ඉන්දීය මාධ්‍ය වාර්තාවන්ට අනුව, පවුල් ආරවුලක් හේතුවෙන් ඇය ඊයේ (6) දින සිය නිවසේදී ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව සඳහන්.
මෙම මරණය වාර්තා වන්නේ, ඇයගේ උපන්දිනයට දින හයකට පෙරාතුවයි.
ලාංකික සම්භවයක් සහිත සුභාෂිනී බාලසුබ්‍රමනියම් උපත ලබන්නේ කොළඹදීය.
ඇය අධ්‍යාපනය ලබන්නේ, යහපත් එඬේරාගේ කන්‍යාරාමය සහ ශාන්ත අන්තෝනි බාලිකාවෙනි.
සුභාෂිනීගේ මවගේ දෙමාපියන් ඉන්දියන් ජාතිකයන් වන අතර පියා ලාංකිකයෙකි.
සුභාෂිනී ක්ෂේත්‍රයට පිවිසෙන්නේ, නේත්‍රා ටී. වී හි නිවේදිකාවක ලෙසයි. ඊට අමතරව දමිළ වැඩසටහන් හඬ කැවීම් ශිල්පිණියක ලෙස ද ඇය ප්‍රකටය.
සුභාෂිනී බාලසුබ්‍රමනියම් සහ ඔබ කවුරුත් හොඳින් හඳුනන නිරංජනී ෂන්මුගරාජාගේ සිනමා ගමන එකට සිදුවූවකි.
ඔවුන් දෙදෙනාගේ ම මූලාරම්භය නිවේදනය වීම ද විශේෂය.
සුභා සහ නිරංජනී සිනමාවට පිවිසෙන්නේ, අශෝක හඳගමගේ ”ඉනියවන්” සිනමාපටය තුළිනි.