තාමත් බැඳල නෑ - යුරේනි නොෂිකා

gossiplanka image 2
  

 

Single කෙල්ලන්ටයි කොල්ලෙක් හිටියත් හිතට පාළුයි කියල දැනෙන කෙල්ලන්ටයි බැඳල හිටියත් තනිවෙලා කියලා හිතෙන ලංකාවේ සියලුම කෙල්ලන්ටයි ඔන්න තනිකම පාළුව මැකෙන්න නටන්න යුරේනි නොෂිකා එයාගේ උපන් දිනයට “තාමත් බැඳල නැහැ” කියලා අපූරු ගීතයක් රිලීස් කළා. කාලෙන් කාලෙට කොහොමත් සැර කතාවක් ඇති වෙන සැර වැඩක් කරන යුරේනි එක්ක කරපු පොඩි සැර කතාවක් තමයි මේ තියෙන්නේ.

තාමත් බැඳලා නැහැ.


කොහොමද ප්‍රතිචාර?


ඉතාමත් ඉහළයි. මම හිතන්නේ ගොඩක් සමාජයට මේ ගීතය සමීපයි. මොකද ගොඩක් තරුණ ළමයින්ට “තවමත් බැඳල නැහැ” කියන එක ඉතාම සමීප කාරණාවක්. මෙහි පද රචනාව හරි සරලයි සහ හරි ෆනී. හැමෝටම රිලේටබල්. ඉතාමත් ඉක්මනින් තරුණ පරපුර අතර සින්දුව යනවා. හරි සතුටුයි. කළු කොල්ලටත් වඩා ලොකු හිට් එකක් වෙයි කියලා මට හිතෙනවා.



කොහොමද මේ වැඩේ සිද්ධ වුණේ?


ඉතාමත් ඉක්මනින් මම හිතන්නේ සතියක් ඇතුළත වෙච්ච දෙයක්. මම සහ අශාන් එකතු වෙලා නිර්මාණය කරපු සාරි පොටේ ගීතයට අවුරුදු 10ක් සපිරුණා. ඉතිං අශාන් මල්ලි කිව්වා අක්කේ සාරි පොටේ නිර්මාණය කරලා අවුරුදු 10ක් වෙනවා. තව හිට් එකක් කරමුද? කියලා ඉතිං මම කිව්වා මේක මගේ උපන්දින මාසය කරමු කියලා. මගේ ආසම ගීත ශෛලිය තමයි රෙගේ ශෛලිය. මෙච්චර කාලයක් මම මගේ මාර්කට් එකට ඕනෑ විදිහට තමයි මියුසික් කළේ. මගේ ආස දෙයක් මම කළේ නැහැ. මගේ උපන් දිනයට රිලීස් කරන හින්දා මම ආස වැඩක් කරමු කියලා.


වැඩේට කවුද එකතු වුණේ?


අශාන් මල්ලි තමයි මට ලිරික්ස් කරන මල්ලිව හඳුන්වලා දුන්නේ. ඒ මල්ලි ඉන්නේ කටාර්වල. ඔහු මගේ ලොකු රසිකයෙක්. ඊට පස්සේ මම කිව්වා තුන් වේලම එළියෙන් කන තනිකඩ ජීවිතයට ගැළපෙන සින්දුවක් කරන්න කියලා. අපිට රෝසමල් දෙන්න කවුරුත් නැහැ. අත්සාන් අමීන් තමයි පද රචනාව සිදු කළේ. මගේ හිතේ තියෙන දේ කොහොම ලිව්වාද කියලා මට හිතාගන්නවත් බැහැ.


මම හැමදාමත් කරන්නේ තරුණ පරපුර සතුටු කරන දෙයක්. මම හිතන්නේ මේ ගීතයේ ශෛලයන් වෙනස්ම දෙයක්.


මියුසික් වීඩියෝ එක ගැන කතා නොකරම බැහැනේ?


මම හැමදාමත් එහෙමනේ. මට අදාළ නැහැනේ කවුද බනින්නේ කියලා. මට ඕනෑ දේ මම කළා.


වීඩියෝ එකට කට්ටිය බැන්නේ නැද්ද?


අපි හැමදාම ගීත කරන්නේ ලංකාවේ මිනිස්සුන්ට. ඕනෑම කෙනෙකුට විඳින්න පුළුවන් රූප රචනාවක් කරන්න මට ඕනෑවෙලා තිබුණා. ලංකාවෙන් පිට මිනිස්සු දැක්කොත්


ඒගොල්ලන්ටත් විඳින්න පුළුවන් වෙන්න ඕනෑ, මේ වගේ ඇඳුම් විලාසයන් ලංකාවට කොහෙත්ම හුරු නැහැ.


බිකිනියක් ඇඳලා මියුසික් වීඩියෝ එකක් කරන්න බය හිතුණේ නැත්ද?


