සිනමාවේ මුල්ම රංගනය චොකලට් -රිතූ ආකර්ෂා

gossiplanka image 2


ටෙලිනාට්‍ය රැසක ආදරණීය චරිතයක් බවට පත්වුණු ඇය මේ දිනවල ‘හිතාගන්න බැරි කතාවක්’ ටෙලිනාට්‍යයේ ‘තිමලි’ චරිතය ඔස්සේ ඔබට සමීප වනවා. ඇය රිතූ ආකර්ෂා. 2026 නව වසරේ ආරම්භයත් සමග අලුත් පියවරක් තබන ඇය සමග ‘හාට්’ අපි දොඩමලු වුණේ මේ විදියටයි.


සුබ නව වසරක් වේවා කියලා ‘හාට්’ අපි මුලින්ම ඔබට සුබ පතනවා…

ඔබටත්, ‘මව්රට’ පත්තරේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් හැමෝටමත් ලැබූ 2026 අලුත් අවුරුද්ද සතුට පිරුණු වාසනාවන්ත වසරක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. නව වසර ආරම්භයත් එක්ක මම මුලින්ම සම්බන්ධ වන පුවත්පත් සාකච්ඡාව මෙය වීම ගැනත් සතුටුයි.

මේ වසරේ බලාපොරොත්තු ගොඩක් ඇති නේද?

එහෙම විශේෂ බලාපොරොත්තු නැහැ. ගෙවුණු වසරවල වගේම මේ වසරත් සතුටින් කලා කටයුතු සඳහා මගේ උපරිම දායකත්වය ලබාදෙනවා.

අලුත් ජීවිතයක් පටන් ගන්න අදහසක් එහෙම තවම නැද්ද?

ඔයා අහන්නේ විවාහය ගැන වෙන්න ඇති. ඒ දේවල් කාලයත් එක්ක ලස්සනට සිදුවේවි. ඒ දේවල්වලට හදිසි වෙන කෙනෙක් නෙවෙයි මම.


ඉතින් කියමුකෝ බලන්න තිබ්බ අලුත්ම පියවර ගැන?

චිත්‍රපටයක රඟපාන්න මට අවස්ථාවක් ලැබුණා. චිත්‍රපට රැසකින් මට ආරාධනා ලැබුණා. හැබැයි ඒ නිර්මාණවල චරිතවලට වඩා ‘චොකලට්’ චිත්‍රපටයේ චරිතයට මම ගොඩක් ප්‍රිය කළා. එහි මම රඟපාන්නේ දෙමළ යුවතියකගේ චරිතයක්. වෙනස්ම චරිතයක්. මේ දවස්වල චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා සම්බන්ධ වෙනවා. බලමු ඉතින් ප්‍රේක්ෂකයන් සිනමාවේ මගේ මුල්ම රංගනය මොන විදියට භාරගනීවිද කියලා.

අලුත් නිර්මාණයක් හරහා ඔබ නැවත පුංචි තිරයට එන්න සූදානමින් සිටින බව අපි දකිනවා?

සුමිත් රත්නායක අධ්‍යක්ෂණය කරන ගැහැනු, පිරිමි, මල්, පලතුරු ටෙලිනාට්‍යය හරහා මම නැවත වෙනස්ම චරිතයක් හරහා සම්බන්ධ වෙනවා. මම කලින් රඟපාලා නැති චරිතයක්. මම ගොඩක්ම ආසාවෙන් සම්බන්ධ වුණු ටෙලිනාට්‍යයක් එය. මමත් ආශාවෙත් මග බලාගෙන ඉන්න නිර්මාණයක් සුමිත් අයියා මට ඒ දුන්න නිදහස ගොඩක් වටිනවා. චාන්දනී සෙනෙවිරත්නගේ පොඩි දුව විදියට තමයි මම රඟපාන්නේ. ඒ චරිතය ගැන මම දැන්ම කතාකරන් කැමැති නැහැ. අපි එතකොට ඒ ගැන කතා කරමු. එය ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳගන්න නිර්මාණයක් වේවි.


වසන්ත විතාරණගේ

gossiplanka image 1
Previous Post Next Post