ඉතින් චතුරිකා කොහොමද මේ දවස්වල ඔයාට?
මේ දවස්වල ඉතින් ටෙලිනාට්‍ය රූගතකිරීම් වෙන්නේ නම් නැහැ. ගෙදර වැඩකටයුතු කරන ගමන් එදිනෙදා වැඩ ටික කරගෙන ඉන්නවා.
ඔබ අම්මා කෙනෙක් කියන චරිතයට සමවැදිලද ඉන්නෙ?
ඇත්තටම සමවැදිලා ඉන්නවා කිව්වත් හරි. මොකද අම්මා කෙනෙක් විදිහට මට ආරාධනා දුවගෙ වගකීම කාටවත් භාරදෙන්න හිතෙන්නෙ නැහැ. මම එයාව උදෙන්ම නැගිට්ටවලා, අන්දවලා, ඉස්කෝලේ එක්ක යනවා. ඊට පස්සේ එයාව ආයේ ඉස්කෝලෙ ඉවර වෙලා එක්කන් ඇවිත් එයත් එක්ක එයාගේ හෝම් වර්ක් කරලා එයත් එක්ක සෙල්ලම් කරලා එයා එක්කම ඉන්න එක පුරුද්දක් වෙලා දැන් තියෙන්නේ.
සුවිශේෂ ජනප්‍රියත්වයක් ලබාගත්ත ඔබ රංගන ක්ෂේත්‍රයෙන් ඉවත් වෙලාද ඉන්නෙ දැන්?
ඉවත් වෙලා නැහැ. ඇත්තටම වෙලා තියෙන්නේ මම බබාගේ වැඩත් එක්ක දැන් ටිකක් කාර්යබහුලයි. ඒ වගේම මට ගැළපෙන චරිතයක් තවම ලැබුණෙ නැහැ. ඇත්තටම ගැළපෙන චරිතයක් ලැබුණොත් කරන්න මම කැමතියි. එහෙම නැතුව මොකක් හරි එකක් කරන්න මගේ කැමැත්තක් නැහැ. දැන් ගොඩක් අය කරන්නේ මොකක් හරි චරිතයක්නෙ. ඒ අතරින් කතාවෙන චරිත තියෙන්නෙ කිහිපයක් විතරයි.
අලුතින් ආරාධනා එහෙම ලැබිලා තියෙනවද?
ඔව්. පහුගිය දවස්වල මට ටෙලිනාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබුණා. ආරාධනා ලැබුණු සමහර චරිතවලට නම් මම කැමැති වුණේ නැහැ. සමහර ඒවා දුර ෂූටින් තිබුණේ. එහෙම ඒවාට සහභාගි වෙන්න පුළුවන්කමක් තිබුණෙත් නැහැ. ඇත්තටම මම හරි කැමැතියි කොටස් 40ක 50ක වගේ ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්න. හැබැයි මට කතාකරපු ඔක්කොම ටෙලිනාට්‍යයේ කොටස් 200-300 යන ඒවා. එහෙම දීර්ඝ ටෙලිනාට්‍යයකට යනව නම් මම නිරූපණය කරන චරිතය මොකක්ම හරි සුවිශේෂත්වයක් තියෙන්න ඕනේ. මොකද චරිතයක් නිරූපණය කරන්න නම් ඕනෙ තරම් රංගන ශිල්පිනියෝ අද ඉන්නවා. ඒ නිසා මම කැමැති සුවිශේෂත්වයක් තියෙන චරිතයක් භාරගන්න.
නැවත නිවේදන කටයුතුවලට යොමුවීමට අදහසක් තියෙනවද?
එහෙමම කියන්නත් නැහැ. නමුත් පවුලෙ ආරෙන්ම ආපු නිසා නිවේදන ක්ෂේත්‍රයට හැකියාව තියෙනවා. බයක් නැතුව අවස්ථාවක් ආවොත් ඉදිරිපත් වෙලා කිරීමේ හැකියාවකුත් තියෙනවා. කාර්යබහුල වීමත් එක්ක නිවේදන කටයුතුත් මං අතින් ගිලිහිලා තියෙන්නේ. හැබැයි අදටත් නිවේදන ක්ෂේත්‍රයේ ආරාධනාවක් ලැබුණු හැටියෙම කරන්න හැකියාවක් මට තියෙනවා. මොකද ඒක වෙනස්ම වෘත්තියක් නිසා තෝරා බේරාගැනීමක් නැතුව කරන්න කැමැතියි.
ඉදිරි වැඩකටයුතු ගැනත් කියමු නේද?
මම බලාපොරොත්තුවෙන් ඉන්නවා ටෙලිනාට්‍යයක සහ චිත්‍රපටයක රූගතකිරීම් ආරම්භ කරන්න. ඒ වගේම ‘හිරිපොද වැස්ස 02‘ චිත්‍රපටය රූගත කිරීම් ආරම්භ කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉස්සරහට ටෙලිනාට්‍ය ගොඩකින් දකින්න නැති වුණත් නැවත සිනමාවෙන් දකින්න පුළුවන් වෙයි. ඇත්තටම මං සිනමාවට තමයි වඩා කැමැති. ඉතින් ‘හිරිපොද වැස්ස 02’ චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කරනකන් හරි ආසාවෙන් බලන් ඉන්නවා.