මෙම විවාහ උත්සවය කැරිබියන් මුහුදේ පිහිටි Richard Bransonගේ ප්‍රසිද්ධ පෞද්ගලික දූපතක් වන Necker Island හිදී ඉතා පෞද්ගලික ආකාරයෙන් පැවැත්වී ඇති අතර, සමීප පවුලේ සාමාජිකයන් සහ මිතුරන් ඇතුළුව අමුත්තන් 70 දෙනෙකු පමණ සහභාගී වී තිබෙනවා.
Thea Booysen දකුණු අප්‍රිකානු content creatorවරියක්, gamerවරියක් සහ ලේඛිකාවක් ලෙස හඳුනාගෙන ඇති අතර, MrBeast සහ ඇය 2022 වසරේ සිට ආදර සම්බන්ධතාවයක සිටියා. ඔවුන් 2024 නත්තල් දිනයේදී විවාහ ගිවිසගත් අතර, මේ වන විට විවාහ දිවියට පිවිස තිබෙනවා.
MrBeast මීට පෙරද තම විවාහය විශාල මාධ්‍ය සංදර්ශනයක් බවට පත් නොකර, පෞද්ගලිකව සහ සමීපතමයන් සමඟ සැමරීමට කැමති බව ප්‍රකාශ කර තිබුණා.
ඒ අනුව මෙම විවාහ උත්සවයද සීමිත අමුත්තන් පිරිසක් සමඟ සරල හා පෞද්ගලික අයුරින් සංවිධානය කර තිබෙනවා.