කොළඹ කට්ටියෙන් නිලියක් වුන අජිත් බණ්ඩාරගේ දුව

gossiplanka image 1
ශ්‍රී ලංකාවට රියැලිටි ගායන තරග හදුන්වලා දීපු සිරස සුපර් ස්ටාර් සීසන් 01 තරගයේ කිරුල ජයග්‍රහණය කරන්න පුළුවන් වුනේ අජිත් බණ්ඩාරට කියලා අදටත් හැමෝම දන්න ප්‍රසිද්ද දෙයක්. ලංකාවෙ පලමු ගායන සුපිරි තරුව වුන අජිත් බණ්ඩාරගේ එකම දුව සත්සරණි බණ්ඩාර ටී.වී දෙරණ නාලිකාවෙ විකාශයවන කොළඹ කට්ටිය ටෙලිනාට්‍ය හරහා රංගන ශිල්පිනියක් වෙලා මේ දවස්වල ප්‍රේක්ෂකයො අතරට ඇවිත් ඉන්නවා. තාත්තා ගායකයෙක් වෙලා ඉද්දි දුව රංගන ශිල්පිනියක් වීම ගැන දැනගන්න සත්සරණි එක්ක කතා කරන්න අපි හිතුවා.


1. ගායකයෙක් විදිහට ප්‍රසිද්ද අජිත් බණ්ඩාරගේ දුව නිලියක් වුනේ කොහොමද ?


මගේ අප්පච්චි අජිත් බණ්ඩාර ගායකයෙක් නිසා අප්පච්චිගේ දක්ෂකම් දැකලා මමත් පොඩි කාලෙ ඉදලා සිංදු කියන්න පුළුවන් හැකියාව ගොඩනගා ගත්තා. හැබැයි සිංදු කියනවට අමතරව මට පොඩිකාලෙ ඉදලා රංගන හැකියාව තිබුනා. අප්පච්චි සිරස සුපර් ස්ටාර් තරඟය හරහා ගායන ක්ෂේත්‍රයට ආවා වගේ මමත් තීරනය කලා රියැලටි තරගයක් හරහා මගේ හැකියාව රටට පෙන්නලා නිලියක් වෙන්න. ඉතින් නළුනිලියො රටට අදුන්ලාදෙන රියැලිටි තරගයක්වන hiru super hero තරගයේ තරගකාරනියක් වෙලා මම තරග වැදුනා. hiru super hero තරගයෙන් පස්සෙ මට චිත්‍රපට සහ ටෙලි චිතපටවල රගපාන්න අවස්ථාව ලැබුනා. රංගන ක්ෂේත්‍රයේ වැඩ කලාට ගායන හැකියාව මම අමතක කරලා නැහැ⁣. මම බලාපොරොත්තුවෙන්නෙ සිංදු කියන නිලියක් වෙන්න.


2. කලාවට ආපුඑක ගැන අප්පච්චිගේ අදහස මොකක්ද ?

මම රගපානවට, සිංදු කියනව⁣ට අප්පච්චි කැමතියි. හැබැයි කලාව මගේ වෘත්තිය කරගන්නවට අප්පච්චි කැමති නැහැ⁣. වෙන මොනවහරි විෂයක් ඉගෙනගෙන රට යන්න කියලයි අප්පච්චි කියන්නෙ.


3. කලාව වෘත්තිය කරගන්නවට අප්පච්චි කැමති නැත්තෙ ඇයි ?


සිංදු කියලයි රගපාලයි මනුස්සයෙකුට දියුණු⁣ වෙන්න අමාරුයි කියලයි අප්පච්චි කියන්නෙ. හැබැයි මම කැමති ගායන ක්ෂේත්‍රය සහ රංගන ක්ෂේත්‍රය මගේ වෘත්තිය කරගෙන මගේම අනන්‍යතාවයක් හදාගන්න. රට අතෑරලා ගිහින් වෙන දෙයක් කරන්න මම කැමති නැහැ⁣.


4. සත්සරණිට කොළඹ කට්⁣⁣ටියෙ රගපාන්න අවස්ථාව ලැබුනෙ කොහොමද ?


ටෙලිනාට්‍ය සහ චිත්‍රපට සහාය අධ්‍යයක්ෂකවරයෙක් විදිහට වැඩ කරන දනංජය මංචනායක අයියා මට කිව්වා සද්දාමංගල සූරියබණ්ඩාර සර් සහ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් සර් හොද ටෙලිනාට්‍ය කරනවා. අවස්ථාවක් ගන්න එයාලගේ audition එකට සහභාගි වෙන්න කියලා.ඉතින් සද්දා සර් සහ ශිවා සර් පවත්වපු audition එකට සහභාගි වුණා. හැබැයි මම audition ගියෙ කොළඹ කට්ටිය ටෙලිනාට්‍යයට නෙමෙයි වෙනත් ටෙලිනාට්‍යයකට. කොහොමින් හරි මට රගපාන්න පුලුවන් කියලා සද්දා සර් සහ ශිවා සර් තේරුම් අරගෙන කොළඹ ක⁣ට්ටියෙ රගපාන්න අවස්ථාව මට දුන්නා.


4. කොළඹ කට්ටියෙ රගපාන අත්දැකීම කොහොමද ?


