ටාගට් එකක් තිබ්බම හීන වලට යන්න ලේසියි – තාරුකා

gossiplanka image 1
 

සුන්දර සිනහවකින් සහ දුටුවන් වශී කරවන රූ සපුවකින් යුත් ඇය රංගන ක්ෂේත්‍රයේ දිදුලන තාරුකාවකි. පුංචි තිරයෙන් මෙන්ම රිදී තිරයේද විවිධ නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂක සිත් අමන්දානන්දයට පත් කළ තාරුකා වන්නි ආරච්චි සමග සිරිකත මෙවර කතාබහ මෙලෙසයි සිදු වුණේ.


කාර්ය බහුලයිද මේ දවස්වල?


ටිකක් කාර්යබහුලයි. දැනට ටෙලි නාට්‍ය දෙකක් විකාශය වෙනවා. ඒ වගේම ඉවෙන්ට්ස් කීපයකට සම්බන්ධ වෙන්න තිබුණා. ලබන මාසේ මුල තවත් චිත්‍රපට දෙකකට සම්බන්ධ වෙන්න තියෙනවා. ඒ වැඩ කටයුතුත් එක්ක මේ දවස්වල කාලේ ගත කරන්නෙ.


කාන්තාවක් විදියට මවගේ චරිතය දකින්නේ කොහොමද?


මගේ අම්මා ඇය තමයි මගේ යෝධ ශක්තිය. මම අද තැනක ඉන්නවා නම් ඒකේ සම්පූර්ණ වටිනාකම දෙන්නෙ අම්මට මේ තැනට එන්න හේතුව මගෙ අම්මා. අදටත් මගේ වැඩ කටයුතු පහසු කරගන්න ඇය නිරන්තරයෙන් මාත් එක්ක ඉන්නවා. මමත් දැන් අම්ම කෙනෙක් මගේ දරුවාවත් ඇය ආදරෙන් බලා ගන්නවා. මගෙන් දරුවට විය යුතු නමුත් මට මග හැරෙන දේවල් මග නොහැරි දරුවට ලබා දෙන්න අවශ්‍ය වටපිටාව හදන්න අම්මා කටයුතු කරනවා අම්මා කියන්නේ එයාලගේ ජීවිතේ නොලැබුණු දේවල් අපිට දෙන්න කටයුතු කරපු, හැම දේකටම ශක්තියක් වුණු කෙනෙක්.


හීනවලට යද්දි කොහොමද ඔබ වැඩ කරන්නෙ?


තමන්ගේ ජීවිතේ තමන් ආස කරන දෙයක් තියෙනවා නම් ඒ දේ වෙනුවෙන් අනිවාර්යයෙන්ම තමන් කැපවෙන්න ඕනෑ. ඒ දේ වෙනුවෙන් උපරිම මහන්සි වෙන්න ඕනෑ. ජීවිතේ කිසිම දෙයක් නිකන් ලැබෙන්නෙ නෑ. අපේ උත්සාහය සහ කැපවීම මත තමා අපිට ඒ දේ කොතරම් දුරට ළඟා කරගන්න පුළුවන්ද කියලා තීරණය වෙන්නේ. මේ කාලේදී මේ දේවල් ළඟා කරගන්නවා කියලා ජීවිතේට ටාගට් එකක් තිබිය යුතුමයි. ඒ වගේම මොන ක්ෂේත්‍රයේ වැඩ කළත් නිවැරදිව තමන්ගේ කටයුතු සිදු කළොත් තමන්ගේ හීන වලට යන්න සොබා දහමෙන් පවා ආශිර්වාද ලැබෙනවා කියල මම විශ්වාස කරනවා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post