පුංචි තිරයේ ටෙශිතාව්‍යවලින් දැකපු මාව රිදී තිරයේ දකිනකොට ලොකු සතුටක් -සංජානා ගමාරච්චි

gossiplanka image 1
පුංචි තිරයේ ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් විදිහට ප්‍රසිද්ධ වෙලා හිටපු සංජානා ගමාරච්චි ඒක තමයි මේක චිත්‍රපටයෙන් සිනමාවට පිව්සිලා තියෙනවා. ඉතින් සංජානා පුංචිතිරයෙන් සිනමාවට පැමිණීම ගැන අපි හිතුවා සංජානා එක්ක කතා කරන්න. 


සිනමාවට පිවිසුන අත්දැකීම සංජානාට කොහොමද දැනෙන්නෙ?


ටී.වී දෙරණ අවුරුදු කුමරිය 2019 තරගයේ දෙවෙනි ස්ථානයට ජයග්‍රහණය කරලා පුංචි තිරයේ රංගන ක්ෂේත්‍රයට පිවිසිලා වැඩ කරගෙන යද්දි මට ඇතිවුණ ලොකුම බලාපොරොත්තුව කවදාහරි සිනමාව තුළ මට දෙයක් කරන්න ලැබෙයි කියලා. ඉතින් ඒ අවස්ථාව සුරංග ද අල්විස්ගේ ඒක තමයි මේක චිත්‍රපටයෙන් මට ලැබුණා. ඒ ගැන මම ඇත්තටම සුරංග ද අල්විස්ට ස්තූතිවන්ත වෙනවා. ලංකාවෙ ප්‍රසිද්ධම යූටියුබර්ලා විදිහට හැඳින්වෙන ජනප්‍රියා, රැට්ටා, ලෝචි,

ලකා සිකා, සිරිල් ඇතුළු පිරිස වටා තමයි ඒක තමයි මේක චිත්‍රපටයේ කතාව දිව යන්නෙ. චිත්‍රපටයට මම සම්බන්ධවෙන්නෙ රැට්ටගේ සහ සිකාගේ පෙම්වතිය විදිහට. යූටියුබ සිනමාවට ආපු ප්‍රහසන චිත්‍රපටයක් හරහා මගේ සිනමා ජීවිතය ආරම්භවීම මට ගොඩක් සතුටු හිතෙන අත්දැකීමක් වුණා.


එකපාර කොල්ලො දෙන්නෙක්ගෙ පෙම්වතිය වුණේ කොහොමද?


රැට්ටටයි සිකාටයි දෙන්නටම බැලන්ස් එකේ ආදරය කරන දඟකාර පෙම්වතියක් වෙන්න මට පුළුවන් වුණා. කොල්ලො දෙන්නෙක්ට එක පාර ආදරය කරන ආදර කතා අපි සමාජය තුළ නිතර අහනවා දකිනවා. ඉතින් ඒ විදිහෙ දඟකාර පෙම්වතියගේ චරිතයකුයි මම ඒක තමයි මේක චිත්‍රපටයේ රගපාන්නෙ. පුංචිතිරය තුළත් මම වැඩිපුර රඟපෑවෙ දඟකාර පෙම්වතියගේ චරිතය. ඉතින් සිනමාව තුළ දඟකාර පෙම්වතිය වීම මට අමුතු දෙයක් වුණේ නැහැ. 


සිනමා රංගනය වෙනුවෙන් ප්‍රේක්ෂකයන්ගෙන් ලැඛෙන ප්‍රතිචාර කොහොමද?

පුංචි තිරයේ ටෙශිතාව්‍යවලින්  දැකපු මාව රිදී තිරයේ දකිනකොට ලොකු සතුටක් ඇතිවෙනවා කියලා මේ දවස්වල ප්‍රේක්ෂකයො මට කියනවා. ප්‍රහසන චිත්‍රපටයකින් මේ විදහට පටන්ගත්ත මගේ සිනමා ජීවිතය චරිතාංග නිළියක් විදිහට ඉස්සරහට ගෙනියන්න කියලා ගොඩක් අය මට ආශිර්වාද කරනවා.


තවත් චිත්‍රපටයකින් සංජානා රසිකයො අතර එන්න සූදානමින් ඉන්නවා කියලා ආරංචියි?


ඔව්. සාරංග දිසාසේකර නිෂ්පාදනය සහ ඩිල්ෂාන් අමරසිංහ අධ්‍යක්ෂණය කරපු ආදරණීය තරුවක් චිත්‍රපටයෙන් ළඟදීම රසිකයන්ට මාව දකින්න පුළුවන්.


