ජාත්‍යන්තර තරගයකට ගියේ අවුරුදු හතකට පස්සෙ-නිලූෂි පවන්‍යා

gossiplanka image 1


පසුගිය දිනෙක තායිවානයේදී පැවැත්වුණ ‘ෆේස් ඔෆ් බියුටි ඉන්ටර්නැෂනල්’ තරගය සඳහා අපේ රට නියෝජනය කරමින් ඉදිරිපත් වුණේ රංගන ශිල්පිනි නිලූෂි පවන්‍යා. එහිදී ඇය ‘බෙස්ට් ටැලන්ට්’ තරග අංශය ජයග්‍රහණය කරනව. රංගනය ක්‍ෂේත්‍රයේ මෙන්ම නිරූපණ ක්‍ෂේත්‍රයේත් දීප්තිමත් තරුවක් වන නිලූෂි, තම ජයග්‍රහණය ගැන ‘මීවිත’ට මෙසේ අදහස් පළකළා.

නිලූෂි පසුගිය දවස්වල ඉදිරිපත් වුණ ජාත්‍යන්තර තරගය ගැන මුලින්ම කතා කළොත්?


ඔව්, ඒ ෆේස් ඔෆ් බියුටි ඉන්ටර්නැෂනල් තරගය. පැවැත්වුණේ තායිවානයේ. මේ සඳහා අපේ රටේ නැෂනල් ඩිරෙක්ටර් විදිහට කටයුතු කළේ අර්ජුන සේනානායක මහත්මයා. තරගයෙන් පස්සෙ මම ලංකාවට ඇවිත් දැන් දවස් කිහිපයක් වෙනව. මේ සඳහා රටවල් හතළිහකින් පමණ තරගකාරියන් සහභාගි වුණා.



ඔබේ ජයග්‍රාහී අංශය ගැනත් කියමු?


මම මේ තරගයෙන් බෙස්ට් ටැලන්ට් කියන තරග අංශය ජයග්‍රහණය කළා. ඒ වගේම හොඳම රටවල් විස්ස අතරටත් තේරීපත්වෙන්න අවස්ථාව උදාවුණා. මේ තරගයේ වෝටින් කරන සිස්ටම් එකක් තිබුණා. නමුත් ඒ වන විට අපේ රටේ තිබුණෙ සීරෝ පොයින්ට් තත්ත්වයක්. නමුත් මට සතුටුයි, අපේ රටේ එවැනි තත්ත්වයක් තිබිලත් ඒ තරම් ඇචීව් කරපු එක ගැන.


මෙවැනි පැජන්ට් එකකට සහභාගි වෙන්න ලැබීම ගැන ඔබේ අදහස මොන වගේද?


ලංකාව ඇතුළත ගත්තාම මගේ නම තමයි ප්‍රමෝට් වෙන්නෙ. නමුත් අපි රටකට ගිහින් වර්ල්ඩ් කම්පිටිෂන් එකකට සහභාගි වුණාම මගේ නම වෙනුවට යන්නෙ රටේ නම. අනෙක් රටවල අයත් මට කතාකරන්නෙ මගේ නමින් නෙමෙයි, ශ්‍රී ලංකා කියල. මම වුණත් එහෙමයි. ලංකාව කියන්නෙ ගොඩක් පොඩි රටක්. අපේ රට ගැන විස්තර බොහෝ දෙනෙක් දන්නෙ නැහැ. මම ගූගල් හරහා ඔවුන් අපේ රට ගැන තොරතුරු කියල දුන්නා. මෙහිදි වෙනත් රටවල අයත් මට ගොඩක් ක්ලෝස් වුණා. ඔවුන් අතරින් සමහර අය කිව්වා අපේ රටට එන්න ඕන කියල. ඇත්තටම මට ඒ ගැන ගොඩක් සතුටුයි වගේම ආඩම්බරයි.


ශ්‍රී ලංකාව රටවල් හතළිහක් අතරින් විසිවැනි ස්ථානයට තේරීපත්වෙනව?


ඇත්තටම මම හිතුවෙ නැහැ එවැනි ජයග්‍රහණයක් ලබාගන්න පුළුවන් වෙයි කියල. මම පෆෝර්ම් කරපු ගොඩක් තැන්වලදි හයිලයිට් වුණා. නමුත් මට සපෝට් කරන්න ලංකාවෙන් කවුරුවත් හිටියෙ නැහැ. අනෙක් රටවල අයට ඒ රටේ කොඩියත් එක්ක කෑගහල චියර් කරන්න අය හිටියා. මට විතරයි එහෙම හිටියෙ නැත්තෙ. ඒ දවස්වල ලංකාවෙ තිබුණ තත්ත්වයත් එක්ක කාටවත් බලන්න එන්න කියන්නවත් විදිහක් තිබුණෙ නැහැ.



