ගණිකාවකගේ කතාව සිනමාවේ රගපාන්න ලැබීම ගැන පබෝදා සන්දීපනී කියපු දේ

gossiplanka image 1
 


ගණිකාවකගේ ජීවිතය ඇසුරුකරගෙන නිර්මාණය කරන ලද අභිසාරි චිත්‍රපටය මේ දිනවල ප්‍රේක්ෂකයන්ගේ උණුසුම් ප්‍රතිචාර මැද සාර්ථකව තිරගතවෙනවා. රිදී තිරය තුළ කවදත් සරාගී ගින්දරියක් වුන පබෝදා සන්දීපනී විසිනුයි ගණිකාවකගේ කතාව ප්‍රේක්ෂකයො අතරට ගේනඑන්නෙ. සිනමාව තුළ මේ විදිහට අභිසාරිකාවක් වුන අත්දැකීම ගැන දැනගන්න අපි හිතුවා පබෝදා එක්ක කතා කරන්න.


1. අභිසාරී පබෝදගේ රංගන ජීවිතයේදි රගපාපු කීවෙනි චිත්‍රපටයද ?


මේ දවස්වල තිරගතවෙන මගේ අලුත්ම චිත්‍රපටය අභිසාරි මම රගපාපු කීවෙනි චිත්‍රපටයද කියලා නම් හරියටම මතක නැහැ⁣. මේ වෙද්දි මම රංගන ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 35 ක් වෙනවා. මේ අවුරුදු 35 ට මම චිත්‍රපට 20 ට වඩා රගපෑවා.


2. පබෝදා සිනමාවේ කරපු දේවල් ගැන සතුටු වෙනවද ?


ඇත්තෙන්ම නැහැ⁣. කාම රැල්ලෙ චිත්‍රපට යුගය ප්‍රේක්ෂකයො ප්‍රතික්ෂේප කිරීමත් එක්ක සිනමාව අලුත් යුගයකට ගෙනියන්න ඕන කියන 90 දශකයේ අර්බුදකාරී කාලෙදියි මම සිනමාවට පිවිසුනේ. ඒ වෙද්දි මම නව යෞවනියක්. ඉතින් මම සිනමාවට පිවිසුන අනූව දශකයේදි ඒ තරම් ප්‍රමිතියක් තියන නිර්මාණ බිහිවුනේ නැහැ⁣. 90 දශකයෙන් පසුව පටන්ගත්ත 2000 දශකයේදිත් ලාංකීය සිනමාව ඒකාකාරි රැලි වල⁣ට කොටු වුණා. ඉතින් එකම විදිහට නිර්මාණය වුන චිත්‍රපට තුළ නළුනිලියන්ට වැඩි දෙයක් කරන්න තිබුනෙ නැහැ⁣. මෑතකදි තරුණ නිර්මාණකරුවො ක්ෂේත්‍රයට සිනමාවට පිවිසිලා වර්තමාන ප්‍රේක්ෂකයාගේ රසවිදින්දනයට ගැ⁣ලපෙන නිර්මාණ කිරීම හරහායි මම ඇතුලු ගොඩක් නළුනිලියන්ට දක්ෂතා පෙන්නන්න පුළුවන්වෙලා තියෙන්නෙ. ඉතින් අවුරුදු 35 ක රංගන ජීවිතය දිහා හැරිලා බැලුවහම ඊට වඩා ලොකු දෙයක් රංගනයෙන් කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඒ නිසා අවුරුදු 35 ක රංගන ජීවිතය තුළ මට කරන්න ලැබුන දේවල් ගැන මම ඒ තරම් තෘප්තිමත් වෙන්නෙ නැහැ⁣.


3. නව යෞවන වයසෙ හිටපු පබෝදා අර්බුදකාරී වතාවරණය තුළ සිනමාවට ඇවිත් ගැටළුවක් නැතුව රැදිලා ඉන්න පුළුවන් වුනාද ?


