හේට් කමෙන්ට්ස් දැක්කම මට හිනා යනවා -අශාන්‍යා

gossiplanka image 2
  


දඟකාරී, කටකාරී වගේම හරිම හැඩකාරී… මේ හැම දේකටම කලින් ඇය අපේ හිත් දිනාගත්ත ඒ පුංචි කෙල්ලයි. එදා වගේම අදත් ඒ දඟකාර හිනාවෙන්ම හැමෝම අතරට යන අශාන්‍යා ප්‍රේමදාස, මේ දිනවල ‘ළංවී ආවා’ ගීතයෙන් මුළු රටම තමන්ගේ හඬට වසඟ කරගෙන ඉන්නවා. ඉතින්, ඇගේ අලු‍ත්ම තොරතුරුත් එක්ක අශාන්‍යා අද අපේ ‘හාට්’ හැඩකරන්නේ මෙන්න මෙහෙමයි…


ඉතින් අශාන්‍යා වැඩකටයුතු කොහොමද?

වැඩකටයුතු නම් හොඳින් කරගෙන යනවා. මගේ අලුත් ගීතයකුත් ළඟදි රිලීස් කළා. ඉතින් ඒකේ වැඩ කටයුතුත් එක්ක ටිකක් කාර්යබහුලයි.

‘ළංවී ආවා’ නිර්මාණය ගැනත් කතාකරමු?

මේ ගීතයේ ලිරික්ස් කළේ ලසිත ජයෙනත්ති, මෙලඩි සහ රීමික්ස් කළේ දිල්ෂාන් එල්. සිල්වා. වීඩියෝ එක කළේ ඉරුෂ්ක බෝගොඩ.

ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා. මගේ අනිත් සින්දුවලට වඩා ඒක වෙනස් ආකාරයේ සින්දුවක්. බොලිවුඩ්, පන්ජාබ් මියුසික් එකට ටිකක් සමානයි. මේක වෙනස් ආකාරයේ නිර්මාණයක් නිසා හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා.

නිතරම ඉන්නෙ හිනාවෙලා නේද?

ඔව්. මම නිතරම හිනාවෙලා ඉන්න එක හරිම සාමාන්‍යයි. මොන ප්‍රශ්නෙ ආවත් හිනාවෙලා ඉන්න ඕනෙ කියලයි මම හිතන්නේ.

ඔබට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?

මගේ පවුලෙන් ඇත්තටම ලොකු සහයෝගයක් මට ලැබෙනවා. පොඩි කාලේ ඉඳන් ආසාව තිබ්බෙත් සිඟර් කෙනෙක් වෙන්න. ඉතින් දැන් මට ඔවුන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.

අශාන්‍යා කියන්නේ කොහොම චරිතයක්ද?

අශාන්‍යා කියන්නේ ඇත්තටම ගොඩක් කතාකරන කෙනෙක්. මම ගොඩක් කියවනවා ඉතින්.

විදේශ ප්‍රසංගවලින් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

දැනට මම විදේශ රටවල ප්‍රසංග කිහිපයකට ගිහින් තියෙනවා. ළඟදී යූ.කේ.වල ප්‍රසංගයකට සම්බන්ධ වුණා. ඒවගෙනුත් මට හොඳ ප්‍රතිචාර ලැබුණා.

ඔබේ හීනය ගායිකාවක් වීමද?

මම කොහොමත් පොඩි කාලේ ඉඳන් සිඟර් කෙනෙක් වෙන්න තමයි කැමැති. ඒක තමයි මගේ සිහිනය. මම රේස් පදින්නත් කැමැතියි. මගේ තාත්තයි අයියයි රේස් පදිනවා. ඒක ටිකක් භයානක නිසා අම්මා නම් වැඩි කැමැත්තක් නැහැ.

ඔබටම ගායන ශෛලියක් තියෙනවද?

ඔව් අනිවාර්යයෙන්ම. මම ගායනා කරන්නේ මගේම ස්ටයිල් එකකට අනුවයි. ගොඩක් කට්ටිය ඒකට මට බණිනවා. ඒකට හේතුව වෙන්නෙ මම පොඩි කාලේ ඉඳන් ඉංග්‍රීසි සින්දු තමයි වැඩියෙන් කියන්නෙ. ඒ ආභාෂයත් එක්ක තමයි මට මේ වගේ ගායන ශෛලියක් ආවේ. ඉතින් ඇත්තටම ඒක හොඳයි. මම ඒක වෙනස් කරන්නෙත් නැහැ. අශාන්‍යා කියන්නෙත් වෙනම ශෛලියක්.

අශාන්‍යා දැන් ගොඩක් ජනප්‍රියයි. කොහොමද ඉතිං දැනෙන්නේ?

ජනප්‍රියත්වය කියන්නේ ලස්සන දෙයක්. මම පොඩි කාලේ සිඟර් කෙනෙක් වෙන්න ආසාවෙන් හිටියේ. ජනප්‍රියත්වය කියන දෙයත් වෙලාවකට හරි අමාරුයි. එළියට යද්දී වුණත් ඒ ගැන හිතන්න ඕනේ. මිනිස්සු අතරට අපේ සින්දු ගෙනියන්න පුළුවන්.

ආපු මුල් කාලේ සෑහෙන්න කතා හැදුණා නේද?

ආව මුල් කාලෙනම් හේට් කමෙන්ට්ස් ගොඩක් ආවා. එතකොට කොහොමද ඒවාට මුහුණ දෙන්නෙ කියලා තේරුමක් නෑ. නමුත් දැන් ඒවා කිසි දෙයක් මම හිතන්නෙ නැහැ. මිනිස්සු විවිධාකාර දේවල් කියන්න ගත්තා, සිංහල කතා කරන විදිහ වෙනස්, එයාට වැඩිය සිංහල කතාකරන්න බැහැ කියලා. හැබැයි ඉතින් ඒ කවුරුත් දන්නෑ පොඩි කාලේ ඉඳලම මම ඉගෙනගත්තේ ඉන්ග්ලිෂ්වලින් කියලා. අපි පොඩි කාලේ ඉඳන් ගෙදරත් ඉන්ග්ලිෂ්වලින් කතා කරන්නෙ. ඉතින් ඒ නිසා පොඩි කාලේ ඉඳන්ම සිංහල සින්දු කිව්වේ නැහැ. සිරස වොයිස් ටීන්ස් ගියාට පසුව තමයි සිංහල සින්දු කියන්න පුරුදු වුණේ. ඒ වගෙ සිදුවීම් තියෙනවා. නමුත් දැන් ඉස්සර වගේ හේට් කමෙන්ට්ස් දැක්කම මට හිනා යනවා. ඒවා දැන් ගණන් ගන්නෙත් නැහැ බලන්නෙත් නැහැ. ඒවා ගැන දැන් හිතන්නෑ. මට කාත් එක්කවත් තරහක් නෑ. මට හුඟාක් ආදරේ කරන කට්ටිය ඉන්නවා. මට ඕනෙ දවසක මගේ නම ලෝකෙට ගෙනියන්න. ඉතින් දැන් මම ඒකට මහන්සි වෙනවා.

ඉදිරි වැඩ කටයුතු ගැනත් දැනගන්න කැමැතියි?

අලුත් නිර්මාණ ගොඩක් එන්න තියෙනවා. සමහර නිර්මාණ ගැන මට දැන්ම කියන්න බැහැ.


හිමාෂි මධුවන්ති

gossiplanka image 1
Previous Post Next Post