මුතූට ලොකු අලකලංචියක්-මුතූ තරංගා

gossiplanka image 2
කලක් රංගනයෙන් ඈත්ව සිටි ඇය නැවතත් සිරස ටීවී හරහා විකාශය වන ‘ආලේ’ ටෙලිනාට්‍යයෙන් ඔබේ ආලින්දය මේ දිනවල හැඩකරනවා. දක්ෂ රංගන ශිල්පිනියක්, ගායිකාවක් මෙන්ම සෙනෙහෙබර මවක්ද වෙන මුතූ තරංගා සමගයි අද ‘මව්රට’ ‘හාට්’ අපේ කතාබහ.Sri Lanka Latest News


මුතූට මේ දවස්වල ලොකු අලකලංචියක් වෙලා තියෙනවා කියන්නේ ඇත්තද?

අනේ ඔව්…. මගේ නම පාවිච්චි කරලා කෙනෙක් වැරදි දේවල් කරනවා. එයාගේ ඇත්ත නම මුතු නෙවෙයි. ඒ වුණාට එයා මුතූ කියලා තමයි නම පාවිච්චි කරන්නේ. මේ දවස්වල මට හරියට කෝල් එනවා මුතුද කතා කරන්නේ කියලා අහලා.

ඉතිං මොනවද මේ කතා කරන අය අහන්නේ?

එයාලා කෝල් කරන්නේ සෙක්ස් දේවල්වලට. මම ඇත්තටම එහෙම කෝල් ආවම මම ඒ අයට කියනවා මම එහෙම කෙනෙක් නෙවෙයි කියලා. මම මුතු තරංගා කියලා. එතකොට එයාලා ෂොක් වෙනවා. මේක මට ගොඩක් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මේ නිසාම මිනිස්සු අතරට මං ගැන වැරදි අවබෝධයක් ගිහින් තියෙනවා.

කවුද මේ මුතු විදිහට පෙනී ඉන්න දඟලන කෙනා?

එයා මේ ෆීල්ඩ් එකේ නෙවෙයි ඉන්නේ. එයා මොඩ්ලින් ෆීල්ඩ් එකේ ඉන්නේ. එයා ඇත්තටම සෙක්ස් පැත්තෙන් ගොඩාක් ප්‍රසිද්ධ වෙලා කැපීපෙනිලා ඉන්න කෙනෙක්. ෆීල්ඩ් එකේ අය වුණත් මාව දන්නේ මුතු තරංගා කියලනේ. මුතූලා දෙන්නෙක් නෑනේ අපේ ෆීල්ඩ් එකේ. මේක මගේ නමට වගේම චරිතයට ලොකු කැළලක් වෙලා තියෙන්නේ. මේ ගැන මගේ ප්‍රේක්ෂකයන් දැනගන්න ඕනෙ. නැත්නම් මං ගැන මගේ ප්‍රේක්ෂකයන් වැරදි අවබෝධයක් ගනීවි.




මේ අලකලංචි අස්සේ මේ දවස්වල වැඩකටයුතු කොහොමද?

මේ දවස්වල ටිකක් බිසී වෙලා තියෙනවා. අලුතින් ටෙලිනාට්‍යයක වැඩකටයුතු පටන් ගත්ත නිසා එක දිගටම වැඩ කරගෙන යනවා.

කාලෙකින් ඔබ නැවත රංගනයට එකතු වෙලා. ඇයි රංගනයෙන් ඈත් වුණේ?

රංගන ක්ෂේත්‍රයෙන් ඈත්වුණේ ඇත්තටම බබා නිසා. බබා ටිකක් ලොකු වෙනකන් හිටියා.

සිරස ටීවී හරහා මේ දිනවල විකාශය වන ‘ආලේ’ ටෙලිනාට්‍යයේ ඔබේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම ඉහළයි. විශේෂයෙන් ගොඩක් අය මගෙන් ඇහුවා ඇයි මුතු රඟපාන්නේ නැත්තේ කියලා. ආයේ ඔයාව ටීවී එකේ දකින්න ආසයි වගේ දේවල් කිව්වා. ඉතින් මටත් මේ ටෙලිනාට්‍යය හොඳ අවස්ථාවක් වුණා. ඇත්තටම මම අවුරුදු පහකට පස්සේ ටෙලිනාට්‍යයක රඟපාන්නේ.