ඔව්. අනිත් හැම වෘත්තීය ක්ෂේත්‍රයකම වාගේ සිනමා ක්ෂේත්‍රය තුළත් හොද මිනිස්සු සහ නරක මිනිස්සු ඉන්නවා. ප්‍රසිද්ද නිලියක් කරවලා ක්ෂේත්‍රයේ ඉහලට ගෙනියන්න පුළුවන් කියලා අයුතු යෝජනා කරන මිනිස්සුත් සිනමාවෙ ඉන්නවා. ඒ විදිහෙ වංචනික මිනිස්සුන්ගෙන් බේරිලා ඉදිරියට යන්න මට මග පෙන්නුවෙ මගේ අම්මා. මම ක්ෂේත්‍රයට එනකොට මගේ අම්මා ගීතා කාන්ති ජයකොඩි රංගන ක්ෂේත්‍රයේ අත්දැකීම් වැඩි ප්‍රවීන රංගනශිල්පිනියක්. අම්මට ක්ෂේත්‍රයේ වැඩ වෙන විදිහ ගැන සහ ක්ෂේත්‍රයේ ඉන්න මිනිස්සු ගැන හොද අවබෝදයක් තිබුනා. ඒ නිසා මම ක්ෂේත්‍රයට ආපු කාලෙදි කරදරවලින් බේරිලා හරි විදිහට ඉස්සරහට යන්න අම්මා මට හොද මගපෙන්වීමක් ලබා දුන්නා.


4. ගණිකාවකගේ චරිතය තේමා කරගෙන චිත්‍රපටයකින් ආරාදනා ලැබෙනකොට මොකද හිතුනෙ ?


ගණිකාවක් කියන්නෙ සමජයේ ආන්දෝලනාත්මක චරිතයක්. හැම කෙල්ලෙක්ම කැමතියි හොද තත්වයක් පිළිගැනීමක් උසස් රැකියාවක් කරන්න. හැබැයි සමහර කෙල්ලො අවුරුදු 16 - 18 වයස්වලදි ගණිකාවො වෙනවා. ඇයි එහෙම ගණිකාවො වෙන්නෙ කියලා හොයලා බැලුවොත් ගණිකාවක් වුන හැම කෙල්ලෙක් පිටුපසම ලොකු කතාවක් තියනවා. ගණිකාවක් වෙලා ගෙනියන ජීවිතයටත් සුන්දර හෝ අසුන්දර කතාවක් තියනවා. ඉතින් චින්තන ධර්මදාසගේ අභිසාරි චිත්‍රපටය ප්‍රේක්ෂකයන්ට කියන ගණිකාවගේ චරිතයෙන් මට ආරාදනා ලැබුනහම මට තේරුනා මගේ රංගන හැකියාවෙන් මේ තාක් රගපාපු නැති වෙනස් රංගන පරාසයකට ගිහින් ලොකු දෙයක් මේ චිත්‍රපටයේදි කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා මම අභිසාරි චිත්‍රපටයේ ඉන්දු වෙන්න තීරණය කළා.


5. ගණිකාවක් විදිහට රගපාන්න අවදානමක් තිබුනෙ නැද්ද ?


ගණිකාවක් විදිහට රගපෑමෙදි මම කිසිම අවදානමක් ගැන සැලකුවෙ නැහැ. මම වෘත්තියෙන් නිලියක්. සමාජයේ ජීවත්වෙන හෝ මනක්කල්පිත චරිත රගපානඑකයි මගේ වෘත්තිය. මගේ අම්මත් රංගන ජීවිතය ගැන අවබෝදය තියන රංගනශිල්පිනියක්. මගේ දරුවත් මම රංගනශිල්පිනියක් කියලා දන්නවා. ඉතින් ඒ නිසා මම සිනමාවේ ගණිකාවකගේ චරිතයක් රගපෑම ගැන පෞද්ගලික ජීවිතයට සම්බන්ධවෙලා ඉන්නඅයගෙන් මට බලපෑමක් එල්ලවුනේ නැහැ⁣. රංගනය මගේ වෘත්තිය නිසා ප්‍රේක්ෂකයො මොනවා කියයිද කියන දේ ගැනවත් සැලකිල්ලට ගන්නෙ නැතුවයි මම අභිසාරි ගණිකාවකගේ චරිතය රගපෑවෙ.


6. සමාජය තුළ ගණිකාව ගැන යහපත් අදහස් නැහැ⁣...


