නිවාඩුවක් ලැබෙනකම් ඉන්නේ ගමට යන්න - විනෝලි දිශානායක

gossiplanka image 1
 


බැඳීමක් ශක්තිමත්ව පවතින්නේ විශ්වාසය මතයි. ආදරය කරනකොට එකිනෙකා අවංක විය යුතුයි. ඉතින් අපි හිතුවා මේ ශක්තිමත් ආදර කතාවේ ඇත්ත නැත්ත හරි හැටි දැගන්න ‘ආලේ’ නිරාශා චරිතයට ජීවය දෙන නව පරපුරේ තවත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන විනෝලි දිශානායකව ‘හාට්’ අපිත් එක්ක සම්බන්ධ කරගන්න.


විනෝලි ඉතින් කොහොමද?

හොඳයි. මේ දවස්වල නම් විශ්වවිද්‍යාලයේ අවසන් අදියර නිසා ඒ වෙනුවෙන් මහන්සි වෙනවා.

හිතුවේ නැහැ නේද අවංක ආදරේ මේ තරම් රැවැටීමක් කරයි කියලා?

ඒ ගැන නම්කතා කරලා වැඩක් නැහැ ඉතින්. එහෙමත් කෙනෙක් තමයි පණ වගේ ආදරය කරන්නේ. ප්‍රේක්ෂකයන් ගොඩක් දුක් වුණා මට වගේම සහේන් ආදරය කරපු අනෙකුත් ගැහැනු ළමයි රවටපු එකට. හැබැයි ඉතින් කට්ටියම එකතු වෙලා සහේන්ට ගැහැනු ළමයි එපා වෙන්නම හොඳ දඬුවමක් දුන්නා.

නිරාශා චරිතය ඔබ ආශාවෙන් භාරගත් බව ආරංචියි?

ඇත්තටම ඔව්. මම නිරාශා චරිතයට ගොඩක් ප්‍රිය කළා. ආශාවෙන් හිටියේ අහිංසක චරිතයක් රඟපාන්න.


විනෝලි මේ විදියට පෞද්ගලික ජීවිතේදිත් ආදරය කරද්දී රැවැටුණාද?

නැහැ කිව්වොත් ඒක බොරුවක්. ඇත්තටම නිරාශා චරිතය විතරයි වෙනස්. මම මුහුණ දීපු ඒ කතාවම නිරාශා චරිතය තුළ ගැබ්වෙලා තියෙනවා. ඒ නිසා මට ඒ සිදුවීම් මාලාවට සාර්ථක රංගනයක් ඉදිරිපත් කරන්න ලැබුණා. මාත් කාලයක් ඒ විදියට මානසිකව වැටිලා හිටියේ.

ඔබ ටෙලිනාට්‍ය රැසකට රංගනයෙන් දායක වුණා. ගමට ගිය විට ඔබව හිතවතුන් පිළිගන්නේ රංගන ශිල්පිනියක් විදියටද?

මගේ ගම බදුල්ල. නිවාඩුවක් ලැබෙනකම් ඉන්නේ ගමට යන්න. ඒ තරමට මම ඒ පරිසරයට කැමැතියි. දකින දකින අය කියනවා මම ඉන්න නාට්‍යයක් බලනවා, ගොඩක් හොඳයි කියලා. මගේ නිළිකම තියෙන්නේ කැමරාව ඉදිරියේ විතරයි. එතැනින් මිදුණාම මමත් සාමාන්‍ය කෙල්ලෙක් විදියට හැමෝම එක්ක සුහදව ඉන්නවා. අමුතුවෙන් ඇඳීමක් නැහැ මම ළඟ.

කොහොමද ඉතින් අලුත් කලා කටයුතු?

අලුත් නිර්මාණ කීපයකට සම්බන්ධ වෙන්න ආරාධනා කළා. ඒත් මේ දවස්වල මගේ හීනය වෙනුවෙන් කැපවෙනවා. අධ්‍යාපන කටයුතු අවසන් කරලා සම්බන්ධ වෙන්න තමයි අදහස. මේ දවස්වල ‘ආලේ’ එක්ක වැඩ කරගෙන යනවා.


වසන්ත විතාරණගේ

gossiplanka image 2
Previous Post Next Post