දේශපාලනඥයාගේ සල්ලි කතාවට රිතූගෙන් සැර උත්තරයක්

gossiplanka image 1
 පහුගිය දවස් ටිකේම සමාජ මාධ්‍යවල ලොකුවටම කතා වුණේ ජනප්‍රිය රංගන ශිල්පිනී රිතූ ආකර්ෂාගේ ගිණුමට ප්‍රසිද්ධ දේශපාලඥයෙක්ගෙන් කෝටි ගණන් සල්ලි ආවා කියන කතාවක් ගැනනේ. 



කටකතා එන්න එන්නම වැඩි වෙද්දී, තමන්ගේ නමට මඩ ගහන අයට රිතූ ඇගේ නිල සමාජ මාධ්‍ය ගිණුම හරහා අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිකුත් කරලා නියම උත්තරයක් දීලා තිබෙනවා.


මේ කතාවල කියැවුණේ 2010 - 2012 කාලේ අදාළ පෞද්ගලික බැංකුවේ තිබෙන රිතූ නමැති තැනැත්තියකගේ ගිණුමකට මුදල් බැර වෙලා තිබෙනවා කියලයි. හැබැයි රිතූ ආකාර්ෂා ඉතාම වගකීමෙන් කියන්නේ ඇයට කවදාවත්ම එම බැංකුවේ ගිණුමක් තිබිලා නැහැ කියන එකයි. කතාවෙන් විතරක් නතර නොවුණු ඇය, මේ බව තහවුරු කරමින් අදාළ බැංකුවෙන් ගත්තු නිල ලිපියක් පවා ප්‍රසිද්ධ කරලා මේ මඩ ප්‍රචාරය බොරුවක් බව ඔප්පු කර හමාරයි.


රිතූගේ මේ ප්‍රකාශයේ තියෙන කාගෙත් ඇස් ඇරුණු කාරණාව තමයි මේ සල්ලි දැම්මා කියන කාලය. රිතූ පැහැදිලිවම කියන්නේ, "අධිචෝදනාපත්‍රයේ සඳහන්ව ඇති 2010-2012 කාල පරිච්ඡේදයේ දී මා පාසල් ශිෂ්‍යාවක්" කියලයි. ඉතින් ඉස්කෝලෙ යන ළමයෙකුගේ එකවුන්ට් එකකට මේ විදිහට දේශපාලනඥයින්ගෙන් සල්ලි ආවා කියන කතාව කොච්චර විහිළුවක්ද කියලා දැන් හැමෝටම පැහැදිලියි.


තමන්ගේ නම විකුණගෙන, ෆොටෝ දාගෙන ප්‍රතිරූපයට වගේම වෘත්තීමය කීර්ති නාමයට හානි කරන පේජ් කාරයින්ටයි, මාධ්‍යවලටයි මේ වෙද්දීත් නීතිමය පියවර ගන්නා බව ඇය කියනවා. ඒ වගේම ඉස්සරහටත් මේ වගේ බොරු තොරතුරු පළ කරන ඕනෑම කෙනෙක්ට විරුද්ධව තරාතිරම නොබලා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ඇය කියා සිටියා.


ප්‍රසිද්ධ දේශපාලනඥයෙකුට එරෙහිව අල්ලස් හා දූෂණ කොමිසමෙන් මහාධිකරණයේ පවරලා තියෙන නඩුවක් තමයි මේ හැමදේකටම මුල. අදාළ දේශපාලනඥයා ඇමතිවරයෙක්ව සිටි කෙටි කාලයක් තුළ අතිවිශාල ධනයක් (රුපියල් මිලියන 485ක් පමණ) උපයාගත් බවට කෙරෙන මේ නඩුවේ අධිචෝදනා පත්‍රයක, රිතූ අකාර්ශා නමැති තැනැත්තියක් වෙනුවෙනුත් මුදලක් වැයකර ඇති බවට සඳහන් වෙලා තිබුණා කියන කාරණය මත තමයි මේ කටකතා නිර්මාණය වෙලා තිබුණේ.


අපි ඇයගෙන් මේ සිදුවීම සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ ඇය මෙසේ අදහස් දැක්වූවා,


"අද තමයි මම ඒ බැංකුවට ගියේ, මම දන්නවා කාගෙද එකවුන්ට් එක කියලා. නමුත් ඒ එකවුන්ට් එක කාගෙද කියලා කියන්න අයිතියක් මට නැහැ. හැබැයි ඒ බැංකුවේ මගේ නමට කවදාවත් එකවුන්ට් එකක් තිබිලත් නැහැ. එතකොට මං ඉස්කෝලේ යනවා. මම හෙට අදාළ පත්තරේට විරුද්ධව සහ අල්ලස් එකට විරුද්ධව නඩු දාන්නේ.. අද තමයි බැංකුවෙන් ස්ටේට්මන්ට් එක ලැබුණේ.."

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post