පුංචි කාලේ ඉඳන්ම කලාව පිහිටනවා කියන්නේ මොන තරම් වාසනාවක් ද? එහෙම රංග කුසලතාව සහ වාසනාව අරන් ආව කෙනෙක් තමයි පහන්දි වල්පිට කියන්නේ. අවුරුදු හතරේදී පටන් ගත්ත ලස්සන කලා ගමනක් ඇයට තියෙන්නේ. ලොකු කුඩා හැමෝගෙම ආදරේ නොඅඩුව ලබන මේ ළමා රංගන ශිල්පිනිය රංගනයෙන් දායක වන නවතම සිනමා නිර්මාණය තමයි Mr. මිසිස් කියන්නේ. පවුලේ හැමෝටම එකට හිඳ බලන්න පුළුවන් චිත්‍රපටයක්. ඒ ගැන වගේම මේ දිනවල ඇයගේ කලා කටයුතු ගැන අපි පහන්දි එක්ක කතා කළා.
මුලින්ම කියන්නකෝ මේ දවස්වල Mr. මිසිස් චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ප්‍රතිචාර නම් කියලා වැඩක් නැහැ. බලන හැමෝම කියන්නේ වෙනස් විදියේ හරිම ෆිල්ම් එකක් කියලා. මගේ චරිතේ වෙනුවෙන් මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මගේ යාළුවොත් දැන් පවුලේ අය එක්ක බලන්න යන්න ඉන්නේ.
Mr.මිසිස් පහන්දිගේ කීවෙනි චිත්‍රපටය ද?
මේ මගේ දොළොස් වෙනි චිත්‍රපටය.
දැන් පහන්දි රඟපාන්න ඇවිත් අවුරුදු කීයක් ද?
මම 2017 දී තමයි රඟපාන්න ආවේ. දැන් අවුරුදු 8ක් වෙනවා.
මේ වෙනකම් කරපු නිර්මාණ ගැන කොහේ හෝ සටහන් කරලද තියෙන්නෙ
ඉස්සර නම් අම්මි ඩයරියක් තියන් හැමදේම සටහන් කර ගන්නවා. දැන් නම් ඔක්කොම ෆෝන් එකේ තමයි. ගොඩක් නිර්මාණ එක්ක ඉන්න නිසා පහසුවට ෆෝන් එකේ සියල්ල තියන් ඉන්නවා.
පහන්දි දැන් ඉගෙන ගන්නෙ කී වසරේද?
දැන් මම ඉන්නේ 7 වසරේ.
පාසලේදීත් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මගේ පාසල වෙන්නේ රත්නපුර JMC ජාත්‍යන්තර විද්‍යාලය. මගේ පාසලේ විදුහල්පති, මැනේජර් සර්, ඒ වගේම මගේ ගුරුවරුන්, විශේෂයෙන්ම ලොකු සර් විදියට ඉන්න ජයසේකර සර් මට ලොකුම සහයෝගයක් ලබා දෙනවා කලා නිර්මාණ කටයුතු කරගෙන යන්න. විදුහල්පති සහ අපේ මැනේජර් සර් විදියට ඉන්න තරංග සර් නිතරම මට උපදෙස් ලබා දෙනවා. පාසලේ දී නම් ලැබෙන ප්‍රතිචාර බොහොමයි.
රංගනය නිසා ඇගයුම් සම්මාන කීයක් ලැබිලා තියෙනවාද?
මේ මෑතක දී ගත්ත සම්මානය එක්ක දැන් ඔක්කොම සම්මාන 10ක් ලැබිලා තියෙනවා. ඒ එක්කම මගේ පාසලෙන් මාව අගයලා සම්මානයක් ලබා දුන්නා.
රංගනය ට අමතරව පිහිනුම්වලට ද කැමැතිම
ඔව් මම පිහිනුම්වලටත් ආසයි. වැඩිපුරම ආස නම් ඩාන්සින්වලට. මගේ ඩාන්සින් ටීචර් රුවිනි. උඩරට පහතරට සබරගමු නැටුම් වගේම හිපොප් ඩාන්සින් ඉගෙන ගන්නවා. රුවිනි ටීචර්, කලණ සර් මට හැමදේම කියලා දෙනවා. මේ හැමදේටම අමතරව මම ක්‍රීඩාවට ආසයි. දිමුතු සර් යටතේ Running, High Jump, Long Jump සහ Hurdles කරනවා.
ලොකු වෙලාත් රංගන ශිල්පිනියක් විදියට ඉන්න ද කැමැති
මගේ අම්මි නම් කියන්නේ මේ හැකියාවන් හැම ළමයෙක්ටම පිහිටන්නේ නැති නිසා මේක සරස්වතී මෑණියන්ගෙන් ලැබුණු වරමක් කියලා. ඒ නිසා ලොකු වුණාමත් රංගන කටයුතු කරන ගමන් වෙනත් රැකියාවක් කරන්නත් හිතන් ඉන්නවා.
මේ ගමනේදී අපි පහන්දිට ගෙදරින් ලැබෙන සහයෝගය ගැන කතා නොකරොත් අඩුවක්
ඉස්සෙල්ලම ස්තුතිවන්ත වෙන්න ඕනේ මගේ අම්මිට. එයා තමයි මගේ මේ හැම කටුතුවලදීම මගේ පස්සෙන් ඉඳිමින් මගේ හයියට ඉන්නේ. ඒ වගේම මගේ තාත්තා සහ මට ඉන්නේ අයියා කෙනෙක්. ඒ දෙන්නත් මට මේ ගමන යන්න ලොකුම සහයෝගයක් ලබා දෙනවා. මේ වගේ ආදරණිය දෙමාපියන් සහ සහෝදරයෙක් ලබන්න මම වාසනාවන්ත වෙලා තියෙනවා. මගේ ශක්තිය මගේ හයිය මගේ පවුලේ අය තමයි.
ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවාද?
ගොඩක් ටෙලි නාට්‍යයවලට කතා කළා. හැබැයි දීර්ඝ කොටස් ගාණක නාට්‍ය නිසා අම්මි කිව්වා ඒ නාට්‍ය පොඩ්ඩක් අඩු කරලා ඉගෙනීම් කටයුතු පැත්තට යොමු වෙන්න කිව්වා. චිත්‍රපට දෙකක් එන්න තියෙනවා. චරිත් මාමගේ ඉම චිත්‍රපටය. සුමිත් ගල්හේන මාමිගේ සඳලි චිත්‍රපටය. ඒ එක්කම මේ දෙසැම්බර් මාසේ රූගත කරන චිත්‍රපට දෙකකට කතා කළා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම්වලට යනවා. මේ කාලය ගත්තම නම් මිස්ටර් මිසිස් චිත්‍රපටය වෙනුවෙන් තියෙන ප්‍රවර්ධන වැඩසටහන්වලට යනවා. සම්මාන උළෙලවලට යනවා. ඔය දේවල් තමයි.
අනාගත බලාපොරොත්තු මොනවාද?
එක එක බලාපොරොත්තු තිබුණා. කාලයක් මම ආස කළා නැටුම් ගුරුවරියක් වෙන්න. ඒ වගේම වෛද්‍යවරියක් හෝ නීතිඥවරියක් වෙන්න. හැබැයි දැන් මට තියෙන ආසාව තමයි අධ්‍යක්ෂවරියක් වෙන්න. ඒ වගේම මට තියෙන තවත් ආසාවක් තමයි නිවාස නැති අයට නිවාස හදලා දෙන එක.