ශේෂාද්‍රිගෙන් මගේ ජීවිතේ ගොඩක් වෙනස් වුණා -ක්‍රිෂාන්

gossiplanka image 1
 


ක්‍රිෂාන් කියන්නේ අපේ රටේ බොහෝඔ දෙනෙක් හඳුනන චරිතයක්.


ශේෂාද්‍රි ක්‍රිෂාන් වගේම ක්‍රිෂාර්‍යාත් මේ කියන චරිතයට ගොඩක් ආදරය කරන බව අමුතුවෙන් කියන්න ඕන නෑ.


Hari Tv සමඟ කතාබහකට එක්වෙමින් ක්‍රිෂාන් පෙරේරා මෙසේ සඳහන් කළා.


”ශේෂාද්‍රිව හම්බෙන්න කලින්, ක්‍රිෂාන් පෙරේරා කියලා වෙනම පැත්තත් මගෙ තිබුණා. මියුසික් කරලා තියෙනවා, ඩොක්ටර් බෑන්ඩ් එකේ ප්ලේ කරලා තියෙනවා. එහෙම තමයි මාව දැනන් හිටියෙ. ශේෂාද්‍රි සහ ප්‍රියසාද් පවුලට සම්බන්ධ වුණාට පස්සෙ, ගොඩක් අය මියුසික් කරපු පැත්ත දැක්කෙ නෑ. මම වැරැද්දක් කියනවා නෙවෙයි. මේක තමයි රියැලිටි එක. අපි කොහෙ හරි ගියත් මට කතා කරන්නෙ, ශේෂාද්‍රිගෙ හස්බන්ඩ්නේ කියලා. කට්ටක් කාලනෙ අපි මියුසික් කළේ. කීබෝර්ඩ් උස්සගෙන ස්වර්ණවාහිනියෙ එහෙම ස්ටූඩියෝවලට එනවා. බුදු කට්ටක් කෑවේ. ඉතින් ඒ පැත්ත දැන් මට පේන විදියට ගොඩක් අය දන්නෙ නෑ. දන්නෙ නෑ සහ ඒක වැහිලා තියෙන්නෙ. මොකද ඊට වඩා මොනව වුණත් ඒ පවුල හරි පොපියුලර්. ක්ෂේත්‍රයේ සෑහෙන නමක් තියෙනවා. මේන්ටේන් කරන්න කියලා ඇත්තටම මට දෙයක් නෑ. හේතුව මම මගේ ජොබ් එක කරගෙන, මම ආස මගේ මියුසික් කරගෙන ඉන්නවා. මගෙ පැත්තෙන් එක දෙයයි මම කරන්නෙ, මම පුළුවන් විදියට සපෝර්ට් කරනවා. මම ශේෂාද්‍රිට පුළුවන් තරමක් සපෝර්ට් කරනවා. එයා ආයෙත් ඇක්ට් කරනවා. පොඩි එක්කෙනත් දැන් ටිකක් ලොකුයි. ඒ නිසා එයාට දැන් ඔළුව කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන්. මූවීස්, ටෙලිඩ්‍රාමාස්, ඇඩ්වර්ටීස්මන්ට්ස් ඔක්කොම එයා දැන් ආයෙ පටන් ගත්තා. මම ඒ පැත්තට සපෝර්ට් කරනවා. නමුත් මේන්ටේන් කරනවා කියලා දෙයක් මම කරන්නෙ නෑ. මම කරන්නෙ සපෝර්ට් කරන එක සහ මම ඒ කාලේ හිටපු කෙනා විදියට තාම ඉන්නවා. හැබැයි එකම දේ මම කිව්වෙ, ඒ කාලේ අපි කරපු දේවල් ඔක්කොම දැන් මැකිලා තියෙනවා මොකද ඉන්ඩස්ට්‍රි එකේ දැවැන්ත පවුලකට සම්බන්ධ වුණාට පස්සෙ අපි ඒ කාලේ කරපු පොඩි පොඩි දේවල් ටික දැන් කවුරුත් දන්නෙ නෑ…”

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post