මේ දිනවල විකාශය වන ‘තප්පර කට්ටා’ ටෙලි නාට්‍යයට අලුතින් චරිතයක් එකතු වෙනව. ඒ, මල්මි. මල්මි ලෙසින් පුංචි තිරයට එන ඇය ශෙරංගි නටාෂා. නිරූපණ ක්‍ෂේත්‍රයේ කටයුතු කළ ශෙරංගිව තවත් ක්‍ෂේත්‍රයක් වෙත යොමු කරන්නෙ අවුරුදු කුමරිය තරගයක්.
වැඩි විස්තර අපි ඇයගෙන්ම දැනගනිමු.
ශෙරංගි, මල්මිගෙ චරිතය ප්‍රේක්‍ෂකයන් අතරට ආවා නේද?
ඔව්, ගිය සතියෙ තමයි මල්මිව මුලින්ම ප්‍රේක්‍ෂකයන්ට පෙන්නුවේ.
‘තප්පර කට්ටා’ ටෙලි නිර්මාණයට කොහොමද මේ ආරාධනය ලැබෙන්නෙ?
මේ ගැන මට කිව්වෙ හඳුනන අයිය කෙනෙක්. ඉන් පස්සෙ ඩිරෙක්ටර් සාලින්ද රත්නායක අයිය මට කතා කළා. ස්ක්‍රීන් ටෙස්ට් එකකින් පස්සෙ මාව සිලෙක්ට් කරගත්තා.
කොහොමද මේ අත්දැකීම?
තප්පර කට්ටා ටෙලි නාට්‍යය පටන්ගත්තෙ මීට අවුරුදු දෙකකට විතර කලින්. අතරමගදි ටිකක් නැවතිල තිබිල තමයි ළඟදි ආයෙත් පටන්ගත්තෙ. මම රඟපෑමෙන් සම්බන්ධ වුණ පළමු ටෙලි නාට්‍ය වෙන්නෙත් මේක. ඉතිං මට මේ නිර්මාණයේ හැම අංගයක්ම අලුත් සහ විශේෂයි.
පුබුදු සහ ධනුක සමග රඟපෑම ආධුනික ඔබට මොන වගේ අත්දැකීමක්ද?
පුබුදු අයියා සහ ධනුක අයිය කියන්නෙ සීනියර් ආටිස්ට්ල. මට ඔවුන් සමග වැඩකරන්න ලැබීම ගැන ඇත්තටම සතුටුයි. මම ක්‍ෂේත්‍රයට අලුත් කෙනෙක්. හරිම නිහතමානී විදිහට මගේ අඩුපාඩු පෙන්නල දීල චරිතය ගොඩනගාගන්න ඒ දෙන්නම ගොඩක් උදව් කළා.
ඔබ මෙගා වලට අකමැතිද?
ඇත්තටම මෙගාවලට මගේ ලොකු කැමැත්තක් නැහැ. මේ ටෙලි නාට්‍යයේ තියෙන්නෙ පොඩි කොටස් ප්‍රමාණයක් කිව්ව නිසයි මම සම්බන්ධ වුණේ.
ශෙරංගි කොහොමද නිළියක් වුණේ?
මම වැඩ කළේ නිරූපණ ක්‍ෂේත්‍රයේ. ඒ අතර 2022 අවුරුද්දෙ ටීවී දෙරණ මගින් පවත්වපු අවුරුදු කුමරි තරගයට ඉදිරිපත් වුණා. එයින් පස්සෙ නිර්මාණවලට ආරාධනා ලැබුණා. නමුත් හොඳ වැඩක් ආවොත් සම්බන්ධ වෙනව කියල හිතාගෙන ටිකක් නිහඬව හිටියා. ඒ අතරතුර තමයි තප්පර කට්ටා ටෙලි නාට්‍යයට ආරාධනය ලැබෙන්නෙ.
දැන් නිරූපණයෙන් ඈත් වෙලාද?
නිරූපණයෙන් ඈත් වෙලා නැහැ. නමුත් අපි යම් ආයතනයක් සමග ගිවිසුම්ගත වුණාම අනෙක් ආයතන සමග ගනුදෙනු කරන්න බැහැනෙ. ඉතිං ඒ ගිවිසුම අහෝසි වෙන කාලෙ වෙනතුරු ඉන්න වෙනව. ඒ නිසයි වෙළෙඳ දැන්වීම්වල වුණත් වැඩිය දකින්න නැත්තෙ.
ෆෝචූන් රෙසිඩන්ස් ටෙලි නිර්මාණයෙනුත් ඔබව දකින්න ලැබුණා?
ඔව්, මම මුලින්ම රංගනයෙන් එකතු වුණේ තප්පර කට්ටා ටෙලි නාට්‍යයට වුණත් ඉන් පස්සෙ සම්බන්ධ වුණ ෆෝචූන් රෙසිඩන්ස් ටෙලිය මුලින්ම විකාශය වුණා.
