මුලින්ම මම සම්බන්ධ වුණේ ‘පොඩි වැඩ්ඩෝ’ වැඩ­ස­ට­හ­නට -සංජනා දෙව්මි­ණී

gossiplanka image 2


අකු­රට යන වෙලාවේ’ ටෙලි නාට්‍යයේ ‘අමිතා’, ‘පහේ ළමයි’ නාට්‍යයේ ‘මිනුදි’, ‘ජහුටා’ටෙලි නාට්‍යයේ ‘සෙනුලි’ මේ දින­වල ප්‍රේක්ෂ­ක­යාට අම­තක නොවෙන චරිත බවට පත්වී ඇත. මේ සියලු භූමිකා ඔස්සේ ඔබ වෙත එන ඇය තව­මත් ළමා වියේ පසු­වන සංජනා දෙව්මි­ණීය. මේ අප ඇය හා කළ කතා බහයි.


සංජනා මොකද මේ දව­ස්වල කරන්නේ?


මේ දව­ස්වල ජහුටා, අකු­රට යන වෙලාවේ, පහේ ළමයි’ ටෙලි නාට්‍යවල රූගත කිරී­ම්ව­ලට සම්බන්ධ වෙනවා. මම සම්බන්ධ වුණු අලුත්ම නිර්මා­ණය තමයි ශලනි තාරකා නැන්දගේ ‘අස­න්දි­මිත’ටෙලි­නා­ට්‍යය. ඒ නාට්‍යයේ ‘ලොක්කි’ කියන චරි­තය මම කරන්නේ. ඒ වගේම පාසල් අධ්‍යා­පන කට­යු­තුත් කර­ගෙන යනවා.


ඔයාගේ විස්තර ටික­කුත් කිය­න්නකෝ?


මම ඉන්නේ කිරි­ව­ත්තු­ඩුවේ. මට වයස අවු­රුදු නව­යයි. දිය­ගම කනිෂ්ඨ විද්‍යා­ලයේ හතර වන ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. මට මේ තැනට එන්න ගොඩක් අය උදවු කළා. අම්මා, තාත්තා, චාගී වගීෂ, මදු­රංග, ශාන් ජය­රත්න, ලක්ෂාන් වත්තු­හේවා, කැලුම් කියන මාමලා ඇතුළු හැමෝ­ටම ගොඩක් ස්තුතියි.


සංජනා කලා ක්ෂේත්‍ර­යට පිවි­සෙන්නේ කොහො­මද?


මුලින්ම මම සම්බන්ධ වුණේ ‘පොඩි වැඩ්ඩෝ’ වැඩ­ස­ට­හ­නට. ඊට පස්සේ තාත්තාගේ යාළු­වෙක් වන නිහාල් චන්දන මාමා මාව හිරු නාළි­කා­වට හඳු­න්වලා දුන්නා. කලා ලෝකයේ මගේ පළමු ගුරු­ව­රයා වෙන්නේ චාගී වගීෂ මාමා. ඔහුගේ ‘ඔටුනු පලන් එඬේරු’ නාට්‍ය­යට තමයි මම මුලින්ම සම්බන්ධ වුණේ. ඒ නාට්‍යයේ දෙබස් කියන්න නැති ජව­නිකා කීප­ය­කට සම්බන්ධ වෙන්න අව­ස්ථාව ලැබුණා.


ඔයාත් ශිෂ්‍යත්ව විභා­ග­යට ලෑස්ති වෙන දරු­වෙක් විදි­හට ජහුටා නාට්‍යයේ චරි­තය කොහො­මද ඔයාට දැනෙන්නේ?


ඒ චරි­තයේ මම ශිෂ්‍ය­ත්ව­යට ලෑස්ති වන දරු­වෙක්. ඇත්ත ජීවි­තෙත් එහෙ­මයි. හැබැයි ඇත්ත ජීවි­තේදි නම් මගේ අම්මා සෙනු­ලිගේ අම්මා වගේ මට පීඩ­න­යක් දෙන්නෙ නැහැ.


මේ දේවල් කරන්න පාස­ලෙන් ඔයාට ලැබෙන සහ­යෝ­ගය කොහො­මද?


පාසලේ විදු­හ­ල්ප­ති­තු­මිය වගේම පංති භාර ටීචර් මට ලොකු සහ­යෝ­ග­යක් ලබා දෙනවා. අත­පසු වෙන පාඩම් වැඩ­වල සට­හන් යාළුවෝ දෙනවා, ඒ වගේම ඒ පාඩම් ටික මට ටීචර් කියලා දෙනවා.


