ඇයටත් ඒ කතාව පොදුවූ කාරණයක්. මේ කියන්න යන්නේ අද දවසේ මුතූ තරංගා මුහුණුපොතට එක්කළ විශේෂ සටහනක්.
රංගන ලෝකයේ කාගේත් ආදරය දිනාගත්ත ඇයට අද විශේෂ වෙන්නේ ඇයි කියලා දන්නවාද.? ඒ අද ඇයගේ සිඟිති පුතුගේ උපන්දිනය නිසයි.
ඇය අද ඒ වෙනුවෙන් විශේෂ සටහනක් එක්කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි.
මනුස්ස ආත්ම හිමිවුණු හැම කෙනෙක්ම ජීවිතය ගැන අනිත්‍ය දැකීම සාමාන්‍ය දෙයක් වුණත්, මවකට ඒ කතාව ඊට වඩා වෙනස්.
මුතූ මේ කියන්නේ අන්න ඒ ගැනයි. දරුවෙක් එක්ක අම්මා කෙනෙක්ට තියන බැඳීම මොන තරම්ද කියන එක මෙන්න මේ කතාවෙන් ඔබටත් තේරේවි..
"මට යමක් තේරෙන වයස එනකොට හිතුනේ ඉපදීම දුකක්,
ඉක්මනින් මැරෙන කෙනා වාසනාවන්තයි කියලා,
තාමත් හිතෙන්නේ එහෙම වුණාට මගේ රත්තරන් පුතා දකින හැමවෙලේම හිතෙන්නේ තව ටිකක් මට හුස්ම ගන්න ඉඩ දෙන්න මගේ පුතා ලොකු වෙනකන් කියලා, ඔයා මේවා ලොකු පුතෙක් වෙලා බලන දවසට මේ ලියපුවා දකිනකොට සමහරවිට අම්මා නැතිවෙලා තියෙවි,
ඔයාගේ අම්මයි අප්පච්චිචි මැරෙන්න ඉස්සෙල්ල මගේ පුතා ආදරණිය මනුස්සයෙක් කරලා මැරෙන්න තිබුනොත් අපිට සැනසීමෙන් යන්න පුළුවන් වෙයි,
July 1ට අවරුදු 5යි...
අපේ පණට සුභ උපන්දිනයක් වේවා"