චාන්ස් එකක් ලැබුණම දෙපාරක් නොහිතා කැමැති වුණා - ඇංජි ගුණවර්ධන

gossiplanka image 2
 

පුංචි පැංචි හරහා කලා ලොවට පියවර තැබූ ඇංජි, අද වන විට පුංචි තිරය තමන්ගේ රුවෙන් හැඩකරන සොඳුරු රුවැත්තියක්. කාලෙන් කාලෙට විදේශගතව සිට ලංකාවට පැමිණ පුංචි තිරයේ විවිධ ඉසව්වන් ස්පර්ශ කරන ඇයගේ එකම සිහිනය, රිදී තිරය මත තමන්ගේම අණසක පතුරවන තාරකාවක් වීමයි. මේ දිනවල විකාශය වන ‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයේ ‘මිනෝලි‘ ලෙස රසික හදවත් දිනාගන්නා ඇංජි ගුණවර්ධන සමඟයි ‘හාට්’ අපේ මේ කතාබහ.Sri Lanka Latest News


ඉතින් කොහොමද ඇංජි?

හොඳින් ඉන්නවා. මේ දවස්වල මම විදේශගත වෙලා ඉන්නේ ඩුබායිවල. මෙහෙ වැඩකටයුතු කරගෙන යනවා.

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයේ වැඩකටයුතු අවසන් කරලද ගියේ?

මම විදේශගත වෙලා අවුරුදු දහයක් විතර වෙනවා. ‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සඳහා මම තවම සම්බන්ධ වෙනවා. ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්නේ එය මම කලින් කරපු නිර්මාණයක් කියලා. මම රූගත කිරීම් සඳහා දින ලැබුණාම ඒ දින වකවානුවලට ලංකාවට එනවා. ඔය විදියට තමයි මම අනෙකුත් නිර්මාණ සඳහාත් සම්බන්ධ වුණේ. ඒ වැඩකටයුතු ඒ කාලවකවානුවේ මම අවසන් කරලා නැවත මම විදේශගත වෙනවා. ඔය විදියට තමයි මගේ කලා කටයුතු සිදුවෙන්නේ.

ඒ කියන්නේ එකවර නිර්මාණ කිහිපයකට සම්බන්ධ වීමට අපහසුයි?

ඔව්. එහෙම කොහොමවත් මට කරන්න බැහැ. මම එහෙම කරන්නත් කැමැති නැහැ. එක නිර්මාණයක් භාරගෙන ඒ වැඩකටයුතු අවසන් වෙනකම් තවත් නිර්මාණයක් මම භාරගන්නේ නැහැ.


ඔබේ රාජකාරි කටයුතුවලට බාධාවක් නැද්ද එහෙම යන එන එක?

එහෙම ප්‍රශ්නයක් නැහැ. මම ඉතින් ලංකාවට එනකොට මගේ රාජකාරි කටයුතු සඳහාත් ඒ කාලවකවානුවේ දින වෙන්කරගෙනයි එන්නේ. ඒ වැඩයි, රංගන කටයුතුයි සියල්ලම එකවර කරගෙන එන්න පුළුවන් විදියට මම කාලය කළමනාකරණය කරගන්නවා. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. මට එහෙම හදිසියේ හරි එන්න අපහසු වුණොත් මම ඒ දේවලුත් කලින්ම දැනුම් දෙන නිසා මේ වෙනකම් කිසිම ගැටලුවක් නොවෙන විදියට වැඩ කරගෙන ආවා.

කලාවේ හොඳ තැනක ඉඳලා ඒ දේවල් දුරස් වෙනකොට දුකක් නැද්ද?

මම කලාවට සම්බන්ධ වුණේ හිතේ තිබුණු ආශාවට. හැබැයි මම ඉගෙන ගත්ත දේවල් එක්ක ප්‍රයෝජනයක් ගන්න විදේශගත වීමට අවස්ථාවක් ලැබුණාම මම දෙපාරක් නොහිතා කැමැති වුණා. අද ඉතින් මම කලා කටයුතු වගේම මම ඉගෙනගත්ත දේවලින් පවා ප්‍රයෝජනයක් ගන්නවා.

ලංකාවේ නිර්මාණකරුවන්ට ඩුබායි වගේ රටකට ඇවිත් කලා කටයුතු කිරීමට ඉඩක් තියෙනවද?

අපෝ මෙහෙ ඕනෙ තරම් පහසුකම් තියෙනවා. මේ රටෙන් වුණත් උදව් කරනවා කලා කටයුතුවලට. කාලයක් තිබුණා අපේ නිර්මාණ ඔස්ටේ්‍රලියාවේ ගිහින් රූගත කරපු. ඒ වගේම මෙහෙත් කරන්න පුළුවන්. එතකොට මේ රටට ඇවිල්ලා ඉන්න අපේ ශිල්පීන් වුණත් සම්බන්ධ කරගන්න පුළුවන්. මේ රටවලත් පෙන්වන්න ලස්සන තැන් තියෙනවා.

ඔබට එහෙම අදහසක් නැද්ද නිර්මාණයක් කරන්න?

දැනටමත් කිහිප දෙනෙක් සමග කතා කරගෙන යනවා. හොඳ නිර්මාණයක් නිෂ්පාදනය කරන්න මමගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.

gossiplanka image 1
Previous Post Next Post