ගයත්‍රීගේ උපන්දින සැමරුම

gossiplanka image 1
 


ලංකාවේ කලා ක්ෂේත්‍රයේ ඉන්න සුරූපී වගේම දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ගයත්‍රී ඩයස්. 



අද අප්‍රේල් 16 වැනිදා ඇයට ඉතාමත් විශේෂ දවසක්. ඒ අද ඇයගේ උපන්දිනය යෙදී තිබීමයි.


තමන්ගේ උපන්දිනය වෙනුවෙන් හරිම අපූරු, ආකර්ෂණීය ඡායාරූප පෙළක් සිය මුහුණු පොතට එක් කරන්න ගයත්‍රී අමතක කළේ නැහැ. ඇය ඒ පින්තුර පෙළත් එක්ක මෙන්න මේ විදියේ සටහනක්ද එකතු කරලා තිබුණා.


"දිනෙක මම බැබළෙන්න බය වුණා, ඒ ආලෝකය මට හිමි නැති බව සිතූ නිසා. එහෙත් සූරියකාන්ත මල් අහසින් ආයාචනා කරන්නේ නැහැ, ඔවුන් කරන්නේ ඉහළට හැරී අහස දෙස බලන එක විතරයි. දැන් මම මගේම ක්‍රමයකට පිපී ඉන්නවා. තවත් සැඟවීම්, තවත් බියක් නැහැ.. මම එදා හෙව්ව ආලෝකය අද මා තුළම තියෙනවා."


තමන්ගේ ජීවිතයේ අත්දැකීම් එක්ක ඉතාමත් ශක්තිමත් ගැහැනියක් විදියට ඇය තැබූ මේ සටහනට බොහෝ දෙනෙක් ඇයට සුබ පැතුම් එක් කරමින් සිටිනවා. ඔයාලත් බලන්නකෝ ගයත්‍රීගේ ඒ උපන් දින සේයාරූ එකතුව..

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post