ජාත්‍යන්තරයේ අපේ දක්ෂ රංගන ශිල්පීන් අගැයීමට ලක්වෙනකොට අපිට දැනෙන්නේ විශාල අභිමානයක්. ගෙවීගිය සති කිහිපය තුළ විදෙස් රටවලින් එවැනි අගැයීමට ලක්ව යළි මවු රටට පැමිණි අපේ වැඩ්ඩන් කිහිප දෙනෙක් ගැන කතාබහට ලක්වුණා. අද අපි ඔබට හඳුන්වා දෙන්නේ එවැනි තවත් සුපිරි වැඩ්ඩෙක් ගැනයි. ඔහු නමින් සන්දීප ලක්ෂාන්. ඔහු මෝස්තර නිරූපණ ශිල්පියෙක් වගේම දක්ෂ රංගන ශිල්පියෙක්. ඒ විතරක් නෙවෙයි සිනමා අධ්‍යක්ෂවරයකු ලෙසත් ඔහු කටයුතු කරනවා. එතරම් වයසක් නැති මේ කොල්ලා රටවල් රැසක නිර්මාණ පරදවා ඔහුගේ කුලුඳුල් නිර්මාණයට ජයග්‍රහණයක් හිමිකර ගත්තා. ඉතින් ‘හාට්’ අපේ මේ සූදානම සන්දීප් ලක්ෂාන් සමග කතාබහක නියැළෙන්නයි.Sri Lanka Latest News
ඔබ අන්තර්ජාතික මට්ටමේ අගැයීමකට ලක්වුණා. මෙය ඔබ දැකපු සිහිනයක්ද?
කුඩා කාලයේ ඉඳලම මගේ තිබුණු එකම හීනය වුණේ රංගන ශිල්පියෙක් සහ සිනමා අධ්‍යක්ෂවරයෙක් වීමයි. මගේ මවුපියන් කලාවට ගොඩක් ළැදියි. මගේ අම්මාගේ උරුමයෙන් මටත් ඒ දේ පිහිටන්න ඇති. ලෝකය දිනා වෙනස්ම පැතිකඩකින් දකින්න තමයි මම උත්සාහ කළේ. සිදුවෙන හැම සිදුවීමක්ම රූපරාමුවලින් දකින්න මම උත්සාහ කළා. ඒ දැකපු හිතපු දේවල් සහ මම ගත්ත දැනුමෙන් තමයි මම මේ තරම් ජාත්‍යන්තර අගැයීමට ලක්වෙන්න හේතුව වුණේ. අද මම ගැන ගොඩ දෙනෙක් කතාබහ කරන්න පටන් අරගෙන. ඒ විතරක් නෙවෙයි මට සෝෂල් මීඩියා හරහා සුබපැතුම් එකතු කරන්න බොහෝ දෙනෙක් අමතක කරන්නේ නැහැ. ඒ ලැබෙන හැම සුබපැතුමකින්ම මට මම ගැන මාරම ආඩම්බරයක් දැනෙන්නේ. මොකද මම මේ තැනට එන්න මගේ පවුලේ අයගෙන් නෑදෑ හිතවතුන්ගෙන් ලැබුණු ශක්තිය ගොඩක් බලපෑවා. ඒ හැම දෙනාටම ගොඩක් ස්තුතියි.
එතකොට සන්දීප් පාසල් ගියේ?
මගේ ගම ගාල්ල. මම පාසල් ගියේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට. මගේ කලා ජීවිතයේ මුල්ම අඩිතාලම වැටුණේ මගේ පාසලෙන් තමයි. පාසල් කාලයේ මම කලා කටයුතු, වේදිකා නාට්‍යවලට ලොකු උනන්දුවක් දැක්වූවා.
අගැයීමට ලක්වුණු ‘මෞන පිසම්බු’ චිත්‍රපටය ගැන සඳහන් කළොත්?
මේ වනවිට ‘මෞන පිසම්බු’ කෙටි චිත්‍රපටය අන්තර්ජාතික සම්මාන උළෙල කිහිපයකදීම සම්මානයට පාත්‍ර වුණා. එය මගේ මවුබිමට ගෞරවයක්. ෂබාද න්‍්ච්බ ෂබඑැරබ්එසදබ්ක ත්‍සකප ත්‍ැිඑසඩ්ක 2026 උළෙලේ ලොව පුරා රටවල් රැසක නිර්මාණ අතරින් හොඳම දෙමළ භාෂිත හොරර් චිත්‍රපටය ලෙස එම චිත්‍රපටය සම්මානයට පාත්‍ර වුණා. හොඳම දෙමළ චිත්‍රපටය, හොඳම කෙටි චිත්‍රපටය, හොඳම තිරරචනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා ඇතුළු සම්මාන රැසක් ඊට ඇතුළත්. ඒ වගේම ඔස්ටේ්‍රලියා ෆිල්ම් ෆෙස්ටිවල් 2026 ලොව පුරා තරගකරුවන් 58,000ක් අතරින් සම්මාන 28ක් මෞන සිලම්බු කෙටි චිත්‍රපටයට හිමිවුණා. මේ ලැබුණු සම්මාන ගැන මට තියෙන්නේ නිහතමානී සතුටක්. මගේ මවුබිම වෙනුවෙන් මේ වගේ කීර්ති නාමයක් ගෙන එන්න මට අවස්ථාව ලැබුණු එක ගැන. ශිල්පීන් හතර දෙනෙක් තමයි මේ චිත්‍රපටයේ රඟපාන්නේ. මම මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් ප්‍රධාන චරිතය රඟපෑවා. මේ චිත්‍රපටය මගේ පවුලේ අයගේ චිත්‍රපටයක් කියලා සඳහන් කළොත් හරි.
මෞන සිලම්බු පවුලේ චිත්‍රපටයක් කියලා සඳහන් කළේ?
මගේ පවුලේ අයගේ දායකත්වය ලබාගනිමින් එය නිර්මාණය කළේ. මේ චිත්‍රපටයේ පසුබිම් ගායනය මගේ අම්මා. සහාය නළුවා විදියට තාත්තා රඟපානවා. සහාය නිළිය ලෙස ලොකු නැන්දා රඟපානවා. ආලෝකකරණය මගේ මල්ලි. වේශ නිරූපණයෙන් මගේ පුංචි සම්බන්ධ වෙනවා. තිරරචනය, අධ්‍යක්ෂණය, සංස්කරණය, ප්‍රධාන නළුවා ඇතුළු අනෙකුත් සියලු කටයුතු මගේ අතින් සිදුවුණා. තව මගේ ළඟින්ම හිටපු යහළුවෝ කිහිප දෙනෙක් ලොකු සහායක් මට ලබාදුන්නා.
වසන්ත විතාරණගේ<