නැහැ. මම හැමදාම සම්ප්‍රදාය අතික්‍රමණය කරපු කෙනෙක්. මම ගොඩාක් උඩුගම් බලා පිහිනුව කෙනෙක්. හැබැයි මම උඩුගම් බලා පිහිනීමේ ප්‍රතිඵල අද දකිනවා. ක්‍ෂේත්‍රයට එන තරුණියන් ලස්සනට පැෂන් කරනවා. දැන් ටිකක් අවංක වෙලා කතා කරනවා. කට්ටිය විවෘත වෙන්න උත්සාහ කරනවා. මම ආරම්භයක් දුන්න හින්දා ගොඩාක් දේවල් වෙනස් වෙලා තියෙනවා. මම හිතනවා මොකක් හරි හොඳ දෙයක ආරම්භයක් වේවි කියලා. වැරදි ඇසකින් බැලුවොත් අපිට ඕනෑම දෙයක් වැරදි විදිහටනේ පෙනෙන්නේ. අපි ජාත්‍යන්තර මට්ටමින් මේක බැලුවොත් හරි සරලයි. ඒක නතිං. මම ඕනෑම වෙලාවක අවදානමක් ගත්ත කෙනෙක්. මේ අවදානමත් ගත්තේ අපේ තරුණ කට්ටියට අනාගතයේ මොනවා හරි හොඳ දෙයක් සිද්ධ වේවි කියන බලාපොරොත්තුව ඇතිවයි.


ලැබුණු හොඳම කමෙන්ට් එක මොකක්ද?


මම ඔක්කොම කමෙන්ට් කියෙව්වා. විහිළු කමෙන්ට් පවා තිබුණා. ගොඩක් වෙලාවට හුඟක් හොඳ කමෙන්ට් තිබුණා.


“තාම බැඳලා නැහැ” කිව්වට පස්සේ කසාද බඳින්න යෝජනාවක් ආවේ නැතිද?


තවම නැහැ. සින්දුව රිලීස් වෙලා තවම දවස් හතරයි. මේ කතාබහ කරන අවස්ථාව වෙනකොට. ඉස්සරහට යෝජනාවක් එයිද කියලා බලමු. එතකොට මට ලබන අවුරුද්දේ සින්දුවක් ගහන්න පුළුවන් “ඔන්න මම බැන්දා” කියලා.


ප්‍රසංග වේදිකාවට ගොඩවෙන්නද මේ සූදානම?


මම එළිමහන් වේදිකාවල ලොකුවට සහභාගි වෙන එකක් නැහැ. නමුත් ගෘහස්ථ ප්‍රසංගවලට සහභාගි වෙන්න අදහසක් තියෙනවා.


ඇයි මේ රෙගේ ශෛලියේ ගීතයක් කරන්න අදහස් කළේ?


මම පුංචි කාලේ ඉඳලා රෙගේ ශෛලියේ ගීතවලට පුදුමාකාර ආසාවක් තියෙන්නේ. මම හිතන්නේ පෙර සංසාරෙක ලතින් ඇමරිකානු ජාතිකයෙක් වෙලා ඉපදිලාද දන්නේ නැහැ කියලා. මම ඒ සින්දුවල තේරුමක් දන්නෙත් නැහැ. මම හරි ආසයි ඒ ශෛලියට.


රඟපෑම් වැඩකටයුතු එහෙම කොහොමද?


හිරු නාලිකාවේ “ඔබ එන්න ඇවිත් යන්න” කියන ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වෙනවා. ටෙලි නාට්‍ය නම් ඒක විතරයි. සම්පත් ශ්‍රී රෝහණ අධ්‍යක්‍ෂණය කරනු ලබන “වරල්” කියන චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා සහභාගි වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. දැනට ඔය දෙක විතරයි. තවම අවුරුද්ද පටන් ගත්තා විතරයි ඉස්සරහට බලමු.


2026 හා හා පුරා කියලා බැඳලා නෑ කියලයි පටන් ගත්තේ?


අනේ ඕවා ලංකාවත් හොල්ලලා පටන්ගත්තු සින්දුව.


ක්‍ෂේත්‍රයේ අය සින්දුව ගැන මොනවද කිව්වේ?


මගේ වැඩවලට කවදත් ක්‍ෂේත්‍රයේ අයගෙන් ප්‍රතිචාර ලොකුවට ලැබෙන්නේ නැහැ. මම ඒ දේවල් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. මට හුඟක් වෙලාවට ප්‍රතිචාර ලැබෙන්නේ මගේ ප්‍රේක්‍ෂකයන්ගෙන්. මම හිතන්නේ ඒක තමයි වැදගත්. මට වැඩිපුර ඉන්නේ ප්‍රේක්‍ෂකයෝ විදිහට කොල්ලො තමයි. ඒ වුණාට කෙල්ලොත් මට හරි ආදරෙයි. දෙගොල්ලොම මට හරි ආදරෙයි.


දිනේෂ් විතාන

gossiplanka image 1
Previous Post Next Post