ප්‍රේක්ෂකයෝ නිසයි අපි ජීවත් වෙන්නේ -ආකාශ් රත්නායක

gossiplanka image 1
 


රොකී ටෙලිනාට්‍යයේ ක්‍රිෂ්ගේ චරිතය හරහා ප්‍රේක්ෂකාදරය උපරිමයෙන්ම දිනාගත් ඔහු ආකාශ් රත්නායක ය. මේ දිනවල ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වන සිහින වර්ෂා ටෙලි නාට්‍යය හරහා නැවතත් ප්‍රේක්ෂකාදරය දිනා ගැනීමට සමත් වී සිටින ආකාශ් සමඟය මේ කතාබහ.


ඔබ රංගනයෙන් දායක වන සිහින වර්ෂා ටෙලි නාට්‍යයේ චරිතය ගැන ඔබට මොකද හිතෙන්නේ ?


ඇත්තටම සිහින වර්ෂාහි කරපු චරිතවලින් සම්පූර්ණයෙන් වෙනස් චරිතයක්. මම එහෙම චරිතයක් මීට කලින් කරලා නැහැ. ඒක නිසා මට ලොකු අභියෝගයක් වුණා. ඒකේ මම රඟපාන්නේ පැරලයිස් වෙලා වීල් චෙයාර් එකක ඉන්න චරිතයක්. ඇත්තටම ටිකක් අභියෝගයක් ඒක. ඇත්තටම මට ඒ චරිතය කරන්න උදවු කළා ඩ්‍රාමා එකේ ඩිරෙක්ටර් සමීර පියරත්න මහත්මයා, තිර රචක සිතාරා විදේශිනී. ඇත්තටම ඒ දෙන්නගේ සහයෝගයත් එක්ක තමයි මම මේ චරිතය සාර්ථකව කරන්නේ කියලා මම හිතනවා.


ටෙලි නාට්‍යය සමඟ එක් වෙන්න ඔබට අවස්ථාව ලැබෙන්නේ කොහොම ද ?


මම ‘සිහින වර්ෂා‘ එකට සම්බන්ධ වෙන්නේ රොකී ඩ්‍රාමා එක හරහා. සමීර පියරත්න අයියා තමා රොකී ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරේ. ඔහුගේම දෙවන අධ්‍යක්ෂණය තමා සිහින වර්ෂා කියන්නේ. ඉතින් අපි රොකී එකේදී හම්බ වෙලා ඇති වුණු ඒ සම්බන්ධෙත් එක්ක තමයි සිහින වර්ෂා ඩ්‍රාමා එකට මම සම්බන්ධ වෙන්නේ.


ටෙලි නාට්‍යයේ ඔබේ චරිතය දැනෙන්නේ කොහොම ද ?


ඇත්තටම හරි වෙනස් චරිතයක්. කලින් කිව්වා වගේ මම වීල් චෙයාර් එකක ඉන්නේ. එතකොට ඒ ඉන්න ගමන් මට කතා කර ගන්න බෑ. ඇවිද ගන්න බෑ. මට කිසිම දෙයක් ප්‍රකාශ කරන්න බෑ. හැබැයි මගේ වයිෆ් වෙන මනුස්සයෙක් එක්ක ඉන්නවා දකිනවා. ඉතින් ඒක මට අමාරු දෙයක්. මට ඒ ඔක්කෝම ප්‍රකාශ කරන්න වෙලා තියෙන්නේ කතාවෙන් නෙවෙයි. මං හිතනවා මට පුළුවන් විදිහට සාර්ථකව චරිතය කරනවා කියලා.


අධ්‍යක්ෂවරයා ඇතුළු සෙසු රංගන ශිල්පීන්ගෙන් ඔබේ චරිතයට ලැබෙන සහයෝගය කොහොමද?


මගෙත් එක්ක රඟපාන්නේ ගනේෂා. එයා මාර සහයෝගයක් දෙනවා. ඒ වගේම තීක්ෂණත් එහෙමයි. ලොකු සහයෝගයක් ලබා දෙනවා. අධ්‍යක්ෂ සමීර අයියව මතක් කරන්න ඕනේ. ඔහුගෙන් මට ලොකූ සහයෝගයක් ලැබෙනවා සහ මම එක සීන් එකක් ඉවර වෙලා ඇවිත් ඉක්මනට ගිහින් සමීර අයියගෙන් අහනවා සමීර අයියේ මොනවද අඩුපාඩු…තියෙනවනම් කියන්න…මොකක්ද වෙන්න ඕනේ කියලා. ඉතින් වෙන්න ඕනේ මොකක්ද ඉන්න ඕනේ කොහොමද කියලා එයා මාව සෑහෙන්න ගයිඩ් කරනවා. ඒක මට ලොකු සහයෝගයක්.