නිර්මාණයකදී ඔබ ගෙවන මුදල ගැන වැඩිපුර හිතන කෙනෙක්?

මං කොහොමත් නාට්‍යයක් කරන්න භාර ගන්නකොට මූල්‍යමය පැත්ත බලනවා වැඩියි. හේතුව අපි දවසම ඒ නාට්‍ය වෙනුවෙන් කැපකරනවා. ඉතින් එතකොට අපිට ඒකට සරිලන ගානක් දෙන්න ඕනෙ. ඕනෙම ක්ෂේත්‍රයක පඩි වැඩිවීමක් තියෙනවා. නමුත් අපේ ක්ෂේත්‍රයේ අවුරුදු දහයකට කලින් ගත්ත ගානටම තමයි දැනුත් කතා කරන්නේ. ඉතින් ඒ නිසා මගේ ගානක් තියෙනවා. මම නාට්‍ය කරන්නේ ඒ ගානට. ඒක නිසා මම හොඳ නාට්‍යයක් භාර ගන්නේ හොඳ ගෙවීමකුත් තියෙනව නම් විතරයි.

ඒ කියන්නේ වැඩිපුර මුදල් ගෙවනවා නම් ඔබ ඕනෙම චරිතයක් කරනවද?

වැඩිපුර මුදල් ගෙවනවා නම් චරිත කරනවා කියන එක නෙවෙයි. ඕනෙම ආටිස්ට් කෙනෙක් තමන් ඉල්ලන ගානක් තියෙනවා. ඉතින් දැන් ගොඩක් අය අපිට නිර්මාණ දෙනකොට අපිට එයාලා ගානක් කියනවා. අපි ඒ ගානට කැමැති නම් කරන්න කියලා වගේ එකක් තියෙන්නේ. ඉතින් එහෙම බෑ. එහෙම කලාවක් කියලා දෙයක් තියෙන්න බෑ. ආටිස් කෙනෙක්ට වටිනාකමක් තියෙනවා. ඉතින් ඒ වටිනාකමට අනුව ආටිස්ට්ලට මුදලක් දෙන්න නිෂ්පාදකයන් දැනගන්න ඕනි. ආටිස්ට් කෙනෙක්ව නිර්මාණයකට ගන්නවනම් ඒ නිර්මාණයට අදාළ මුදල ආටිස්ට්ලට තීරණය කරන්න ඉඩක් ලැබෙන්න ඕනෙ. ඉස්සර චරිතයට ගැළපෙන ආටිස්ට්ලව තෝරා ගත්තේ. නමුත් දැන් මුදලට ගැළපෙන ආටිස්ට්ලව තමයි නාට්‍යවලට ගන්නේ. එතන කලාවක් නෑ. එහෙම කලාවක් දියුණු වෙන්නෙත් නෑ.

මුතූ රඟපාන අලුත්ම චිත්‍රපටය ‘සූරිය සුළ`ඟ’ ගැනත් කියමු?

මේක ෆැමිලි එකක කතාවක්. මේඝ සූරියආරච්චිගේ අක්කගේ චරිතය රඟපාන්නේ. ‘සූරිය සුළඟ’ චිත්‍රපටය ළඟදිම ප්‍රේක්ෂකයන් අතරට එනවා. මේකේ අක්කා සහ මල්ලිට සිදුවෙන ප්‍රශ්නයක් නිසා ඒකට පීඩාවෙන් ඉන්න සිදුවීමක් තියෙන්නේ.

ඉතින් මුතු ඉදිරි වැඩකටයුතු ගැනත් කියමු නේද?

මේ දවස්වල ආලේ නාට්‍යයේ ෂූටින් යනවා. ඊට අමතරව ටීවී ප්‍රෝග්‍රෑම්වලට නැවතත් සම්බන්ධ වෙලා ඉන්නවා. ප්‍රේක්ෂකයන්ට දැන් මාව ආයෙත් දකින්න ලැබෙනවා. ඒ වගේම ප්‍රේක්ෂකයන්ගේ ආදරය තාමත් එදා වගේම ලැබෙන එක ගැන සහ මුතු තරංගා කියන නම තවමත් ප්‍රේක්ෂකයන්ට මතක තියෙන එක ගැන මම ඇත්තටම ගොඩක් සතුටු වෙනවා.

gossiplanka image 1
Previous Post Next Post