අයියගේ මනමාලිව මට බඳින්න වුණා - තීක්ෂණ ශ්‍රී විජේසිංහ

gossiplanka image 1
 


වේදිකා නාට්‍ය ශිල්පියෙක්, රංගන ශිල්පියෙක් සහ කලා අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරන මේ දිනවල ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයකින් ඔබේ ආලින්දය හැඩකරන තීක්ෂණ ශ්‍රී විජේසිංහ අද ‘හාට්’ අපේ මේ කතාබහට සම්බන්ධ වූයේ මෙලෙසිනි.Sri Lanka Latest News


තීක්ෂණ, මේ දිනවල ‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයේ දේවින්ද නිසා ඔබ කා අතරත් ජනප්‍රියයි?

ඇත්තටම දේවින්ද කියෙන්නෙ වලව්කම ඔළුවෙ ගහගෙන නිකන් ගෙදරට වෙලා ඉන්න වැඩක් පලක් කරන්නෙ නැති, කෙල්ලො ආශ්‍රය වැඩි, වංශෙ කබල් ගාගෙන ඉන්න කෙනෙක්. එයා 80%ක් කියවනව නම් 20% තමා වැඩ කරන්නෙ. එයා කැමැති නෑ එයාගෙ හීනමානෙට ඩැමේජ් වෙනවට. එයාගෙ වංශෙට හානි වෙනවට. මම කැමැතිම පොයින්ට් එක තමා අයියගෙ මනමාලිව මට කසාඳ බඳින්න වෙන අවස්ථාව. එතැනින් තමා අර්බුදය පටන් ගන්නෙ. එතැනින් එහාට වෙන අලුත් සිදුවීම්වලට එයා අනුගත වෙන්න ඕනෙ. ඒකත් එක්ක වෙන සිදුවීම්වලට තමා මම ඇත්තටම ආස වුණේ. මේ මොහොතේ දේවින්ද කියන්නෙ කසාඳ බැඳපු ස්වාමිපුරුෂයකුට අත්දකින්න තියෙන සාමාන්‍ය දේවල් ටික අත්විඳින කෙනෙක්. විවාහය කියන්නෙ ජීවිතේ එක් කඩඉමක්. ඉතින් ඒ කඩඉමට කැමැත්තෙන් අඩිය තිබ්බත් අකැමැත්තෙන් අඩිය තිබ්බත් විපාක එකයිනෙ. ඉතින් මේ අවස්ථාවෙ මම ඒ අයව නියෝජනය කරමින් ඉන්නවා.

මේ ගමන ආරම්භ වුණේ පාසල් වේදිකාවෙන්ද?

ඔව්. පාසල් කාලයේ ඉඳන්ම පාසලේ වේදිකාවෙන් සහ ලේඛන වැඩ කටයුතුවලට සහභාගි වෙලා තියනවා. ඒ ආභාෂයත් එක්ක තමා මේක පටන් ගත්තෙ.

විශාල පිරිසක් ‘පිරිමි ළමයි’ නාට්‍යයත් සමග ඉන්නවා. ටෙලිනාට්‍යයට ලැබෙන ප්‍රතිචාර සහ එහි සාර්ථකත්වය ගැන ඔබ මොකද හිතන්නේ?

ඇත්තටම හොඳයි. කපල් එකක් වශයෙන් සෙනුරිගේ සහ මගේ කතාවට තව පිරිසක් ප්‍රතිචාර දක්වනවා. ඒ කියන්නෙ කපල් එකක් වශයෙන් ගත්තොත්. සමස්ත කතාවටත් මිනිස්සු හොඳ ප්‍රතිචාර දක්වනවා. මම හිතන්නෙ විශාල පිරිසක් නාට්‍ය නරඹනවා. යූටියුබ් එකෙත් සැලකිය යුතු පිරිසක් නරඹනවා. කොහොමත් සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මයා සහ සිවගුරුනාදන් අධ්‍යක්ෂ මහත්මයාගේ කතාවලට ප්‍රේක්ෂකයන්ගේ ලොකු ආදරයක් කැමැත්තක් තියනවා.

පවුලෙන් ලැබෙන සහයෝගය ඔබේ මේ කලා ගමනට කොතරම් වැදගත් වෙනවාද?

තාත්තයි, අම්මයි, මමයි තමා පවුලේ ඉන්නෙ. මම තමා පවුලේ එකම ළමයා. අම්මා පවුල් සෞඛ්‍ය සේවිකාවක් විදියට සේවය කරලා දැන් විශ්‍රාම අරන් ඉන්නවා. තාත්තත් යුද හමුදාවෙ සේවය කරලා විශ්‍රාම අරන් ඉන්නවා. පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය ඉතාම ඉහළයි. ඒ කියන්නෙ මම කරන දේවල් සම්බන්ධව ප්‍රශ්න, තර්ක ගොඩනගන්නෙ නැති එකම මගේ විෂයත් එක්ක මට ලොකු සපෝර්ට් එකක්. ඕක කරලා හරියනවද, ඕක නෙවෙයි මේක කරන්න කියලා කියන්නෙ නැතුව මම කරන දේවල් විශ්වාස කරමින් ඒ කරන දේට ඉඩදීමම ලොකු සහයෝගයක්.

තීක්ෂණ, ආදරේ කියන්නෙ ලස්සන හැඟීමක්නෙ, ඔබ දකින විදියට ආදරය කියන්නේ මොකක්ද?

