දන්න දේ නොදන්නවා වගේ ඉන්න පට්ටිගෙදර සුද්දා

gossiplanka image 1
 


කලාව යනු සාමූහික ප්‍රයත්නයකි. එම ප්‍රයත්නය තුළ තමන්ට ලැබෙන භූමිකාව හුදෙක් රංගනයකට පමණක් සීමා නොකර, එහි මනෝවිද්‍යාත්මක පැතිකඩ පවා සොයා යන ඔහු, වර්තමාන ටෙලි තිරයේ අප දකින සුවිශේෂ තරුණයෙකි. ‘ටේක් කෙයා’ ටෙලිනාට්‍යයේ කසුන් ලෙස ප්‍රේක්ෂක ආදරය දිනාගත් ඔහු, අද වනවිට ‘පට්ටිගෙදර’, සුද්දා ලෙසින් අපේම පවුලේ සාමාජිකයකු වී හමාරය. හොඳම නැගී එන නළුවා ලෙස ඇගයීමට ලක්වූ කසුන් තාරක, සිය කලා දිවියේ තොරතුරු ‘හාට්’ අප සමග මෙලෙස බෙදාගත්තා.


මේ දිනවල ඔබව ගොඩක් දෙනෙක් දන්නේ පට්ටි ගෙදර සුද්දා නමින්?

ඔව් මේ දවස්වල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන අනුශ්ක රසාංජනගේ පට්ටිගෙදර ටෙලිනාට්‍යයේ කැලුම් කියන චරිතය රඟදක්වනවා. මේ චරිතය ගොඩක් වෙලාවට සුද්දා කියන ගෙදරට කියන නමින් තමයි ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක් වෙන්නෙ. ඉතිං මම ඉතාම සතුටින් සම්බන්ධ වෙලා ඉන්න නිර්මාණයක් තමයි මේ නිර්මාණය.

‘පට්ටිගෙදර’ කියන්නේ වෙනස්ම නිර්මාණයක් කොහොමද ලැබෙන ප්‍රතිචාර?

වෙනස් කියන්නෙ මම හිතන්නේ මේ නිර්මාණය අපේ පොළොව ස්පර්ශ කරන නිර්මාණයක්. මේ නිර්මාණය තුළ තියෙන්නේ අපේ මහ පොළොවේ තියෙන අපි දන්න ඒත් නොදන්නවා වගේ ඉන්න වෙලා තියෙන යථාර්ථය තමයි.

මේ නිර්මාණයේ ඉන්න හැම චරිතයක්ම වගේ ලියවිලා තියෙන්නේ ප්‍රේක්ෂකයාගේ භාවමය පක්ෂය සියුම් ලෙස ස්පර්ශ කරන්න හැකි වෙන විදිහට. ඒ නිසා මේ නිර්මාණය ප්‍රේක්ෂක ජනතාව අතරට ගිහින් තියෙනවා කියලා හිතෙනවා. හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා

කොහොමද මේ ගමනට සම්බන්ධ වුණේ?

මම කලා කේෂ්ත්‍රයට සම්බන්ධව වැඩ කරන්නෙ කුඩා කාලේ ඉඳලාම තමයි. නමුත් උසස් පෙළ හැදෑරීමෙන් පසු විශ්වවිද්‍යාලයට ආවාට පස්සෙ තමයි පුංචි තිරය, ප්‍රසිද්ධ වේදිකාවේ රංගන කටයුතු වල නිරත වෙන්නෙ.

‘ටේක් කෙයා’ සාර්ථක ලෙස අවසන් වුණත්, කසුන් කියන්නේ මතකයේ රැඳුණු චරිතයක්. ඒ ගැන කතා කළොත්?

මගෙ නමත් කසුන්. ඒ චරිතයත් කසුන්. නමුත් ඒ චරිතය ඇතුළේ හිටියෙ මට අභියෝග කරන කසුන් කෙනෙක්. ඉතින් ඒ චරිතය ඇතුළේ තියෙන මනෝවිද්‍යාත්මක කාරණා වගේ ඒවා හොයන්න වුණා. ඒ වගේ චරිත අපිට එදිනෙදා ජීවිතයෙ ඕනෙ තරම් දකින්න ඉන්නවා. හැම වෙලාවෙම ඔවුන්ව නරක විදිහට විවේචනයට ලක්වෙනවා. ඒකට හේතුව තමයි ඔවුන්ගේ ඒ හැසිරීමට පදනම් වුණු මනෝවිද්‍යාත්මක කාරණා ගැන සමාජය දැනුවත් නැහැ. ඉතින් ඒ චරිත නිර්මාණයකට ගේන එකෙත් යම්කිසි අවදානමක් තියෙනවා. නමුත් එහෙම නොවෙන්න අනුශ්ක මේ චරිතය ගොඩනගලා තිබුණා. ඒ නිසා තමයි මිනිස්සුන්ට ඒ චරිතය මතක කියලා මම හිතනවා.

කසුන්ව දන්නේ පුංචි තිරයේ විතරයි. රිදී තිරයෙන් ආරාධනාවක් එනකම් බලන් ඇති?

ලංකාවේ සිනමාව ඉතාම හොඳ තැනක තියෙනවා. මේ වගේ මොහොතක ඉතින් ඇත්තටම හොඳ සිනමා නිර්මාණයක් හම්බවෙනවනම් සතුටුයි. ලැබුණොත් දෙවරක් හිතන්නෙ නැහැ හොඳ නිර්මාණයක් නම් භාර ගන්නවා.

අලුත් අවුරුද්දේ ඉදිරි වැඩකටයුතු ගැන කතා කළොත්?

අලුත් අවුරුද්දේ නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉදිරියෙදී බලන්න පුළුවන් වෙයි.

gossiplanka image 2
Previous Post Next Post