චිත්‍රපටයක රඟපාන්න ආරාධනාවක් තවම ලැබී නැහැ -ශෙනායා වැන්හෝෆ්

gossiplanka image 1
  පසුගිය දිනෙක ටෙලි තිරය හැඩකරන්නට අලුතින් ටෙලි නාට්‍යයක් රූගත කිරීම් ඇරඹුණි. ඒ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ චාමර පෙරේරා පුංචි තිරයට ගෙන ඒමට සැරසෙන Money සහ මිණි ටෙලි නාට්‍යයයි. එහි ප්‍රවීණ රංග ශිල්පී ශිල්පිනියන් මෙන්ම නවක ජනප්‍රිය රංගන ශිල්පී ශිල්පිනියන් මෙන්ම නවක ශිල්පී ශිල්පිනියන් රැසක් රංගන දායකත්වය ලබා දෙති. එහි මුහුරත් උලෙළ පසුගිය දා පැවැත්විණි. Money සහ මිණි ටෙලි න්‍යාට්‍යයේ රඟන ශිල්පි ශිල්පිනියන් රැසක් එදින පැමිණ සිටියහ. ඒ අතර සුරූපී යොවුන් නිළි ශෙනායා වැන්හෝෆ් ද වුවාය.ඇය එම ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟදක්වන්නීය. ඉතා සුන්දර ආකර්ෂණීය චරිතයක් වු ශෙනායාගේ අලුත්ම තොරතුරු සරසවිය හමුවේ මෙසේ හෙළිකළාය.


ඇත්තටම Money සහ මිණි ටෙලි නාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලැබීම ගැන සතුටු වෙනවා. මේ අවස්ථාව මට ලැබුණේ මට බොහෝම හිතවත් නිමල් අයියා නිසා. ඔහු තමයි මාව ගැළපෙනවා කියලා යෝජනා කරල තියෙන්නේ. Money සහ මිණි ටෙලි නාට්‍ය සඳහා. මේ වෙලාවේ ඔහුට මම ස්තූති කරනවා. ඒ වගේම තමයි මෙහි අධ්‍යක්ෂවරයා වන චාමර පෙරේරා අයියා. ඔහු වැනි දක්ෂ අධ්‍යක්ෂවරයෙකු යටතේ රඟපාන්න අවස්ථාව ලැබුණ එක ගැන සතුටු වෙනවා. Money සහ මිණි ටෙලි නාට්‍යයේ සහය අධ්‍යක්ෂවරයා තමයි මට පිටපත ගෙනත් දුන්නේ. සුපුන් ප්‍රසාද් අයියා. පිටපත කියෙව්වාට පසුව මට ආස හිතුණා. ඒ නාට්‍ය භාර ගන්න.


Money සහ මිණි නාට්‍යයේ මම රඟපාන්නේ අහිංසක යුවතියකගේ චරිතයක්. විශේෂයෙන් මෙය මට ලැබීම ගැන සතුටුයි කියා මම මුලිනුත් කිව්වා. ඒ සතුට තමයි රංගවේදි සනත් ගුණතිලකයන් වැනි ජ්‍යේෂ්ඨ ශිල්පියෙකු සමඟ රංගනයේ යෙදෙන්නට ලැබීම. එය මගේ රංගන ජීවිතයේ විශේෂ අවස්ථාවක්. මේ දිනවල මම වැඩි කාලය යොදවන්නේ Money සහ මිණි රූගත කිරීම් සඳහායි.


ඒ වගේම මේ දිනවල විකාශය වන ධනුෂ්ක රත්නායකගේ අධ්‍යක්ෂණයක් වූ ” ඇත්තමයි මං ඔයාට ආදරෙයි සහ කොළඹ කට්ටිය කියන ටෙලි නාට්‍යවලත් රංගනයේ යෙදෙනවා. මට ලැබෙන චරිත වලදී යම්කිසි තෝරාබේරා ගැනීමක් මම කරනවා. හැබැයි ඉතින් මට ලැබෙන්නෙම එක වගේ චරිත. සල්ලි පොකුරු කියන නාට්‍යයේ චරිතය නම් ටිකක් වෙනස් චරිතයක් කරන්න මට අවස්ථාව හිමිවුණා.


මට තවම සිනමා නිර්මාණයකට දායක වෙන්න අවස්ථාව ලැබී නැහැ. ආරාධනා ලැබෙන්නෙ ටෙලි නාට්‍ය වලට. සිනමාපටයකට රංගනයෙන් දායක වෙන එක මට තියෙන හීනයක්.ඒ හීනය සැබෑ කරගන්න මම උත්සාහ කරනවා. ඒ ලැබෙන චරිතය ඇතුළෙ ලොකු වෙනසක් කරන්න මම උපරිමයෙන් කැප වෙනවා.


පාසල් කාලයේ මම රංගනය පැත්තට යොමු වුණේ නැහැ. කවදා හෝ නිළියක් වෙනවා කියන අදහසේ හිටියෙත් නැහැ. ඒ කාලේ මම හරි ලැජ්ජාශීලී ළමයෙක්. ලොකු පිරිසක් ඉදිරියේ කතා කරලත් නැහැ. පාසල් කාලය නිමවීමෙන් පසුව මම නර්තනය පැත්තට යොමු වුණා. ඒ ඔස්සේ තමයි මට රංගනයට පිවිසෙන්න වරම් ලැබුණේ.


මේ දිනවල පුංචි තිරයේ විකාශය වෙන ඇත්තමයි මං ඔයාට ආදරෙයි ටෙලි නාට්‍යයට ලබෙන ප්‍රතිචාර ඉහළයි. එය නරඹන පිරිසත් වැඩියි. ඇත්තමයි


මං ඔයාට ආදරෙයි ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාරත් ඉහළයි. එය නරඹන පිරිසත් වැඩියි. ඇත්තමයි මං ඔයාට ආදරෙයි නාට්‍යයේ ආකර්ෂණීය බවක් තියෙනවා. එහි රඟපාන අනෙක් සහෝදර නළු නිළියන්ගෙනුත් ලැබෙන සහයෝගය ඉතා හොඳයි. මේ දිනවල විකාශය වෙන කොළඹ කට්ටිය ටෙලි නාට්‍යයත් ඉතාමත් ජනප්‍රියයි. මේ දිනවල රූගත කිරීම් එක්කම තමයි කාලය ගත කෙරෙන්නේ.


මේ අතරේ තවත් ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබි තියෙනවා. ඒ වැඩ කටයුතු මේ දිනවල සැලසුම් කෙරෙනවා. එයට තවම නමක් යොදා නැහැ. Money සහ මිණි රූගත කිරීම් එක්ක ඉන්න මේ මොහොතේ සරසවිය පුවත්පත සමඟ කතා බහක යෙදෙන්න ලැබීම ගැන හරිම සතුටුයි.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post