ක්‍රිකට් සාදු වෙනස් වැඩක්

gossiplanka image 1
එක දවසක් මම හරි අපූරු දර්ශන දෙකක් දකිනව. ඒක සිද්ධ වුණේ මේ විදිහට. වෙළෙඳ දැන්වීමක් රූගත කරන්න, මට මතක විදිහට සීගිරිය ප්‍රදේශයට යනව. ෂූට් එකට කලින් දවසෙ හවස ෆේස්බුක් එකේ මම දකිනව පුංචි ස්වාමීන්වහන්ස් නමක් ලස්සන ක්‍රිකට් ෂොට් එකක් ප්ලේ කරනව. ඊට පසුදා ෂූට් එකට යද්දි මම දකිනව පාසල් ඇඳුමින් සැරසුණ පුංචි පුතෙක්.


ඒ අවස්ථාවේ මගේ මනසේ ඇඳුණ දෙයක් තමයි, මේ පාසල් යන්න ඉන්න පොඩි පුතාගේ අනාගතය තවම ලියැවිලා නැහැ. ඒ වුණාට මම දැකපු පිංතූරයේ හිටපු පුංචි ස්වාමීන්වහන්සේගේ අනාගතය දැනටමත් ලායැවිලාදෝ කියල. ළමයකුගේ අනාගතය මෙහෙම අපි අපේ අතට ගන්න එක හොඳයිද, ළමා වයස නිසා අනාගතයේ වෙන්න පුළුවන් දේ සීමාවක් නැහැනෙ. ඊළඟ ඉලෝන් මස්ක් වෙන්න වුණත් පුළුවන්. ඉතිං මේ සිද්ධි දෙක එකතු කරල තමයි මේ පිටපත ලියැවෙන්නෙ.


දිල්ෂාර ජයමාන්න අතින් ‘ක්‍රිකට් සාදු’ පිටපත ලියැවෙන්නෙ ඒ විදිහට. කවුද මේ ‘ක්‍රිකට් සාදු’. මොකක්ද මේ කතාවෙන් කියැවෙන්නෙ. ඒක ගැන සැකහැර දැනගැනීම ප්‍රේක්‍ෂක ඔබට භාරයි.


මේ කතාව ලියල අධ්‍යක්‍ෂණය කළ දිල්ෂාරට තමන්ගෙ නිර්මාණය ගැන කියන්න ගොඩක් දේවල් ඇති. අපි ඒ කතාව අහමු.


මම ටික කාලයක් නිහඬ වෙලා හිටියා. නමුත් කලාවෙන් ඈත් වෙලා නෙමෙයි, චිත්‍රපට කිහිපයකටම විවිධ ශානරවල පිටපත් ලිව්වා. මේ ගැන රසිතයි මමයි කතාවෙද්දි ‘ක්‍රිකට් සාදු’ගෙ පිටපත හරියට වතුරෙ ගිල්වපු රබර් බෝලයක් වගේ උඩටම මත-ුවෙනව. ඉතිං අපි හිතුවා මේක තමයි අපේ ඊළඟ නිර්මාණය කියල.


මමත් බෞද්ධයෙක්. බෞද්ධ පරිසරයක ජීවත් වෙන්නෙ. ඉගෙනගත්තෙ කොළඹ ආනන්ද විද්‍යාලයේ. නමුත් මේ නිර්මාණය කරන එක ලොකු අභියෝගයක් වුණා. නම ක්‍රිකට් සාදු වුණාට ආගමට හෝ සංඝයාවහන්සේට නිග්‍රහ කිරීමේ අරමුණක් නෑ. ටයිට්ල් එකේ තියෙන දෙයින් යමෙකුට කුතුහලයක් ඇතිවෙන්න පුළුවන්. නමුත් කතාවේ අරමුණ සහ අන්තර්ගතය මම දන්න නිසා බයක් නැතිව අභියෝගයට මුහුණ දුන්නා.


ආගමදහම හෝ ඉතිහාසය සම්බන්ධ නිර්මාණයක් කිරීම දැළි පිහියෙන් කිරි කනවා වැනි දෙයක්. නමුත් නිර්මාණකරුවන් අභියෝගයන් භාර නොගන්නේ නම් ප්‍රේක්‍ෂකයාට හොඳ හෝ නරක කියන්නට නිර්මාණයක් බිහි වෙන්නෙත් නැහැ.


ප්‍රියන්ත සහ මම වෙළෙඳ දැන්වීම් ක්‍ෂේත්‍රයේ මේ වෙනකොට අවුරුදු විස්සක් විතර වැඩ කරනව. පිටපත ලියන මුල් අවස්ථාවේ ඉඳන්ම ප්‍රධාන චරිතය වෙනුවෙන් ප්‍රියන්ත යොදාගන්නව කියන තීරණයක් තිබුණෙ නැහැ. නමුත් පිටපත ලියාගෙන යනකොට එක්තරා තැනකදි මේ චරිතයට ගැළපෙන්නෙ ප්‍රියන්ත කියන තැනට එනව.


