ගොඩක් අය හිතුවේ මම රට ගියා කියලා- මනෝජ් දේවගේ

gossiplanka image 2
 

කාලයක් කැපීපෙනෙන තරුවක් ලෙස චරිත හරහා ඔබට සමීප වුණු මනෝජ් දේවගේ පසුකාලීනව පුංචි තිරයෙන් අපිට දැකගන්න ලැබුණේ නැති තරම්. ඇත්තටම මනෝජ්ට මොකද වුණේ කියා ඔබත් හිතනවා ඇති. දිගු නිහැඬියාවකට පසු ඔන්න ඔහු නැවත රංගන කටයුතු සඳහා යොමුවෙලා. ඒ ගැන කතාබහ කරන්න මනෝජ්ට අපි කතා කළේ මේ විදියට.


ඉතින් කොහොමද?

හොඳින් ඉන්නවා. මේ වසරේ කලා කටයුතු වෙනුවෙන් පොඩි කාලයක් වෙන් කරගත්තා.

පසුගිය කාලයේ ඔබව නිර්මාණවලින් දැකගන්න ලැබුණේ නැහැ?

ඔව්. ගොඩ දෙනෙක් හිතාගෙන ඉඳලා තියෙන්නේ මම කලාව අතහැරලා විදේශගත වෙලා කියලා. ඇත්තටම මගේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් ලොකු කාලයක් වෙන් කළා. ඒ වගේම මගේ ඇහැක ඔපරේෂන් එකක් කළා. ඒ වෙනුවෙන් මට විවේකීව ඉන්න සිදුවුණා. ඒ වැඩ සියල්ල සමග මට නිර්මාණයක් වෙනුවෙන් කාලය වෙන් කරගැනීමට බැරි වුණා. ඉතින් මම හිතුවා කාලෙකින් නිර්මාණයකට සම්බන්ධ වුණේ නැති නිසා නිර්මාණයකට සම්බන්ධ වෙන්න.


ඉතින් කියමුකෝ බලන්න කාලෙකට ස්සේ සම්බන්ධ වුණු නිර්මාණය ගැන?

මේ දවස්වල වේදිකා නාට්‍යයක පුහුණුවීම් කරගෙන යනවා. ඊට අමතරව ටෙලිනාට්‍ය දෙකකට සම්බන්ධ වුණා. ලබන මාසේ මුල ඉඳලා අලුත් චිත්‍රපටයකට සම්බන්ධ වෙනවා. ඒ කටයුතු වෙනුවෙන් තමයි මම මේ දවස්වල මහන්සි වෙන්නේ.

හිතට දුකක් ඇතිවුණේ නැද්ද නිර්මාණවලින් ඈත්වෙලා ඉද්දී?

මට ඕනෙ කළා මෙගා නිර්මාණවලින් පොඩ්ඩකට ඈත්වෙලා හොඳ නිර්මාණයකට සම්බන්ධ වෙන්න. ඉතින් මම බලාපොරොත්තු වුණු විදියේ හොඳ නිර්මාණ කිහිපයකින් මට ආරාධනා ලැබුණු හින්දා මට හිතුණා ඒ නිර්මාණවලට සම්බන්ධ වෙන්න. අපි ඒ ගැන පසුව කතා කරමු. මගේ හිතට දැනුණු එකිනෙකට වෙනස් චරිත ලැබුණු නිසා මම ආශාවෙන් ඒ වැඩකටයුතු මේ දිනවල කරගෙන යනවා.

මේ වැඩකටයුතු අවසන් කර නැවත විදේශගත වෙනවද?

කොහොමත් මම අවුරුද්දට දෙපාරක් විතර විදේශගත වෙනවා. මගේ බිස්නස් වැඩ වෙනුවෙන් සහ ඇවිදින්න. ඉතින් මේ කටයුතු ඉවර කරලා පොඩ්ඩක් ඇවිදලා එන්න නැවත යනවා.

මේ යන තරගකාරීත්වයට රංගන ශිල්පියෙක් වශයෙන් ඔබ සූදානම්ද?

මට එහෙම කිසිම තරගයක් නැහැ. මේ යන විදියට මම හෙමින් යනවා. මොකද මගේ අරමුණ තියෙන්නේ බිස්නස් වෙනුවෙන් වැඩි කාලයක් යොදවන්න. හැම දේම සමබරව කරගෙන යනකොට මට පහසුයි. ලංකාවේ වෘත්තීය මට්ටමෙන් කලාව කරන්න බැහැ. පසුගිය කාලේ ලංකාවේ විවිධ ප්‍රශ්නවලට මුහුණ දුන්නා. ජනප්‍රිය වුණත් සැලසුමක් ඇතිව අපේ දේවලුත් කරගෙන කලා කටයුතු කරන එක තමයි මගේ එකම බලාපොරොත්තුව.

මනෝජ් මේ දේවල් කතා කරන්නේ කලකිරීමෙන්ද?

අහපු දැකපු දේවල් එක්ක කලකිරුණු වාර අනන්තයි. කලාකරුවන් අසරණ වුණු අවස්ථා තිබුණා. මුළු ලෝකයම පිනවන්න කලාකරුවෙක් උත්සාහ ගත්තාට අවසානයේ ඔහුව පිනවන්න කිසිම කෙනෙක් නැහැ. ඉතින් එහෙම දේවල් දකින්න ලැබෙනකොට කොහොමද වෘත්තීය මට්ටමෙන් කලාව කරන්නේ?


වසන්ත විතාරණගේ

gossiplanka image 1
Previous Post Next Post