ඇත්තම කිව්වොත් මගේ ජීවිතේ අංක එක මානසික නිදහස -දසුනි

gossiplanka image 1
 


දසුනි කියන්නේ කවුද?


මම රංගන ශිල්පිනියක්, නිරූපිකාවක් වගේම නිවේදිකාවක්. ඒ වගේම හරිම අවංක, සංවේදී කෙනෙක්. මම කැමති සතුටින් මගේ පාඩුවේ ජීවත් වෙන්න. ඇත්තම කිව්වොත් මගේ ජීවිතේ අංක එක මානසික නිදහස.


කලාවට සම්බන්ධ වෙන්නේ කොයි කාලේ ද?

2021 වර්ෂයේ දී තමයි මම කලාවට සම්බන්ධ වුණේ.


මේ හැබෑ වුණේ පොඩි කාලයේ ඉඳන් තිබ්බ හීනයක් ද?

පොඩි කාලේ ඉඳන්ම අවුරුදු කුමාරි තරග බලලා අවුරුදු කුමාරියක් වෙන්න ඕනි කියාලා ආශාවක් තිබ්බා. නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් වෙන්න තිබ්බා නම් කියලා අහිංසක හීනයකුත් නොතිබ්බාම නොවෙයි. මුල් කාලයේ මගේ පවුලේ අය මම කලාවට සම්බන්ධ වෙනවට ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. ඒ නිසා ඒ හීන ගැන ලොකුවට හිතන්න ගියෙත් නෑ. ඒත් දෛවෝපගත විදියට එදා මම දැකපු හීන අද වෙනකොට හැබෑ වෙලා තියෙනවා.


මේ දිනවල වැඩ කටයුතු ගැන කතා කළොත්?

මේ දිනවල කලා කටයුතුවලින් පොඩ්ඩක් ඈත් වෙලා විශ්වවිද්‍යාලයේ විභාග කටයුතුවලට මුල් තැන දීලා තියෙන්නේ. පහුගිය කාලයේ භාරගත්ත වැඩත් එක්ක ලෙක්චර්ස්වලට වත් සම්බන්ධ වෙන්න බැරි වුණා. මේ බ්‍රේක් එකෙන් පස්සේ භාරගත් වැඩ ගොඩකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තවෙන් ඉන්නවා.


පවුලේ විස්තර මොනවාද?


මට මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි. මම පවුලේ තනි ළමයා. එහෙමයි කියලා මම ළද බොළඳ විදියට හැදුණු කෙනෙක් නම් නෙවෙයි.අධ්‍යාපන කටයුතු ගැන කතා කළොත්?මම පාසල් අධ්‍යාපනය සාර්ථකව අවසන් කළා. මේ වෙනකොට කැලණිය විශ්වවිද්‍යාලයේ පෝස්ට්ග්‍රැජුවේට් පාඨමාලාව හදාරනවා. පශ්චාත් උපාධි පාඨමාලාව එක ඉවර කරපු ගමන් මාස්ටර්ස් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා.

ඔබේ උපන්දිනය දවසේ ඔබේ ප්‍රේමවන්තයා ගැන අපූරු සටහනක් සමාජ මාධ්‍යට එකතු කර තිබුණා. ඔහු ගැනත් මතක් කරමු ?

ඒ සඳහන කළේ උපන් දිනය දවසේ නම් නෙවෙයි. මගේ උපන්දිනයට තව කල් තියෙනවා. ඇත්තටම මට කෙනෙක් ඒ විදියටම මගේ බෙල්ලේ ආකර්ෂණීය ලස්සනක් තියෙන බව කියලා තියෙනවා. කොහොම වුණත් මම ඒ කිව්වේ මගේ ආදරවන්තයා ගැන නම් නෙවෙයි. ඒ ගැන මම මෙහෙම කියන්නම්කෝ එදා මම දුන්නේ යම්කිසි දෙයක් වෙනුවෙන් යම් කිසි ඉඟියක්.

රංගනයට අමතරව ෆොටෝෂූට්වලටත් ඔබ සම්බන්ධ වෙනවා. ඒ ගැනත් කතා කරමු?

ඔව් රංගනයට අමතරව, ෆොටෝෂූට් වලට, කමර්ෂල්වලට සහ මියුසික් වීඩියෝවලට සෑහෙන්න ආරාධනා මට ලැබෙනවා. නමුත් මම දායක වෙන්නේ තෝරාබේරාගත්ත නිර්මාණවලට පමණයි.ඔබ හරිම ස්මාට් වගේම සුන්දර කෙනෙක්. රහස මොකක්ද?රහසක් නම් නෑ. රූපලාවණ්‍යය දේවල් කරන්නේ නෑ කියලා මම බොරු කියන්නේ නෑ. සාමාන්‍ය ගෑනු ළමයෙක් රූපය ආරක්ෂා කරගන්න ලස්සන වෙන්න කරන රූපලාවණ්‍යමය සත්කාර මමත් කරනවා. මගේ අම්මට තාත්තට ස්තූතිවන්ත වෙන්න, විශ්වයෙන් මට ලස්සන රූපයක් දීලා තියෙනවා. ඉතින් මේ රූපය ආරක්ෂා කරගන්න ඕනි. ඕනිම දෙයක් එහෙමයි. අපිට ලැබෙන දේවල් පරිස්සම් කරගන්න අපි දැනගන්න ඕනි. ඒක තමයි මගේ රහස.නිදහසේ ඉන්න වෙලාවට දසුනි කරන්නෙම් සිංදු අහන එකද?මට ලොකුවට ගීත ගායනා කරන්න බැරි වුණාට නිදහසේ ඉන්න ඕනිම වෙලාවක මම කරන්නේ සිංදු අහන එක. ඒ කොච්චරද කියනවා නම් මගේ එයාපොඩ්ස් දෙක මම යන හැම තැනකටම අරන් යනවා. කලා කරුවන් විදියට අපි අපේ මනස නිදහසේ තියාගන්න ඕන. ඉතින් මගේ මනස සන්සුන් කරගන්න කරන්නේම සිංදු අහන එක.අනාගත බලාපොරොත්තුව මොකක්ද?මම ලොකුවට හෝප්ස් තියාගන්න කෙනෙක් නෙවෙයි. මගේ එකම බලාපොරොත්තුව මානසික නිදහස ඇති මනුස්සයෙක් විදියට ජීවත් වෙන එක.රසාංජලී වාසල ✍️

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post