චිත්‍රපටයේ රූගත කිරීම් ගැන කතා කළොත්, ඇත්තටම මම ගොඩක්ම වැඩ කරන්නෙ ඇඩ්වර්ටයිසින් පැත්ත නිසා පෙර සූදානම කියන දේ මම පුරුදු කරල තියෙනව. ඒ නිසා මම යන්නෙ සූදානම් වෙලා. මෙහි එන ගොඩක් ශිල්පීන් බොහොම කාර්යබහුලයි. නමුත් මෙතැනදි ඔවුන් ඔවුන්ගේ කාලය අමතරව කැප කරමින් ඉතාමත් හොඳ සහයෝගයක් ලබා දුන්නා. ඒ පෙර පුහුණු වෙනුවෙන්. මේ සූදානම නිසාම ලොකු පීඩනයක් නැතිව අපි දවස් එකොළහකින් චිත්‍රපටයේ රූගක කිරීම් අවසන් කරනව.


රූගතකිරීම් සිදුකළ විහාරස්ථානයේ මින් පෙර ජෝ අබේවික්‍රම මහත්මයාත් චිත්‍රපටයක රූගතකිරීම් සිදුකරල තියෙනව. මේ ගල්පර්වතයට නගින්න අඩි දෙසීයක් විතර ඇවිදගෙන යන්න ඕනා. උඩ හරිම රස්නෙයි. අපේ හේමසිරි මහත්මයාට දැන් වයස අසූහතරක්. නමුත් දවසට දෙතුන් වතාව ගලට නගිනව. එහෙම සහයෝගයක් මේ නිර්මාණය වෙනුවෙන් එතුමාත් ලබා දුන්නා.


චිත්‍රපටයක් එළියට එන්න සාධක කිහිපයක්ම එකතු වෙන්න ඕනා. මේ අතරින් නිෂ්පාදක විශේෂයි. ඒ වගේම ප්‍රදර්ශක මණ්ඩලයත් දැන් තීරණාත්මක සාධකයක්. ක්‍රිකට් සාදු මේ මාසයේ 28 වැනිදා පටන් තිරගත වීමට නියමිතව තියෙනව. දිල්ෂාරටත් මේ අභියෝගය එන්න ඇති.


මේ අවස්ථාව වෙනකොට චිත්‍රපට කිහිපයක්ම තිරගත වෙනව. ඒ අතරින් සාරංගගෙ ආදරණීය තරුවක් දිගින් දිගටම හවුස් ෆුල් වෙනව. ඒ ගැන අපි ගොඩක් සතුටු වෙනව. මොකද මීට කලින් පොඩි කාලසීමාවකදි ප්‍රේක්‍ෂකයන් හෝල්වලට එන එක ටිකක් අඩුවෙලා තිබුණා. නමුත් ආදරණීය තරුවක්, ඒක පෙර තත්ත්වයට ගෙනැත් තියෙනව.


විශේෂයෙන්ම එක එක ජාතියේ චිත්‍රපට දුවන්නෙ, වැඩ කරන්නෙ එක එක විදිහට. චිත්‍රපට මුදාහරිනකොට ඒකත් සැලකිල්ලට ගන්නවා නම් හොඳයි කියල මම හිතනව. මොකද හැම චිත්‍රපටයකටම සාධාරණයක් වෙන්න ඕනා.


‘ක්‍රිකට් සාදු’ පවුලේ චිත්‍රපටයක් කියන ලේබල් එකේ පොඩි වෙනසක් කරනව. ඒ ගැන ඩිල්ෂාර පැහැදිලි කළෙ මේ විදිහට.


හැම අධ්‍යක්‍ෂවරයකුටම වගේ මටත් තියෙන එකම බලාපොරොත්තුව ප්‍රේක්‍ෂකයන් වැල නොකැඩී චිත්‍රපටය බලන්න එයි කියල. පවුලේ චිත්‍රපටයක් කියල කිව්වාම ගොඩක් වෙලාවට ගන්නෙ අම්මා, තාත්තා, දුව, පුතානෙ. නමුත් මේක ආච්චිලා, සීයලාටත් ලොකු ආකර්ෂණයක් ඇතිවන නිර්මාණයක්. ඒ නිසා තමයි මේ නිර්මාණය පවුලේ චිත්‍රපටයක් කියන සීමාවෙන් එහාට යන්නෙ.


විශේෂයෙන්ම කියන්න ඕනා, අපි මේ ෆිල්ම් එක ෂූට් කරල තියෙන්නෙ ඇනමෝෆික් ලෙන්සස්වල. ඒකෙන් වෙන්නෙ ෆර්ෆෙක්ටිව් එක වයිබ් වෙන එක. අපි ඒ වගේ දෙයක් කළේ බිග් ස්ක්‍රීන් එකක ලස්සනට බලන්න. ඒ නිසා ඇප්වල දාන්න මේ අවස්ථාවේ අපේ අදහසක් නැහැ.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post