ලක්ෂ 9ක රන් මාලය ඇත්තටම තෑග්ගක්ද?

gossiplanka image 2
 ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ සහ ජනප්‍රිය රංගන ශිල්පිනී හර්ෂි රසාංගා අතර ඇති වූ "රන් මාලයේ අර්බුදය" දැන් අලුත්ම මාවතකට යොමු වී තිබේ.



තමන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රකාශ සිදු කළ බව පවසමින් භානුක රාජපක්ෂ විසින් හර්ෂි වෙත එන්තරවාසියක් (Letter of Demand) යොමු කර ඇති බව වාර්තා වේ.


රුපියල් ලක්ෂ 9කට වඩා වටිනා මෙම රන් මාලය ඇය ලබාගෙන පසුව භානුකගේ අනුදැනුමකින් තොරව උකස් කළ බවටයි මීට පෙර චෝදනා එල්ල වූයේ. මේ සම්බන්ධයෙන් තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ඇය, කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදා හැරිණි.


අධිකරණය හමුවේදී විත්ති පාර්ශ්වය පිළිගෙන ඇත්තේ අදාළ මාලය උකස් කර ඇති බවත්, එය බේරාගෙන නැවත ලබා දීමට කටයුතු කරන බවත්ය. නමුත් අධිකරණයෙන් පිටතට පැමිණි පසු ඇය මාධ්‍ය වෙත පවසා තිබුණේ මෙම මාලය පෞද්ගලික සබඳතාවක් මත තමන්ට ලැබුණු "තෑග්ගක්" බවයි.


මෙම පරස්පර ප්‍රකාශ හේතුවෙන් තමන්ගේ කීර්ති නාමයට හානි වූ බව පවසමින් භානුකගේ නීතිඥ කණ්ඩායම දැන් නීතිමය පියවර ගෙන තිබේ.


අදාළ රන් මාලය පොලිස් භාරයට ගෙන ලබන අප්‍රේල් 22 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර ඇත.

gossiplanka image 1
Previous Post Next Post