පුංචි තිරයේ වැඩිපුර දකින්න ලැබුණෙ නැහැ?
මගේ ව්‍යාපාර වැඩ සහ මොඩ්ලින් වැඩත් එක්ක ටෙලි නාට්‍යවලට වැඩිපුර සම්බන්ධ වෙන්න ඉඩක් ලැබුණෙ නැහැ.
කොහොමද ඇඳුම් එක්ක ගෙවන ජීවිතේ?
ක්ලෝතින් බ්‍රෑන්ඩ්ස්වල මොඩ්ල් කරනව සහ මමත් ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකක් කරනව. ඉතිං ඇඳුම් එක්ක තමයි මගේ ජීවිතේ වැඩිපුරම කාලෙ ගෙවෙන්නෙ.
ෆැෂන්වලට තියෙන්නෙ මොන වගේ නැඹුරුවක්ද?
මට ගැළපෙන විදිහට සහ තැනට ගැළපෙන විදිහට මම ෆැෂන් කරන්න කැමතියි. ටැටූ වගේ දේවල්වලටත් මම පෞද්ගලිකව කැමතියි. නමුත් තවමනම් එහෙම දෙයක් කරල නැහැ.
ශෙරංගි නටාෂා මොන වගේ චරිතයක්ද?
ශෙරංගි නටාෂා කියන්නෙ තමන්ගෙ වැඩක් කරගෙන පාඩුවේ ඉන්න චරිතයක්.
දිගටම රඟපාන්නද අදහස?
ඔව්, හොඳ නිර්මාණ ලැබුණොත්, මට ගැළපෙන, මම ආසාවෙන් ඉන්න චරිත ලැබුණොත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නව.
හැදෑරීමක් ඇතිව රංගනයට පිවිසුණොත් වඩාත් සාර්ථක වෙයි නේද?
ඇත්තටම රංගනය හදාරන්න ඕන. පාසල් කාලයේදී ඩ්‍රාමා වලට සම්බන්ධ වුණත් ඉන් පස්සෙ මේ විෂය වැඩිදුර හැදෑරීමක් කරන්න අවස්ථාව ලැබුණෙ නැහැ.
අවුරුදු කුමරිය තරගය ජීවිතේ ලොකු වෙනසක් සිදු කළා?
අනිවාර්යයෙන්. අවුරුදු කුමරිය තරගය කියන්නෙ මගෙ ජීවිතේ ලොකුම හැරවුම් ලක්‍ෂ්‍යයක්.
සමාජ මාධ්‍ය තුළ ශෙරංගිට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
ඇත්තටම හොඳයි. මට බණින කමෙන්ට්ස් ලැබෙනව ගොඩක් අඩුයි.
කලාවට සම්බන්ධ නොවුණා නම් ශෙරංගි මොනව කරයිද?
කලාවට සම්බන්ධ නොවුණා නම් මම ටීචර් කෙනෙක් විදිහට වැඩකරයි.
අලුත් නිර්මාණ මොනවද?
තප්පර කට්ටා ටෙලියට සම්බන්ධ වුණාට පස්සෙ මම තවම වෙනත් නිර්මාණයක් භාරගත්තෙ නැහැ. නමුත් නිරූපණ ක්‍ෂේත්‍රයේ අලුත් වැඩ වගේම මියුසික් වීඩියෝස් ගොඩක් එන්න තියෙනව.
සිනමාවට ආරාධනා ලැබුණද?
ඔව්, සිනමාවටත් ආරාධනා ලැබිල තියෙනව. නමුත් මට සෙට් වෙන ආරාධනයක් තවම ලැබුණෙ නැහැ.
රංගනයේදී ලිමිට්ස් තියෙනවද?
ඔව්, මම මටම ලිමිට්ස් හදාගෙන තියෙන්නෙ. චරිතයක් කරන්න පුළුවන් උපරිම දුරකට කරනව. එතැනින් එහාට නැහැ.
චරිත තෝරාබේරා ගන්නවා?
මම මේ ක්‍ෂේත්‍රයට අලුත් නිසා චරිතයක් ලැබුණම ටිකක් හොයල බලල ගැළපෙනවනම් තමයි භාරගන්නෙ.
කලා ක්‍ෂේත්‍රය ගැන අදහස මොන වගේද?
කලා ක්‍ෂේත්‍රය කියන්නෙ හොඳ තැනක්. මොන ක්‍ෂේත්‍රයක හිටියත් අපි හරියට හිටියොත් හොඳට වැඩකරගෙන ඉන්න පුළුවන්.
ශෙරංගි පෙම්වතියක්?
ඔව් මම පෙම්වතියක්.
ඔහුගෙන් ලැබෙන සහයෝගය?
මම බැහැ කියල අතහරින ගොඩක් තැන්වලදි ඔහු තමයි මාව දිරිගන්වන්නෙ. ඇත්තටම ඔහුගෙන් ලැබෙන සහයෝගය ඉතා ඉහළයි.
මහේෂ් එදිරිසිංහ