ලංකාවට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය ගැන ඔබ දැනගත්තෙ කොහොමද?


මට ඒ ගැන දැනගන්න ලැබුණෙ අවසන් තරගයට දවස් තුනක් ඉතිරිව තියෙද්දි. ඒ මොහොතෙ ඉඳන් මම මාරම ෆ්‍රෙෂර් එකේ හිටියෙ. ඇත්තටම මට ඇඬුණා. කොහේ ගියත් මම හිටියෙ හරිම අවුලෙන්. මූඩ් එක සම්පූර්ණයෙන්ම වෙනස්. ඒක දැනගත්ත ගොඩක් දෙනෙක් මාව අස්වසන්න උත්සාහ කළා.


ඔබේ ගෙදරටත් ගංවතුර තත්ත්වය බලපානවද?


වෙනදත් ටිකක් වැස්සත් අපේ ගේ පිටිපස්සෙ තියෙන කුඹුරු යාය වැවක් වගේ පිරෙනව. ඉතිං මට බය හිතුණෙ මේ තරම් දෙයක් රටට වෙලා තියෙද්දි අපේ ගෙදරත් යටවෙලා ඇති කියල. නමුත් මොකක්දෝ වාසනාවකට පවුලේ අයට කරදරයක් වෙලා තිුබුණෙ නැහැ.


තරගයට මුහුණදුන්නෙ ලොකු පීඩනයකින්?


ඔව්, ෆේස්බුක් තුළින් මිනිස්සු, සත්තු ගහගෙන යන වීඩියෝ දකිනකොට ෆෝන් එක දිහා බලාගෙන මම අඬනව. ඒ වෙලාවෙ කෙනෙක් මගේ ෆෝන් එක අරගෙන පැත්තකින් තිබ්බා. ලංකාවෙ මිනිස්සුන්ට කරදරයක් නේද කියල හොඳටම මට දැනුණෙ මම ලංකාවෙන් පිට හිටිය නිසාත් වෙන්න ඇති. ලංකාවෙ කියල කිසිම කෙනෙක් නැහැ. මම කාට කියන්නද, කාගෙන් අහන්නද, කොහේ යන්නද. ඇත්තටම මට ලංකාවට එන්න හිතුණා.


ලංකාවට ඇවිත් මොකද කළේ?


එහේ ඉන්නකොට මගෙ ඔළුවෙ නිතරම වැඩ කළේ මම ලංකාවට යන්න ඕන, ඒ අයට උදව් කරන්න ඕන කියල. පසුගිය 03 වැනිදා ඉඳන් අද වනතුරුත් ආධාර ලබාදෙන ඒවට මම උදව් කරනව. අම්ම කෝල් කර කර ගෙදර එන්න කියනව. නමුත් මම තවම ගෙදර ගියෙත් නැහැ.


රඟපෑම් වැඩකටයුතු කොහොමද?


පසුගිය දවස්වල මේ තරගය නිසා රඟපෑම් වැඩකටයුතු ටිකක් නතර කරන්න සිදු වුණා. රාවණා ෆිල්ම් එකේ ෂූටිං පෙබරවාරි මාසයේදී විතර නැවත පටන්ගනීවි. ටෙලි නාට්‍ය වැඩකටයුතු මේ තත්ත්වය ටිකක් පහව ගියාට පස්සෙ පටන්ගනීවි.


පසුගිය කාලෙ සම්බන්ධ වුණ නිර්මාණ මොනවාද?


පසුගිය කාලෙ රාවණා ෆිල්ම් එකට සහ ටෙලි නාට්‍ය දෙකකට සම්බන්ධ වුණා. ඊට අමතරව ‘ඔබ එන්න ඇවිත් යන්න’ ටෙලි නාට්‍ය සහ චිත්‍රපටයක ඩබින් පටන්ගන්නව. තවත් චිත්‍රපටයක් තිරගත වීමට නියමිතව තියෙනව. ඒ වගේම මේඝ වර්ෂා චිත්‍රපටයේ ගීතයක් ෂූටිං කරන්න තියෙනව.


නිලූෂි නිරූපණයට වැඩි ඉඩක් දෙන්නද කල්පනාව?


මම මොඩ්ලින් කරන ඒවා ගොඩක් නවත්තලා තිබුණෙ. ඒ අතර මේ තරගයට යන්නෙ අවුරුදු හතකට පස්සෙ.


මහේෂ් එදිරිසිංහ

gossiplanka image 2
Previous Post Next Post