ඔව්. ගණිකාව කරන්නෙ මුදලට ඇග විකිණීම. හැබැයි ඒ හරහා සමාජයට වෙන්නෙ සේවයක්. කෑමබීම, ඇදුම් පැලදුම්, නිවාස සහ ලිංගිකත්වය මනුස්සයන්ගේ ජීවිතයට අවශ්‍ය දේවල්. ප්‍රශ්න සහ වගකීම් විතරක් පිරුණු ජීවිතවලට යම් මානසික හා කායික සතුටක් ලැබෙන්නෙ ලිංගික පහසෙන්. ඉතින් අපේ ජීවිතයට ලිංගික පහසක් කොහෙන්වත් ලැබෙන්නෙ නැත්තන් මුදලට ඒ සේවාව ලබාදීලා පාරිභෝගිකව තෘප්තිමත් කිරීම ගණිකාව කරන්නෙ. සමාජය වියවුල් තත්වයට පත්වෙන්නෙ නැතුව අසහනය සහ පීඩනය අඩු කරලා සමාජය යහපත් විදිහට කළමනාකාරණය කිරීමක් ගණිකාව හරහා සිද්දවෙන්නෙ. ඒ නිසා ගණිකා වෘත්තිය නරක දෙයක් විදිහටවත් පිළිකුල් සහගත දෙයක් විදිහට හදුන්වනවාට වඩා සමාජයේ අනෙක් පිළිගත් වෘත්තීන් විදිහටම ගණිකා වෘත්තිය පිළිගත් වෘත්තියක් විදිහට හැදින්වීම කලයුතුයි කියලයි මගේ අදහස.


7. ගණිකාවන්ට පැවැත්මක් තියෙන්න ඕන කියලද පබෝදා කියන්නෙ ?


ඔව්. ගණිකාව කරන්නෙ වියවුල් සමාජයේ පීඩනය අඩු කරලා සමාජය සංසුන්ව කළමනාකාරණය කිරීම. ඉතින් ගණිකාවට පැවැත්මක් තිබිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ගණිකා වෘත්තිය කරගෙන යාමට අවශ්‍ය නීති සංශෝධනය කරලා පිරිසිදුව පවත්වගෙන යාමට සනීපාරක්ෂක වැඩපිළිවෙළක් සැකසීම ගණිකා වෘත්තියෙ පැවැත්ම සදහා සිදුවිය යුතුයි කියලා මම හිතනවා.


8. ගණිකා වෘත්තිය නීතිගත කරලා තව පුළුල් කලොත් පවුල් ජීවිත බේරගන්න බැරිවෙයි කියන සමාජය දරණ අදහස ගැන මොකද හිතන්නෙ ?


ගණිකා වෘත්තිය නීතිගත කිරීම තුළින් වෙන්නෙ ගණිකා වෘත්තිය කරගෙන යාමට අවසරය ගැන කොලයක ලියවෙන එකනෙ. අවසර දෙන්නෙ කොලයක ලියවුනේ නැති වුනත් බුද්ධ කාලෙ ඉදලා අදටත් අඛණ්ඩව ගණිකා වෘත්තිය පැවත එනවනෙ. ගණිකා වෘත්තිය තිබුනයි කියලා මේ තාක් විශේෂයෙන් පවුල්වලට හානිවෙලා නැහැ⁣. පිරිමියෙක් ගණිකාවක් ඇසුරුකරපු පලියට පිරිමියා ගණිකාවව ගෙදර ගෙනිහින් පවුලට සම්බන්ධ කරගන්න උත්සාහ කරන්නෙ නැහැ⁣නෙ. ඔන්න ගෙදර ගෙනියන්න උත්සාහ කරනවානම් එතන තියෙන්නෙ පෙම්වතිය හෝ බිරිද එක්ක පවතින සම්බන්ධයේ ගැටළුවක්. ඒ ගැන ඇතුලුව ගොඩක් දේවල් ගැන අභිසාරි චිත්‍රපටයෙන් අපි ප්‍රේක්ෂකයන්ට කියනවා.


9. සමාජය ගණිකාව විතරක් නරක ගැහැණිය කරලා ගණිකාව ඇසුරු කරන පිරිමියව සුද්දවන්තයො කරන්නෙ ඇයි ?