ඔයාගේ පවුලේ අය ගැන මතක් කළොත්.


අපේ පවුලේ ඉන්නේ තාත්තයි, අම්මයි, අක්කයි, අයි­යයි, මමයි. මේ දව­ස්වල අම්මා එක්ක තමා මම රූගත කිරීම්වලට යන්නේ. තාත්තත් එයාට පුළු­වන් හැම වෙලා­වෙම මාව රූගත කිරී­ම්ව­ලට එක්ක­ගෙන යනවා.


සංජනා මේ වෙද්දි ටෙලි නිර්මාණ කීය­කට විතර සම්බන්ධ වෙලා තියෙ­න­වද?


ටෙලි නාට්‍ය විස්ස­කට වැඩි ප්‍රමා­ණ­ය­කට මං රංග­න­යෙන් දායක වෙලා තියෙ­නවා. මේ දව­ස්වල කරන නාට්‍යය තුනට අම­ත­රව ‘ඔටුනු පලන් එඬේරු, අහස සේ නුඹ, මතක තියෙන රිදු­මක්,ඉරි තැළුණු දෙපා, සඳ තරු මල්, අමිල වත්කම්’ වගේ නිර්මාණ ඉන් කීප­යක්. ඒ වගේම ඇට්ලස්, මන්චි ඇතුළු වෙ‍ළෙඳ සන්නාම කීප­ය­ක­ටත් දායක වුණා.


ඉස්ස­ර­හට අලුත් නිර්මා­ණ­ව­ලට ආරා­ධනා ලැබිලා තියෙ­න­වද?


ලබන අවු­රුද්දේ ශිෂ්‍යත්ව විභා­ගය නිසා මේ දව­ස්වල අලු­තින් වැඩ භාර ගන්නේ නෑ. නැත්නම් පාඩම් කරන්න වෙලාව හදා ගන්න අමා­රුයි. ඒ නිසා කෙටි කාල­ය­කට කලා කට­යු­තු­ව­ලට විරා­ම­යක් තිය­නවා.


ප්‍රේක්ෂ­කයා ආද­ර­යෙන් වැල­ඳ­ගත්ත ටෙලි නාට්‍යය චරි­තය මොකක්ද කියල ඇහු­වොත්?


මම සම්බන්ධ වුණු පළ­මු­වෙනි මෙගා ටෙලි නාට්‍යය වෙන්නේ අකු­රට යන වෙලාවේ. හැමෝම මට කීවේ රුවන්ගේ නංගි කියලා. පාර තොටේ ගියත් කට්ටිය අහන්නේ ඔයා රුවන්ගේ නංගී නේද කියලා. ඊට පස්සේ “ජහුටා” ටෙලි නාට්‍යය විකා­ශ­නය වෙන්න පටන් ගත්තට පස්සේ සෙනුලි කියන්න ගත්තා. සෙනුලී තමයි ගොඩක්ම ජන­ප්‍රිය.


රූගත කිරීම් අත­ර­තුර අම­තක නොවෙන සිදු­වීම් වෙලා ඇති…


‘අකු­රට යන වෙලාවේ’ නාට්‍යය රූගත කරද්දී එක සීන් එකක් තිබුණා මඩ ගෑවුණු සපත්තු දෙකක් දාන්න. ඒක දාන්න බෑ කියලා මම ඇඬුවා. ඒක නම් මට අම­තක වෙන්නෙ නෑ.


ඔයා රඟ­පාන්න ආස මොන වගේ චරි­තද?


එහෙම විශේ­ෂ­යක් නෑ. මට ගොඩක්ම ලැබිලා තියෙන්නේ දුප්පත්, ග්‍රාමීය දැරි­ය­කගේ චරිත. ඊට අම­ත­රව වෙනත් විදි­හක චරි­ත­යක් ලැබු­ණොත් මම සතු­ටින් භාර ගන්නවා.


විනෝ­දාංශ එහෙම තියෙ­න­වද?


විවේක වෙලා­වට සෙල්ලම් කර­නවා, සින්දු කිය­නවා, නට­නවා.


අනා­ගත බලා­පො­රො­ත්තුව මොකක්ද ?


මං ආස වෛද්‍ය­ව­රි­යක් වෙන්න. රංගන කට­යු­තුත් දිග­ටම කර­ගෙන යන්න කැම­තියි.

gossiplanka image 1
Previous Post Next Post