හඳ අල්ලන්න හැදු­වොත් තරු ගාවින් හරි නව­තියි - සෙව්වන්දි චන්ද්‍ර­සිරි

gossiplanka image 1


සෙව්වන්දි චන්ද්‍ර­සිරි කියන්නෙ රංග­නය තුළ නියැ­ළෙ­මින් රංග­නය හදා­ර­මින් ඉදි­රි­යට යන්න උත්සහ කරන යොවුන් පර­පුරේ රංගන ශිල්පි­නි­යක්. මේ දින­වල ‘මා’ නාට්‍ය හරහා පුංචි තිරෙන් දකින සෙව්වන්දි චන්ද්‍ර­සිරි සමඟ රස­ඳුන කළ කතා බහයි මේ.


සෙව්වන්දි ජීවිතේ කොහො­මද?


හැම දෙයක්ම වෙන්නේ හොඳට කියලා හිතා­ගෙන හොඳ නරක දෙකම බැලන්ස් කර­ගෙන හරිම සැහැ­ල්ලු­වෙන් හිනා­වෙලා ජීවිතේ ගෙව­නවා.


‘මා’ ටෙලි­නා­ට්‍යයේ කෝකි­ලාට ලැබෙන ප්‍රති­චාර කොහො­මද?


මම ‘මා’ ටෙලි­නා­ට්‍ය­යට කෝකිලා ලෙසින් එකතු වෙලා තාම ගත­වෙලා තියෙන්නෙ හරිම පොඩි කාල­යයි. ඒත් ඒ පොඩි දවස් ටික තුළ හොඳ ප්‍රේක්ෂක ප්‍රති­චාර ටිකක් ලැබෙ­මින් තියෙ­නවා.


මේ වෙද්දී නිර්මාණ කීය­කට විතර සම්බන්ධ වෙලා තියෙ­න­වද?


දැනට වැඩ අව­සන් වුණු නිර්මාණ දහ­යක් වගේ කරලා තිය­නවා . ඊට අම­ත­රව ඉදි­රි­යේදී තව ලස්සන නිර්මාණ කිහි­ප­යක් එන්නත් තියෙ­නවා.


‘සසං­කාරා’ හි චරි­තය තුළ ජීවත් වුණු කාල­යේදී ඔබේ ජීවි­තේට එකතු වුණු දේවල් මොන­වාද?


ඒක නම් මට ලොකු අත්දැ­කී­මක්. මම හරිම ආසා­වෙන් වැඩ කළේ. ඒ වගේ දුෂ්කර ගමක් එක්ක බැඳෙන ඒ ගැමි­කම මොහො­ත­කට හරි විඳින්න ලැබීම ගැන හරිම සතු­ටුයි. දුෂ්කර වුවත් හරිම සුන්ද­රයි.


චරි­ත­යක් භාර ගන්න කලින් මොන­වද බලන්නේ?


ලැබෙන චරි­ත­යට උප­රිම සාධා­ර­ණ­යක් කරන්න පුළු­වන්ද කියන දේ තමයි මම මුලින්ම බලන්නේ.


රංග­න­යේදී සීමා­වන් තියෙ­න­වද?


නවක රංගන ශිල්පි­නි­යක් වශ­යෙන් පොඩි සීමා­වන් කොට­සක් දැනට නම් තියෙ­නවා. බොහෝ දුරට සම­හ­ර­විට කාල­යත් එක්ක ඉදි­රි­යට සීමා­වන් ගැන නොහිතා වැඩ කර­න්නත් ඉඩ තියෙයි.


රඟ­පාන්න ආසා­වෙන් ඉන්න චරිත මොන­වද?


මම වැඩි­පු­රම කැමති ගැමි චරිත නිරූ­ප­ණය කරන්න. ඒ වගේම තමා පාසල් ශිෂ්‍යා­ව­කගේ චරි­ත­යක් නිරූ­ප­ණය කර­න්නත් හරිම ආසා­වෙන් ඉන්නවා. නමුත් වර්ත­මා­නයේ මට ලැබෙන ඕනෑම චරි­ත­ය­කට සාධා­ර­ණ­යක් කරන්න මං සූදා­නම්.