කොළඹ කට්ටියෙ මම රගපාන්නෙ විශාරද විභාගය සමත්වෙලා සංගීත පංති පවත්වන ගුරුවරියකගේ චරිතයක්. මට සිංදු කියන්න පුලුවන් නිසා චරිතය හොදට රගපෑමෙ හැකියාව මට තියනවා. කොළඹ කට්ටියෙ මගේ ගායන හැකියා නරඹපු රසිකයො අහලා තිබුනා ඇත්තටම මම විශාරද වරියක්ද කියලා. ඒ තරමට ප්‍රේක්ෂකයන්ට මගේ රංගන හැකායාව හිතට අල්ලලා. හැබැයි මට සිංදු කියන්න පුලුවන් වුනාට වාද්‍ය භාණ්ඩ වාදනය කරන්න බැහැ. ඉතින් සර්පිනාව වාදනය කරන රංගනයක් කිරීම මට අභියෝගයක් වුණා.


5. ප්‍රසිද්ද නිලියක් වීමත් එක්ක ඇතිවුන බලාපොරොත්තු මොනවද ?


චරිතාංග නිලියක් විදිහට හැකියාව ගොඩනගාගෙන ප්‍රසිද්ද වේදිකාවක ජනප්‍රියම නිලියට හිමි සම්මානය ලබාගන්න මට බලාපොරොත්තුව තියනවා.


6. කොළඹ කට්ටියෙ සත්සරණිගේ රංගනය දැකලා පවුලෙඅය මොනවද කියන්නෙ ?


මම කලාව වෘත්තිය කරගන්නව⁣ට අප්පච්චි කැමති නැති වුනාට මම කියන සිංදුවලයි රගපාන නිර්මාණවලයි අප්පච්චි ලොකු රසිකයෙක්. ඉතින් කොළඹ කට්ටියෙ මගේ රංගනය දැකලා අප්පච්චි ගොඩක් සතුටු වෙනවා. අප්පච්චිව රටක් දැනගත්ත සිරස සුපර් ස්ටාර් තරගයට යවන්න අයදුම්පත්‍ර දාලා තියෙන්නෙ අපේ අම්මා. මාව නිලියක් කරන්න hiru super hero තරගයට අයදුම්පත්‍ර දැම්මෙත් අම්මා. අපේ පවුලෙ අපි හැමෝටම වඩා කලාවෙන් අපිව ඉස්සරහට යවන්න උනන්දුව, කැමැත්ත තියෙන්නෙ අම්මට. ඉතින් කොළඹ කට්ටියේ මගේ රගගෑම දැකලා අම්මා මේ දවස්වල ගොඩක් ලොකු සතුටකින් ඉන්නවා.


7. පවුලෙ වෙන කවුද ඉන්නෙ ?


පවුලෙ ඉන්නෙ අම්මයි අප්පච්චියි මමයි විතරයි. මම පවුලෙ එකම ළමයා.


8. එකා යකා කියන්නෙ ඇත්තද ?


ඔව්. එකා යකා කියන කතාව මම පිළිගන්නවා. පවුලෙ එකම ළමයා නිසා ආදරය ගොඩක් බලාපොරොත්තුවෙන හිතුවක්කාර සහ කේන්තියන ගතිගුණ මට තියනවා


9. අම්මයි අප්පච්චියි අතරින් සත්සරණිට වැඩිපුර සමීප කවුද ?


අප්පච්චි ටිකක් තද ගතිගුණ තියන කෙනෙක්. හැබැයි අප්පච්චි මට ගොඩක් ආද⁣රෙයි. ඒ වුනාට අප්පච්චි මට තියන ආදරේ කෙලින් පෙන්නන්නෙ නැහැ⁣. කතාවටත් කියන්නෙ තාත්තලා ආදරේ කරන්නෙ හිතින් හංගගෙන කියලා. මගේ අප්පච්චිත් ඒ ජාතියෙ කෙනෙක්. අම්මා නම් මට උපරිම නිදහස දීලා මාව ආදරෙන් බලා ගන්නවා. අම්මයි අප්පච්චියි අතරින් හැමදේම කියන්න පුලුවන් හොදම යාළුවෙක් තරමට මට ඉන්නෙ අම්මා.


10. තාත්තගෙන් පස්සෙ මොනවිදිහෙ පිරිමියෙක්ද සත්සරණි බලාපොරොත්තු වෙන්නෙ ?


මට තාම ආදරය ගැන අත්දැකීමක් නැහැ⁣. ආදරය ගැන දැන්මම හිතන්න බලාපොරොත්තුවකුත් නැහැ⁣. හැබැයි කවදාහරි ආදරය කරනකොට තාත්තා වගේ අවංක, ආදරණීය සහ මගේ ජීවිත ගමනට ශක්තියක් වෙන පිරිමියෙක්ව මම බලාපොරොත්තු වෙනවා.


11. ආදරය සම්බන්ධයෙන් අම්මයි අප්පච්චියි මොනවිදිහෙ නිදහසක්ද දීලා තියෙන්නෙ ?


අම්මයි අප්පච්චියි මට කියලා තියෙන්නෙ ආදරය කරන්න. හැබැයි කාලෙ ගෙවන්න නිකන් සම්බන්ධකම් ඇති කරගන්නෙ නැතුව කසාද බදින්න බලාපොරොත්තුවෙන් සුදුසු කෙනෙක්ට ආදරය කරන්න කියලා.


ලක්ෂාන් ජයසූරිය

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post