සංජානා මේ දවස්වල toxic පෙම්වතෙක් නිසා කරදර විඳිනවා නේද?


මාව නිතරම සැක කරන, මම ගැන අවිශ්වාස කරන පෙම්වතෙකු එක්ක මම ජහුටා ටෙලිනාට්‍යයේ පෙමින් වෙළිලා ඉන්නවා. කොච්චර සැක කළත් කොච්චර රණ්ඩු කළත් ජහුටා ටෙලිනාට්‍යයේදී මම පෙම්වතා මත්තෙම

ඉන්නවා. අවංකව ආදරය  කිරීම සහ පෙම්වතාගේ ආදරය විඳීමේ අවශ්‍යතාවය මත toxic පෙම්වතෙක් එක්ක මේ විදිහට ජහුටා ටෙලිනාට්‍යයේ මම රඟපාන ආකර්ශනා රැඳිලා ඉන්නවා කියලා මම හිතනවා. නමුත් තමන්ගෙ නිදහස අහිමි කරලා හැමතිස්සෙම සැකයෙන් අවිශ්වාසයෙන් ඉන්න පෙම්වතෙකු එක්ක රැඳිලා ඉඳීම මෝඩකමක් විදිහටයි මම පෞද්ගලිකව විශ්වාස කරන්නෙ.


රංගන ක්ෂේත්‍රය තුළ මේ තාක් ආපු ගමන ගැන සංජානාගේ අදහස මොකක්ද?


රංගනයෙන් මම තාම සුළු දෙයක් විතරයි කරලා තියෙන්නෙ. මේ තාක් මට වැඩිපුර රඟපාන්න ලැබිලා තියෙන්නෙ කෙළිලොල් දඟකාර චරිත. රාමුගත චරිතවලින් එහාට ගිය විවිධ විදිහෙ චරිත රඟපාන්න පුළුවන් චරිතාංග රංගන හැකියාවක් මට තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් මගේ රංගන හැකියාව අඳුරගත්ත නිර්මාණකරුවෙක් වෙනස් විදිහෙ චරිතයක් ලබාදෙනකන් ඉවසීමෙන් බලන් ඉන්නවා.


රංගන ජීවිතය තුළ පසුතැවීම් තියනවද?


ඔව්. පෞද්ගලික හේතුවක් මත මම කාලයක් රංගන ජීවිතයෙන් ඈත්වෙලා හිටියා. ඒ කාලය තුළ මම මගහැරුණු කාලය ගැන පසුතැවෙනවා

ක්ෂේත්‍රයේ හිටියා නම් ලොකු වැඩ කොටසක් මට කරන්න තිබුණා කියලා මම විශ්වාස කරනවා. 


ඉතින් ඒ මගහැරුණු කාලය ගැන මම පසුතැවෙනවා. ජීවිතය ගැන බලාපොරොත්තු මොනවද?


මට මාව දිනවන්න ඕන කියන බලාපොරොත්තුව තියෙනවා. හැබැයි මොනම දෙයක්වත් ලොකුවට බදාගෙන ජීවිතයේ නිදහස නැතිකරගන්න මම කැමති නැහැ. ඒ නිසා මම වැඩිපුර කැමති අද දවසේ වැඩ ටික කරලා සතුටින් ඉන්න. මගේ දෛවය අනුව මට වාසනාව තියෙනවා නම් දෙයක් ලැබෙයි කියන

විශ්වාසය තියාගෙන ජීවිතය ගෙවනවා.


මහත්වෙලා හිටපු සංජානා කෙට්ටු වුණේ ඇයි?


රංගන ක්ෂේත්‍රයට ආපු මුල් කාලෙදි මම ගොඩක් මහතයි. මහත මාව රසිකයොත් ආදරයෙන් පිළිගත්ත නිසා කෙට්ටු වෙන්න වැඩිය උනන්දු වුණේ නැහැ. දිගටම මහත විදිහට ඉන්නකොට රසිකයො කිව්වා කෙට්ටු වුණා නම් හොඳයි කියලා. ඉතින් මම workout කරලා කෙට්ටු වුණා. නළුනිළියො වෙලා ඉන්න අපිව වැඩිපුර අයිති රසිකයන්ට. ඉතින් එයාලා කියන දේ ගැන අපි සලකා බලන්න ඕන.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post