ආච්චි හිටියා නම් හොඳයි කියලා හිතෙන වාර අනන්තයි- කුෂේන්‍යා

gossiplanka image 2


ඔබට මතක නම් මීට පෙර තිරගත වූ වින්දන ආරියවංශ සහ කල්පන ආරියවංශ සොහොයුරන්ගේ රූකඩ පැංචි චිත්‍රපටයේ ‘රූකඩ පැංචි’ ගේ චරිතය නිරූපණය කළ ළමා රංගන ශිල්පිනිය. අද ඇය යොවුන් රංගන ශිල්පිනියක්. ‘රූකඩ පැංචි’ චිත්‍රපටයෙන් පසුව ඇය යළිත් රිදී තිරෙන් දැක ගන්න ලැබෙනවා. ඒ, වින්දන ආරියවංශ සහ කල්පන ආරියවංශ සොහොයුරන්ගේ නවතම සිනමාපටය වන ‘මලකි දුවේ නුඹ’ හි ප්‍රධාන චරිතය තුළින්.




 කුෂේන්‍යා කියන්නේ රංගන පරම්පරාවකට හිමිකම් කියන්නියක්. ඇය ගැන සරලවම කියන වා නම් අපේ රටේ නිළි රැජින වන මාලනී ෆොන්සේකාගේ මිනිබිරියක්. උපතින්ම කලා පවුලක උරුමය ලබන්නට වාසනාවන්ත වූ ඇය ෆොන්සේකා රංගන පරම්පරාවේ තුන්වැනි පරම්පරාවේ පළමුවැනියායි. ‘මලකි දුවේ නුඹ’ සිනමා නිර්මාණය ලාංකීය සිනමාවට මෙන්ම ඇයට සුවිශේෂී නිර්මාණයක්. එයට හේතු වෙන්නේ මේ සිනමා නිර්මාණයේ මාලනී ෆොන්සේකා, සමනලී ෆොන්සේකා සහ කුෂේන්‍යා ෆොන්සේකා යන පරම්පරා ත්‍රිත්වයම රංගනයෙන් එක්වීමයි. ඒ නිසාම ‘පිනිපලස’ මේ කතාබහ කුෂේන්‍යා ෆොන්සේකා සමගයි....




කුෂේන්‍යා කොහොමද ජීවිතේ...




හොඳයි. හොඳින් ඉන්නවා.








මේ දවස්වල මොකද වෙන්නේ...




උසස් අධ්‍යාපන වැඩ කටයුතු කරන ගමන් ඉන්නෙ.




මලකි දුවේ නුඹ, ඔයාව රිදී තිරෙන් යළි දකින සිනමා නිර්මාණය. ඒ ගැන කතා කළොත්... ෆොන්සේකා පරම්පරා තුනම ඉන්න චිත්‍රපටයක් නේද?




ඔව්, මේක මගේ තුන්වැනි සිනමා නිර්මාණය. ඒ වගේම පරම්පරා තුනක්ම ඉන්න එක ගැන සතුටුයි.




මෙහෙම අවස්ථාවක් ලැබුණු එක ගැන මොකද හිතෙන්නේ...




ඒක ගොඩක් විශේෂ අවස්ථාවක් නිසා ඒ ගැන නිහතමානී ආඩම්බරක් තියෙනවා.








සැබෑ ජීවිතේ ආච්චි චිත්‍රපටයේත් ආච්චි වුණාම කොහොමද දැනුණේ...




ඔව්, ආච්චිගෙන් ලොකු සහයෝගයක් ලැබුණ නිසා ගොඩක් පහසු වුණා.




ශානි නැන්දානේ චිත්‍රපටයේ අම්මා වුණේ, කොහොමද එයාගෙන් ලැබුණු සහයෝගය...




ශානි නැන්දාත් එකක් තමා ගොඩක්ම මට රඟපාන්න තිබුණේ. එයාගෙනුත් ලොකු සහයෝගයක් ලැබුණා, ගොඩක් දේවල් කියලා දුන්නා.




මලකි දුවේ නුඹ, හි අමතක නොවන මතකයන් ඇති...




ඔව්, අමතක වෙන්නෙම නැත්තේ ශානි නැන්දා එක්ක scene එකක් තියනවා ටිකක් සැරෙන් රණ්ඩුවෙ ඒක තමයි.




අපි වින්දන සහ කල්පන කියන අධ්‍යක්ෂවරු දෙන්නා ගැනත් කතා කරමු, කුශේන්‍යාට නම් හොඳින් හුරු පුරුදු අධ්‍යක්ෂවරු දෙන්නෙක්නෙ...




ඔව්, ඒ දෙන්නත් එක්ක මම කලිනුත් වැඩ කරලා තියන නිසා මේ චිත්‍රපටය කරන්න ගොඩක් පහසු වුණා.




චිත්‍රපටයේ චනුලි නම් අම්මා එක්ක නිතරම රණ්ඩු කරන චරිතයක්. සැබෑ ජිවිතේ කුශේන්‍යා මොන වගේ චරිතයක්ද...




සැබෑ ජීවිතෙත් ටිකක් ඒ වගේම තමයි.




සිනමාවේ ඉදිරියට එන්න තියෙන නිර්මාණ තියෙනවද?




දැනට නැහැ.




චරිතයක් බාර ගන්න කලින් මොනවද බලන්නේ?




මුලින්ම මට ගැළපෙනවද කියලා බලනවා. ඒ එක්කම මට ඒ චරිතෙට සාධාරණයක් කරන්න පුළුවන්ද කියන එක ගැන මුලින්ම හිතනවා.




පිටපතක් ලැබුණම ඒ දේ ගැන කතා කරන්නෙ කා එක්කද...




ශානි නැන්දා සහ මගේ අම්මි තාත්ති එක්ක.




පුංචි තිරයේ නිර්මාණ භාර ගන්නේ නැද්ද?




එහෙම විශේෂයක් නැහැ. හොඳ පිටපතක් ලැබුණොත් බාර ගන්නවා.




ආච්චි අද ජීවතුන් අතර නැහැ, එදාට වඩා අද ආච්චිව දැනෙන තැන් ඇති...




චිත්‍රපටය බලන හැමපාරම එයා හිටියා නම් කියලා හිතෙනවා. මොකද එයාට ඒ චිත්‍රපටය බලන්න අවස්ථාවක් ලැබුණෙ නැති නිසා. ආච්චි ආසාවෙන් හිටියා.








කලාවෙන් ඉදිරියට යන්න ආච්චි මොන වගේ දෙයක්ද මිනිබිරියට කිව්වේ...




හොඳ නිර්මාණ බාරගෙන කරන්න කියන එක තමයි කිව්වෙ.




ෆොන්සේකා පවුලේ කෙනෙක් වීම ගැන මොකද හිතන්නෙ...




ඒ ගැන නම් ගොඩක් සතුටුයි. ඒ වගේම නිහතමානී ආඩම්බරයක් තියෙනවා.




 දිගටම රඟපාන්න කැමැත්තක් නැද්ද?




 රඟපාන්න අකමැත්තක් නෑ. හැබැයි හොඳ නිර්මාණයක් ලැබුණොත් කරනවා.




 අනාගත බලාපොරොත්තු මොනවද?




 අධ්‍යාපන කටයුතු වගේම කලා කටයුතුත් හොඳින් කරගන්න බලාපොරොත්තු වෙනවා.

gossiplanka image 1
Previous Post Next Post