ඉදිරියේදී රඟපෑමට කැමැත්තෙන් ඉන්න චරිත තියෙනවා ද ?


මම හරි ආසයි මැර චරිත කරන්න. ඒ වගේම තමයි ප්‍රේමවන්තයෙක්ගේ චරිතයක් වුණත් බොළද නැති, ටිකක් දරදඬු පිරිමියෙක් විදිහට ඉන්න චරිත කරන්න කැමැතියි. මට රොකී ඩ්‍රාමා එකේදී ඒ වගේ චරිතයක් ලැබුණා.


රංගන කටයුතු සාර්ථක කර ගන්න පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?


මගේ අම්මියි අප්පච්චියි මම කරන හැම වැඩේම අනිවාර්යයෙන් බලනවා. ඒවා බලලා දෙන්නම කියනවා පුතා අතනදී අර විදිහට වුණා නම් හොඳයි නේද, පොඩ්ඩක් ලැජ්ජාවක් වගේ පේනවා මේ තැන්වලදී. ඒ දෙන්නම කලාවට සම්බන්ධ අය නෙවෙයි. මගෙ පවුලේ කවුරුත්ම කලාවට සම්බන්ධ නෑ. මම විතරයි සම්බන්ධ වුණේ. ඇත්තටම ඒ දෙන්නා හරි සතුටින් බලනවා මගේ රඟපෑම්.


පුංචි තිරයෙන් රිදී තිරයට එන්න අදහසක් තියෙනව ද ?


එ්ක අපි කාගෙත් හීනයක්නේ පුංචි තිරයෙන් රිදී තිරයට එන එක. මටත් අවස්ථාවක් ලැබුණොත් ඒක මට කරන්න පුළුවන් නිර්මාණයක් නම් මගේ capacity එකේ තියෙන නිර්මාණයක් නම් සහ හොඳ වැඩක් නම් මම හරිම ආසාවෙන් ඉන්නවා ඒ වගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න.


ඉදිරියේදී කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අලුත් වැඩ ගැනත් කියමු.


දැනට මම කරනවා සිහින වර්ෂා ඩ්‍රාමා එක. ඊට අමතරව තව ඩ්‍රාමා එකක් ඉදිරියේදී ප්ලෑන් කරගෙන යනවා. තව කරපු නිර්මාණයක් තියෙනවා එන්න. පුංචි තිරයෙන් රිදී තිරයට යන්න ආසාවක් තියෙනවා සහ ඒ ගැන පොඩි project එකක් මේ දවස්වල කතා වෙමින් යනවා. ඒක කොහොම වෙයිද කියලා දන් නෑ ඉස්සරහට. ඒ වගේම තමයි මම ජාතික රූපවාහිනියේ වැඩ කරන්නේ. මට බොහෝ වෙලාවට ජොබ් එක නිසාත් රඟපෑම මඟ හැරෙනවා. මොකද කාල වේලාව මදි නිසා.


ආකාශ්ට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට මොකක් ද කියන්න තියෙන්නේ ?


අපිව ඉස්සරහට ගෙනියන්නේ ප්‍රේක්ෂකයෝ. ඒ අය මගේ නිර්මාණ බලලා මට කවදාවත් bad comments දීලා නෑ . මට හොඳ ප්‍රතිචාරම තමයි ඇවිත් තියෙන්නේ. හැබැයි මම නිර්මාණ ගොඩක ඉඳලත් නැහැ. පොඩි නිර්මාණ ටිකක තමයි ඉඳලා තියෙන්නේ. ඒ කරපු නිර්මාණ අතරේ හැම එකකටම වගේ ගොඩක් අය හොඳ කියනවා. රොකී ඩ්‍රාමා එකේ ක්‍රිෂ් කියන චරිතයෙන් මිනිස්සු මාව වැලද ගත්තේ. ප්‍රේක්ෂකයෝ නිසයි අපි ජීවත් වෙන්නේ. අපි ඉස්සරහට යන්නේ. ඉතින් මගේ ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ ඉදිරියේදී එන මගේ නිර්මාණ රසවිදින්න කියලයි.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post