මවගේ 70 වැනි උපන්දින සාදය සිහිපත් කරමින් මාධවී ඇන්තනී තැබූ ආදරණීය සටහන

gossiplanka image 1
 ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ ප්‍රේක්ෂක ආදරය දිනාගත් ජනප්‍රිය ගායිකාවක්, නිවේදිකාවක් වගේම රංගන ශිල්පිනියක් තමයි මාධවී වත්සලා ඇන්තනී කියන්නේ. 



අතිශය ආදරණීය කලාකරුවෙකු වූ ජැක්සන් ඇන්තනී මහතාගේ වියෝවෙන් පසුව, ඔවුන්ගේ පවුලේ අය එකිනෙකාට ශක්තියක් වෙමින් ජීවිතයට මුහුණ දෙන ආකාරය අපට සමාජ මාධ්‍ය හරහා නිතරම දැකගන්න ලැබෙනවා.


පසුගියදා මාධවීගේ ආදරණීය මව වන ප්‍රවීණ රංගන ශිල්පිනී කුමාරි මුණසිංහ මහත්මියගේ 70 වැනි උපන්දින සැමරුම යෙදී තිබුණා. මේ වෙනුවෙන් මාධවී ඇතුළු පවුලේ උදවිය එකතු වී ඇය වෙනුවෙන් ඉතාමත් අලංකාර උපන්දින සාදයක් සංවිධානය කර තිබුණා. ඇයගේ සමීපතම ඥාතීන් සහ මිතුරන් පමණක් සහභාගී වූ මේ පුංචි සාදය ඇයගේ ජීවිතයේ ඉතාම විශේෂ අවස්ථාවක් බවට පත් කිරීමට ඔවුන්ට හැකි වී තිබුණා.


උපන්දින සාදය පැවැත්වී දින දෙකකට පමණ පසුව, එදා ගත් ඉතාමත් ලස්සන ඡායාරූප පෙළක් ද සමඟින් මාධවී තමන්ගේ ෆේස්බුක් ගිණුමට එක් කර තිබුණේ බොහෝ දෙනෙකුගේ නෙතට කඳුළක් එක් කරන තරමේ සංවේදී සටහනක්. විශේෂයෙන්ම ඇය එහිදී තමන්ගේ ආදරණීය අප්පච්චිව සිහිපත් කර තිබුණු ආකාරය කාගේත් හදවතට දැඩිව දැනුණා.


මාධවී තැබූ සංවේදී ෆේස්බුක් සටහන මෙසේයි...

"එදා අම්මා උපරිම සතුටු වුනා. එච්චරයි අපේ බලාපොරොත්තුව වුනේ. අප්පච්චි හිටියා නම් එයා අම්මා වෙනුවෙන් මීටත් වඩා ලස්සන වැඩක් කරයි, ඒත් මේ වැඩේ සංවිධානය කරපු එක ගැන අප්පච්චි ඉන්න තැනක ඉඳලා චූටි මල්ලිගෙත්, මගෙත් ඔලුව අතගානවා ඇති. ඇත්තටම මේ අවුරුදු 70ටම අම්මා මෙහෙම සාදයක් අරගෙන නෑ. ඉතිං අම්මගෙ සතුටට වටිනාකමක් දෙමින්, එයාගෙ යාලුවො නෑදෑයො විතරක් සහභාගි වුනු පුංචි සාදය සාර්ථක කරන්න එකතු වුනු හැමෝටම ස්තූතියි."

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post