අවසන් සටන’ නැතිනම් වගීෂා සල්ගාදු කියලා කෙනෙක් නැහැ

gossiplanka image 2


පුංචි අවධියෙන්ම නැටුමට, ගැයුමට හපන් වගීෂා සල්ගාදු පුංචි තිරයෙන්, සිනමාවෙන් ඔබ හමුවට එන නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක්. වගීෂාව දැන් දකුණු ඉන්දියානු සිනමාවට නැතුවම බැරි රංගන ශිල්පිනියක් වී හමාරයි. ඇය කලාවට පිවිසි මුල්ම කාලයේ ඇයගේ පළමු පුවත්පත් සාකච්ඡාව විදියට අපටත් ඇය සමග කතාකරන්න අවස්ථාවක් ලැබුණා. දිගු නිහැඬියාවකට පසු නැවතත් වගීෂා ‘හාට්’ අපිත් එක්ක කතාබහ කළේ මේ විදියටයි.


ඉතින් කොහොමද වගීෂා?

හොඳින් ඉන්නවා. 2026 වසර ආරම්භයත් සමග වැඩ කිහිපයක් කරන්න හිතාගෙන ඉන්නවා. හොඳ නිර්මාණ කිහිපයක් හරහා ප්‍රේක්ෂකයන් අතරට යන්න තමයි බලාපොරොත්තුව.

අවසන් සටන හරහා ආපු දුරක්…?

ඇත්තටම මම කලාවෙන් පොඩ්ඩකට දුරස් වෙලා ඉන්න හිතාගෙන ඉන්න කාලවකවානුවක තමයි තිසර ඉඹුලාන අයියා මට කතා කළේ ‘අවසන් සටන’ මියුසික් වීඩියෝ එකට. සමහර විට මම අවසන් සටනට සම්බන්ධ නොවුණා නම් මේ වනවිට වගීෂා සල්ගාදු කියලා කෙනෙක් කලා ක්ෂේත්‍රයේ නැති වෙන්නත් පුළුවන්. හැබැයි ඒ හරහා නැවත මේ ආපු ගමන ලොකු දුර ගමනක් ඇවිල්ලා ඉන්නේ.


දැන් ඉතින් දකුණු ඉන්දියාවට නැතුවම බැරි කෙනෙක් වෙලා නේද?

මේ වනවිට දෙමළ චිත්‍රපට හතරක විතර මම රඟපාලා තියෙනවා. මගේ රංගන ජීවිතයේ මම ලබපු වෙනස්ම අත්දැකීමක් වගේම ලැබුණු සම්මානයක් හා වටිනවා. හිරු පුත්ත, නෙරුප්පු, වන්නම් කොන්ම වෙන්නිලමේ කියන දෙමළ චිත්‍රපට හරහා මම වෙනස් චරිත නිරූපණය කරනවා.

විදේශීය ශිල්පීන් සමග ලබපු අත්දැකීම් කොහොමද?

ඒ ගැන නම් කියන්න වචන නැහැ. ආදරය, ගරුත්වය මම හොඳට දැක්කා. ඔවුන් දේවත්වයෙන් කලාකරුවන්ව අදහනවා. අලුත්, පරණ ඒ ශිල්පීන්ට අදාළ නැහැ. ඔය විදියට ලංකාවෙත් තිබ්බා නම් ගොඩක් වටිනවා.

දෙමළ භාෂාව ප්‍රශ්නයක් වුණේ නැද්ද රඟපානකොට?

දෙමළ භාෂාව මම දන්නවා වුණාට උච්චාරණය වෙනස් ඒ ප්‍රදේශ අනුව. ඉතින් මම භාෂාව පුරුදු වෙනකම් ඒ සියලු දෙනාගෙන් පුදුම සහායක් තිබුණේ. දැන් ඉතින් ප්‍රශ්නයක් නැහැ.

කරපු කැපකිරීමට ඇගයීමක් නැහැ නේද තවම?

සම්මාන බලාගෙන රඟපාන කෙනෙක් නෙවෙයි මම. සම්මානයකට වඩා මගතොටේදී ප්‍රේක්ෂක ජනතාවගෙන් ලැබෙන ආදරය, හැම දේකටම වඩා වටිනවා.

gossiplanka image 1
Previous Post Next Post