ආදරේ තමා මට මේ ලෝකෙ වටිනාම, පළවෙනිම කන්සෙප්ට් එක. කෙනකුට අපෙන් වියදම් නොවී නොමිලේ දෙන්න පුළුවන් දෙයක් විදියට තමා මම ආදරේ දකින්නෙ. පොඩි දේකින් වුණත් ඕනෙම කෙනෙකුට, ඕනෙම වෙලාවක දෙන්න පුළුවන් දෙයක්. මම විශ්වාස කරන දෙයක් තමා මේ ලෝකෙ පවතින්නෙ ආදරේ නිසා කියන එක. ඒ විතරක් නෙවේ ඔයා මම අපි කවුරු වුණත් ජීවත් වෙන්නෙ ආදරේ හින්දා. මේ ලෝකෙ සාමයෙන් පිරුණු තැනක් වෙනවද, ම්ලේච්ඡත්වයෙන් පිරුණු තැනක් වෙනවද කියන එක තීරණය කරන්නෙ ආදරය. මේ කිව්ව දේවල්වලට හොඳම නිදසුන් මේ දවස්වල සෝෂල් මීඩියාවල දැකගන්න පුළුවන්. රටේ ව්‍යසනයක් ඇතිවුණු වෙලාවක මිනිස්සු කිසි දෙයක් බලාපොරොත්තු නොවී එකතු වෙන්නෙ සවිඥානිකව හා විඥානිකව ඒගොල්ලන්ගෙ ඇතුළෙ ආදරේ තියන හින්දා.

ඕනෑම ක්ෂේත්‍රයක කෙනෙකුට බාධා ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔබටත් බාධක ඇති?

මම ඒවාට බාධා කියන්න කැමැති නැහැ. මේ ලෝකෙ කිසිදෙයක් බාධාවක් නෙවේ. ඒ හැම දෙයක්ම අත්දැකීම්. අපිට හැමවෙලේම හම්බවෙන හැමදෙයක්ම අභියෝගයක්. ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනෙ නැහැ. පෞද්ගලිකව මම මට ෆේස් කරන්න පුළුවන් දෙයක් නම් මම ඒකට ෆේස් කරනවා. එහෙම බැරි නම් මම ඒක භාරගන්නෙ නැහැ. නමුත් එහෙමයි කියලා අතාරින්නෙත් නැහැ. ඉතින් මං කියන්නෙ එහෙම බාධක කියලා දෙයක් නම් ජීවිතේ නැහැ. ඒකෙන් කියන්නෙ නැහැ ජීවිතේ සරලයි කියලා. නමුත් ඒක දුක් විඳපු එකක් විදියට ලඝු කරන්න මම කැමැති නැහැ. අභියෝග තමා ජීවිතේ කියන්නෙ. ඕනෙම කෙනකුට පුළුවන් අභියෝග පාස් කරගෙන මිෂන් කම්ප්ලීට් කරන ගමන් ජීවිතේ ඉදිරියට යන්න.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයොත් සමග වැඩකටයුතු කරන විට ලැබුණ ඇත්දැකීම් මොනවද?

මට ක්ෂේත්‍රයේ ප්‍රවීණයොත් එක්ක වැඩකටයුතු කරන්න ලැබෙන්නෙ මම ටෙලිනාට්‍ය කලාවට එන්න කලින් ඉඳන්ම. එතකොට මම එයාලා දිහා බලන් ඉඳලා තියනවා. එයාලගෙ අත්දැකීම් ඇත්තටම ඉතාම වටිනවා. මන් ඒගොල්ලන්ගෙන් දැනගත්තා, දන්නෙ නැති දේවල් අහගත්තා, ඉගෙන ගත්තා සහ ඉගෙනගනිමින් ඉන්නවා. ඒ හැම කෙනෙක්ටම මම ගරු කරනවා. එයාලගෙ අත්දැකීම් අපිත් එක්ක ෂෙයාර් කරගන්නවා. මම හිතන්නෙ ඒක තමා වෙන්න ඕනෙ. මේක චේන් එකක් වගේ ෂෙයාර් වෙන්නයි ඕනෙ.

කලාකරුවෙක් විදියට ඔබ ආ ගමන දෙස ආපසු හැරී බලද්දී මොකද හිතෙන්නේ?

මම මේ ලෝකෙ දකින අනිත් දේවල් එක්ක බලද්දි කලා ජීවිතේ ගැන, මම කලාවට සම්බන්ධ පුද්ගලයෙක් වීම ගැන මට මාරම සතුටුයි. එතකොට මට මාව හොයාගන්න ලේසියි කියලා මට හිතෙනවා. වෙන දෙයක් කළා නම් සමහර විට මම මගෙන් මිදිච්ච කෙනෙක් තමා හොයාගෙන යන්නෙ. කවුරු හරි පෙන්නපු දෙයක් පස්සෙ මං දුවන්නෙ. හැබැයි කලාව නිසා මට ඕනෙ දේවල් මට ඕනෙ නැති දේවල් වෙන් කරගෙන ජීවිතේ එන්ජෝයි කරන්න පුළුවන් මට කලාකරුවෙක් විදියට.

රූගත කිරීම් අතරතුර සිදුවූ අමතක නොවන සිදුවීම් එහෙම ඇති නේද?

වෙලා තියනවා. එහෙම දේවල් තමා වෙන්නෙ. ඒ වගේ දේවල් සෑහෙන්න තියනවා.

තීක්ෂණ, ඉදිරියේදී ඔබව දැකගත හැකි අලුත් කලා කටයුතු මොනවාද?

ෆිල්ම් එකකට සහ මිනි සීරීස් දෙකක් කරන්න සූදානමින් ඉන්නවා සහ අලුත් වේදිකා නාට්‍යයක් පටන් ගන්න සූදානම් වෙලා ඉන්නවා.

 

Previous Post Next Post