තායිලන්තයේ පැවැත්වෙන Miss Global වේදිකාවේ ලංකාව නියෝජනය කරන වොනාරා

gossiplanka image 1
තායිලන්තයේ පැවැත්වෙන Miss Global ජාත්‍යන්තර තරඟාවලියට ඔබගේ සූදානම මොනවගේද?ලබන සැප්තැම්බර් මාසයේදී තායිලන්තයේ පැවැත්වෙන Miss Global ජාත්‍යන්තර තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මම සහභාගී වෙනවා. ඒ වෙනුවෙන් මේ දින වල පුහුණුවීම් කරනවා වගේම මගේ National Costume වල වැඩ කටයුතු, ප්‍රචාරණ වැඩකටයුතුත්, කරගෙන යනවා. ප්‍රචාරණ වැඩ කටයුතුවලට විවිධ මාධ්‍ය ආයතන මට ගොඩක් උදව් කරනවා. විශේෂයෙන්ම නවලිය කාන්තා පුවත්පත මතක් කරන්නම ඕනි. මගේ හදුන්වා දීමේ වීඩියෝව පවා නිර්මාණය කළේ ලංකාවෙදී.ලංකාවෙදී ලැබෙන ප්‍රතිචාර මොනවගේද?මම ගොඩක් කාලෙකින් ලංකාවට ආවත් ලංකාවේ මිනිස්සු හරිම සපෝටිව් වගේම හරිම ආදරණීයයි. ගොඩක් හොද ප්‍රතිචාර දිරි ගැන්වීම් මට ලැබෙනවා. ගොඩක්ම මගේ පවුලේ අය යාළුවො මේ වෙලාවේ මාත් එක්ක ඉන්නවා.පවුලේ විස්තර කියන්න?මට ඉන්නේ මගේ අම්මයි තාත්තයි අයියයි, මට තියෙන්නේ හරිම ආදරණීය පවුලක්. මම ඉපදුනෙත් ලංකාවේ. වයස අවුරුදු හය වෙනකල්ම මම හිටියෙත් ලංකාවේ. ඊට පස්සේ මම අධ්‍යාපන කටයුතුවලට අවුරුදු තුනකට තායිලන්තයට ගියා. ඊටපස්සේ මම නෙදර්ලන්තයට ගියා. මේ වෙනකොට මම මගේ පවුලේ අයත් එක්ක ජීවත්වෙන්නේ නෙදර්ලන්තයේ.අධ්‍යාපන වැඩකටයුතු ගැන කතා කළොත්?මම නෙදර්ලන්තයේ ‘The Hague‘ විශ්වවිද්‍යාලයේ යුරෝපීය දේශපාලනය (European Politics) හදාරනවා. මම ගොඩක්ම කැමති දේශපාලන ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න. ඒ වගේම මම රංගනය පිළිබඳවත් අත්දැකීම් ලබා ගනිමින් ඉන්නවා.


රූ රැජිණක් ලෙස පැමිණි ගමන් මඟ මොනවගේද?මම මගේ ගමන පටන් ගත්තේ අවුරුදු 18 දී නෙදර්ලන්ඩ් පැජන්ට් එකෙන, එතෙනදී පළාත් මට්ටමින් Top 5 අතරට එන්න මට පුලුළුවන් වුණා. ඊට පස්සේ Miss Globe Netherlands හරහා ප්‍රථම වරට ජාත්‍යන්තර වේදිකාවක ශ්‍රී ලංකාව නියෝජනය කරන්න මට අවස්ථාව ලැබුණා, එහිදී විශිෂ්ටතම ජාතික ඇඳුමට හිමි “BestNational Costume” සම්මානය මම දිනා ගත්තා. ඒ වගේම ඉතාලියේ වෙරෝනා හි පැවති “Miss Sri Lanka Europe International” තරඟයෙන් “Miss Global Sri Lanka” කිරුළ දිනා ගන්න මට පුළුවන් වුණා. මේ පැජන්ට් එක ජයග්‍රහණය කිරීමටත් වඩා මම සතුටු වුණේ මේ තරගයේදී ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ව ගොඩක් ඇසුරු කරන්න ලැබුණු එකට. මේ හැමදේටම මගේ නැෂනල් ඩිරෙක්ට උද්දිමා ඕෂධි ද සිල්වා මට ගොඩක් උදව් කළා. ඇයට ස්තූති කරන්නත් මේක අවස්ථාවක් කරගන්නවා.ඔබෙන් සමාජ සේවා කටයුතුවලට ලැබෙන දායකත්වය මොනවගේද?ආබාධිත පුද්ගලයන්ගේ දක්ෂතා ඇගයීමට සහ අසරණ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට “The Valiant Hearts Project˜” නමින් පදනමක් මම විසින් ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම මම Child Action Lanka සංවිධානයේ ළමා අයිතිවාසිකම් තානාපතිනියක් මෙන්ම UNICEF ශිෂ්‍ය කවුන්සිලයේ (UNICEF Student Council) සාමාජිකාවක්. ඉතින් මම ගොඩක්ම දරුවන්ගේ අයිතිවාසිකම් සහ අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්.


ලංකාව නියෝජනය කිරීමට ලැබීම දැනෙන්නේ කොහොමද?


ලංකාව කියන්නේ හරිම ලස්සන රටක්. අපි පුංචි දූපතක් වුණාට අපේ සංස්කෘතිය අපේ ඉතිහාසය හරිම පොහොසත්. අපේ භාෂාව ලෝකේ වෙන කිසිම රටක නැහැ.


අපේ මිනිස්සු හරිම ආදරණීයයි. මම ජාත්‍යන්තර වේදිකාවේ නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාවේ කාන්තාවන්. ඉතින් ලංකාව නියෝජනය කරන්නට ලැබීම ගැන මට තියෙන්නේ ලොකු ආඩම්බරයක්.අනාගත බලාපොරොත්තු මොනවද?මට ඕනි ලංකාව කියන නම පැජන්ට් ඉන්ඩස්ටි්‍ර එකේ ඉහළින්ම තියෙනවා දකින්න. ඒ වෙනුවෙන් මම මට හැකි උපරිම දේ මගේ රට වෙනුවෙන් කරනවා.


ඒ වගේම මම මේ වෙනකොටත් ප්‍රභාත් සේනාරත්න ධම්ම පදය මුල්කරගෙන අධ්‍යක්ෂණය කරපු අලුත්ම චිත්‍රපටයකටත් රංගනයෙන් දායක වුණා. ලලිත් එදිරිසිංහ මහතාගේ අලුතින් එන ඩ්‍රාමා එකටත් මම එකතු වෙලා ඉන්නවා. ඒ වගේම කොමෂල් කීපයකත් එකතු වෙලා ඉන්නවා.රසාංජලී වාසල ✍️

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
Previous Post Next Post