ඒකට හේතුව ලංකාවෙ මිනිස්සු හිතන පතන විදිහ සහ අධ්‍යාපන ක්‍රමවේදය. ගණිකා වෘත්තියෙ යෙදෙන ගණිකාව වැරදිත් නැහැ⁣. ගණිකාව ඇසුරු කරන පිරිමි වැරදිත් නැහැ⁣. ගණිකා වෘත්තිය අමුතු ජරා දෙයක් කියලා හිතාගෙන සදාචාරමය තත්වය බේරගන්න තමයි ගණිකා වෘත්තිය කරන කාන්තාවටම සමාජය සම්පූර්ණ වැරැද්ද පටවලා තියෙන්නෙ. මේ නිසා ගණිකා වෘත්තිය කරන කාන්තාවො තමන් කවුද කියලා සමාජයෙන් හංගගෙනයි මේ වෘත්තිය කරන්නෙ. වෘත්තියෙන් ගණිකාවක් වුනාට ඒ කාන්තවන්ටත් අපි හැමෝටම වගේ සාමාන්‍යය ජීවිතයක් උරුමයි.


10. ගණිකාවකගේ කතාව පබෝදට සිනමාවෙන් ප්‍රේක්ෂකයන්ට කියන්න ලැබුන අත්දැකීම කොහොමද දැනෙන්නෙ ?


මෑතක් වෙනතුරුම ලාකාවේ සිනමාව ඒකාකාරි විදිහට ගලාගෙන ගියෙ. ඒ අතරින් අභිසාරි ගණිකාව ගැන, ගැහැණු පිරිමි ආදර සම්බන්ධතාවල ඇතිවන real තත්වය ගැන, tansgrnder, විකෘති කාම ආශා පුද්ගලයො ඇතුළු සම්මත අසම්මත බාවයේ රසවත් සහ අසුන්දර තැන් ගැන කියන චිත්‍රපටයක් විදිහට ප්‍රේක්ෂකයො අතරට එනවා. සමජයේ ආන්දෝලනාත්මක චරිතයකින් ප්‍රේක්ෂකයො අතරට එන අතරෙ ප්‍රේක්ෂකයා වියදම් කරන මුලට වටිනාකමක් දෙන, රසවින්දනයට අර්ථයක් දෙන අභිසාරි චිත්‍රපටයට සම්බන්ධවීම ගැන මට ගොඩක් සතුටුයි.


11. පබෝදා අභිසාරි චිත්‍රපටයේදි තොල් සිපගැනීමේ දර්ශනයකට සම්බන්ධවෙලා තියනවා...


ඔව්. කලින් කිව්වා වගේ මම වෘත්තීය රංගනශිල්පිනියක්. මම කැමතියි රංගන වෘත්තිය ඇතුලෙ සීමා බිදගෙන වෙනස් වෙනස් රංග පරාසවලට යන්න. ඉතින් වෘත්තීය රංගනශිල්පිනියක් විදිහට මම අභිසාරි චිත්‍රපටයේදි තොල් සිපගැනීමේ දර්ශනයක රගපෑවා. රංගනශිල්පිනියක් විදිහට මට ඒක සාමාන්‍යය දෙයක් විදිහටයි දැනුනෙ.


12. සැබෑ ජීවිතයේ පබෝදට ගණිකාවන්ව මුණගැහිලා තියනවද ?


ඔව්. අභිසාරි චිත්‍රපටය නරඹපු ගණිකාවො මට හම්බවුනා. අපිට සාමාන්‍යයෙන් පන්සල්වල, පල්ලිවල, වෙළෙදපොලේදි, මගතොටේදි හම්බවෙන කාන්තාවො වගේ ඔවුනුත් බොහොම සාමාන්‍ය කාන්තාවො. අභිසාරි නරඹපු ඔවුන් කිව්වෙ මම සිනමාව හරහා මේ ඉදිරිපත්කරලා තියෙන්නෙ ඔවුන්ගේ කතාව කියලා. දුක් ගැහැට විදගෙන ඔවුන් ගණිකා වෘත්තිය කරන විදිහ ගැනත් ඒ හරහා උපයන මුදල් වලින් ඔවුන්ගේ දෙමව්පියො සහ දරුපවුල් නඩත්තු කරන විදිහ ගැන මට කිව්වා. එවැනි අපහාස, කරදර විදගෙන ගණිකා වෘත්තිය හරහා රක්ෂාවෙන කාන්තාවො ගැන අභිසාරි හරහා කියන්න ලැබීම ගැන රංගනශිල්පිනියක් විදිහට මම ආඩම්බර වෙනවා.


ලක්ෂාන් ජයසූරිය

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post