධ්‍යාපනය කටයුතු ගැන කතා කළොත්මම කාන්තා විදුහලේ තමයි අධ්‍යාපනය ලැබුවේ. පාසැලේදී නාට්‍ය හා රංගනය සම්බන්ධ වැඩ කටයුතු ගොඩක් කළා. මම පාසල් වේදිකාවෙන් රංගනය ආරම්භ කරපු කෙනෙක්. ඊටපස්සේ උසස් අධ්‍යාපන කටයුතුවලට එංගලන්තයට ගියා. එහිදි තවදුරටත් නාට්‍ය හා රංග කලාව හැදෑරුවා.ලංකාවට ඇවිත් රංගන වැඩමුළුවලට සම්බන්ධ වුණා. එතැනින් තමයි මාව ප්‍රසන්න විතානගේ එයාගේ ගාඩි චිත්‍රපයට තෝරාගත්තේ. ඒ මගේ පළවෙනි සිනමාපටය. ප්‍රසන්න විතාන වගේ ජේ්‍යෂ්ඨ අධ්‍යක්ෂකවරයෙකුගේ චිත්‍රපටයක් තුළින් සිනමාවට එන්න ලැබීමත් මා ලැබූ භාග්‍යක්.ඔබේ සිනාව හරිම ආකර්ශනීයයි. ඔබ සුන්දර රංගන ශිල්පිනියක්. අපිත් කැමතියි දැන ගන්න ඔබේ සුන්දරත්වයේ රහස්…බියුටි කියන්නේ අපේ ඇතුළත දෙයක්. හිත හොඳයි නම් මිනිස්සු කොහොමත් ලස්සනයි. මම එහෙම ලොකුවට මේන්ටේන් වෙන කෙනෙක් නෙවෙයි. හැබැයි මේ දවස්වල ඇක්ෂන් ෆිල්ම් එකක රඟපානවා. ඒ නිසාම ව්‍යායාමවල යෙදෙනවා. කොහොමත් මම වතුර ගොඩක් බොනකෙනෙක්. කොෆී, ටී මොකුත් බොන්නේ නෑ. මානසික නිදහසට මුල් තැන දෙනවා.අනාගත බලාපොරොත්තු මොනවද?මේ ක්ෂේත්‍රයේම රැඳෙමින් දිගු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. අභියෝගාත්මක චරිත බාරගන්න සිහිනයක් මට තියෙනවා.රසාංජලී වාසල ✍️