ජනප්‍රියත්වය කියන දේ තාවකාලිකයි-නතාෂා

gossiplanka image 2
 ‘සුළඟක් වී මං යනවා’ ගීතය ඇහෙද්දි අදටත් කාගෙත් මතකයට එන්නේ ඒ ජනප්‍රිය ගායන තරුවයි. තවත් විදියකට කියනවා නම් ආකර්ෂණීය රංගන ශිල්පිනියි. නිවේදිකාවයි.

ඇය නතාෂා පෙරේරායි. අපත් සමග කතාබහකට ඇය අද ‘හාට්’ වෙත ගොඩවැදුණේ මේ විදිහටයි.


ඉතින් නතාෂා කොහොමද මේ දවස්වල වැඩකටයුතු?

මේ දවස්වල රටේ තත්ත්වයත් එක්ක පොඩ්ඩක් වැඩකටයුතු නවත්තලා තියෙන්නේ. ලංකාවට ඇවිල්ලත් දැන් ටික දවසක් වෙනවා. අලුත් නිර්මාණ කිහිපයක් කරන්න බලාපොරොත්තුවෙනුත් ඉන්නවා. ඒ වැඩකටයුතුත් එක්ක තමයි හිටියේ ව්‍යවසනය වෙනකොට.

ළඟදී අලුතෙන් කවර් සෝන්ග්ස් කිහිපයක් කළානේ. අපි ඒ ගැනත් කතා කරමු?

ඔව්. කාලෙකට පස්සේ මම අවුරුද්දකට වැඩි කාලයක් මේවගෙන් ඈත්වෙලා හිටියා. ඊට පස්සේ ලංකාවට ආවට පස්සේ තමයි නැවතත් මම ආස අලුත් දේවල් කරන්න හැකියාව ලැබෙන්නේ. ඒකට තමයි මම කවර් සෝන්ග්ස් කීපයක් කළේ. ඉතින් දැනට නම් ගීත දෙකක් රිලීස් කරලා තියෙනවා. ඉදිරියටත් තව එන්න තියෙනවා.

‘නුඹට දුන්නු ආලේ’ ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම මම හිතුවටත් වඩා හොඳ ප්‍රතිචාර තියෙනවා. මොකද මම කාලයක් ඈත්වෙලා හිටියනේ. ඒ නිසා මාව අමතක වෙලා කියලාත් හිතුවා. නමුත් ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් හැමදාමත් මට ඒ වගේ ආදරේ කරනවට ස්තුතියි කියල තමයි කියන්න තියෙන්නේ.


ඇයි ඔබ මේ ක්ෂේත්‍රයෙන් ඈත්වෙලා හිටියේ?

මට පොඩි බ්‍රේක් එකක් ඕනෙ කියල හිතුණා. ඒක පෞද්ගලික හේතුවක් නිසා තමයි මම ඒ වගේ ලොකු තීරණයක් ගත්තේ. සමාජ මාධ්‍යවලින් විතරක් නෙවෙයි මම ෆෝන් එක පාවිච්චි කළෙත් නෑ. ෆෝන් එක පාවිච්චි කරන එක පවා මම නැවැත්තුවා. එය සිදුකළේ මම ඔස්ටේ්‍රලියාවලදී. හැබැයි ඒක හොඳ අත්දැකීමක් වුණා මට.

‘සුළඟක් වී මං යනවා’ ගීතය කාලය ඉක්මවා ගියත් අද ඒ ගීතය ඔබට දැනෙන්නෙ කොහොමද?

දැනට අවුරුදු 22ක් ඉවරයි ඒ ගීතයට. ඉතින් අදටත් කතාකරන්නෙ ඒ ගීතය ගැන. ඉතින් ඒ කාලෙයි අදයි ගත්තම සෑහෙන දේවල් වෙනස් වෙලා. ලෝක ස්වභාවයට අනුව ගොඩාක් දේවල් වෙනස් වෙනවා. නිර්මාණයක් විදියට ගත්තම ඒ නිර්මාණයට තියෙන ආදරය තාමත් තියෙනවා.

නැවත රංගන ක්ෂේත්‍රයට එන්න බලාපොරොත්තුවක් තියෙනවද?

මම ඔස්ටේ්‍රලියා යන්න කලිනුත් මට ආරාධනා ලැබුණා. මම ලංකාවෙන් පිට හිටිය නිසා මට ඒවා කරන්න බැරි වුණා. බලමු ඉදිරියේදී. හොඳ නිර්මාණයකට දායක වෙන්න ආසාවක් තියෙනවා.

ජනප්‍රියත්වය කියන දෙය ඔබ භාරගන්නේ කොහොමද?

ජීවිතේ හැම දෙයක්ම වගේම ඒකත් ඉතාම තාවකාලික දෙයක්.කවදාකවත් තමන් ලෝකයේම උඩින්ම ජනප්‍රිය කෙනෙකු වුණත් ඒක හැමදාම තියෙන දෙයක් නෙවෙයි. ඒක ඇතිවෙනවා වගේම ඒක නැති වෙනවා.

ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරයට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද?

හැමදාමත් වගේ මම අවුරුදු විසිදෙකකට වඩා කාලයක් ක්ෂේත්‍රයේ ඉන්නවා. කාලෙන් කාලෙට ලබාදෙන නිර්මාණ හැම දෙයක්ම ආදරයෙන් භාරගත්තා, භාරගන්නවා අදටත්. ඇයි මම නිර්මාණ කරන්නේ නැත්තෙ, ඇයි දැන් සින්දු කියන් නැත්තේ අහනවා. ඉතින් මම ඒ හැමෝටම ගොඩාක් ආදරේ කියලත් කියනවා. ප්‍රේක්ෂකයන් රසිකයන් ඉන්න තාක්කල් අපි මේ ක්ෂේත්‍රයේ ඉන්නවා. ඒවගේම ඔවුන් අපිව ප්‍රතික්ෂේප කළාම අපි රැඳෙන්නෙ නැහැ. ඒක තේරුම් අරගෙන ඔවුන් වෙනුවෙන් නිර්මාණ කරනවා. ඔවුන් වෙනුවෙන් ලස්සන දේවල් දෙන්න තමයි ආස. මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මට ආදරය කළ හැමෝටම. වචනෙකින් හරි මාව ධෛර්යයවත් කළාට ස්තුතියි.

නතාෂා කියන්නේ කොහොම චරිතයක්ද?

නතාෂා කියන්නේ හරිම සරල කෙනෙක්. මම ජීවිතේ ආසා දේවල් තියෙනවා. නමුත් ඉතාම සරලව, තව කෙනෙක්ට කරදරයක් නොවෙන්න ඉන්න කැමැති කෙනෙක්.

ඔබේ සැමියාගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

අපි කොහොමත් ක්ෂේත්‍රයේ නිර්මාණය කළේ වෙන වෙනම. මට ලොකු නිදහසක් දීලා තියෙනවා. මම හිතන්නේ ඒක තමයි ලොකුම සහයෝගය.

gossiplanka image 1
Previous Post Next Post