මෙතෙක් කරපු චරි­ත­ව­ලින් වැඩි­යෙන්ම ප්‍රේක්ෂක ආදරේ ලැබුණු නිර්මා­ණය මොකක්ද?


ස්වාධීන රූප­වා­හිනියේ විකා­ශ­නය වූ ‘සසං­කාරා’ (රේණු) /ස්වර්ණ­වා­හිනී නාළිකාවේ විකා­ශ­නය වූ ‘සිදා­දියේ සම­න­ලියෝ'(සෙව්වන්දි) සහ හිරු නළි­කාවේ විකා­ශ­නය වූ ‘හිච්චි'(සකු­න්තලා)චරි­ත­ව­ලට ප්‍රෙක්ෂ­කයෝ වගේම මමත් ගොඩක් ආදරේ කළා.


ඉදි­රි­යේදී ඔබ දැක­ගත හැකි නව නිර්මාණ මොන­වද?


මේ අවු­රුද්දේ ලස්සන නිර්මාණ කිහි­ප­ය­ක­ටම ආරා­ධනා ලැබිලා තියෙ­නවා. ඒ වගේම මේ දින­වල නව නිර්මා­ණ­යක රූග­ත­කි­රීම් ද කර­ගෙන යනවා. ලස්සන නිර්මාණ කිහි­ප­ය­කින්ම මාව ඉදි­රි­යට හමු­වෙන්න පුළු­වන්.


මේ ගමන එන්න ගෙද­රින් ලැබෙන සහ­යෝ­ගය කොහො­මද?


දැනට ඇවිත් තියෙන මේ කෙටි ගමන එන්න ගෙද­රින් ලැබුණු සහ­යෝ­ගය උප­රි­මයි. ඉදි­රි­ය­ටත් මේ සහ­යෝ­ගය මේ විදි­හ­ටම මම එයා­ල­ගෙන් බලා­පො­රොත්තු වෙනවා. එයා­ලට වගේම වච­නෙ­කින් පවා මේ ගමන යන්න උදවු කරන සිය­ලුම දෙනාට මම නිහ­ත­මා­නීව ස්තුති­වන්ත වෙනවා.


රංග­නය ඔබේ වෘත්තිය ද?


දැනට නම් ඔව්. නමුත් රංග­න­යත් සමඟ ඉදි­රි­යේදී මම මගේම කියලා ව්‍යාපා­ර­යක් පටන් ගන්න බලා­පො­රො­ත්තු­වෙන් ඉන්නවා.


නිළියක් නොවුණා නම් ඔබ කවුරු වෙයිද?


ඉස්සර මට එහෙම එකක් කියලා බලා­පො­රො­ත්තු­වක් තිබුණේ නැහැ. මම හිතන්නේ රැකි­යාව වුණත් තමන්ගේ දෛව­යට අනුව තමා හිමි­වෙන්නේ. අපි කරන්න ඕනේ ඒ හිමි­ වන අව­ස්ථාව දක්ෂ­ක­මින් කැප­වී­මෙන් වැඩි­දි­යුණු කර­ගන්න උත්සාහ කර­ගන්න එකයි.


අනා­ගත බලා­පො­රොත්තු මොන­වද?


සම්මා­න­ලාභී අති­දක්ෂ චරි­තාංග රංගන ශිල්පි­නි­යක් වීමයි මගේ ලොකුම හීනේ. අහසේ පායන හඳ අල්ලන්න හැදු­වොත් තරු ගාවින් හරි නව­ති­යිනේ. අන්න ඒ වගේ පුළු­වන් තරම් දුරක් යන්න මම උත්සාහ දර­නවා.div class="vgal"> gossiplanka image 2

Previous Post Next Post