හැමෝම හොයන ලීක් වුණ වීඩියෝවේ ඇත්ත කතාව

gossiplanka image 2
 


සිතූ මේ දිනවල වැටිල ඉන්නෙ ලොකු අමාරුවක. වීඩියෝ එකක් ලීක් වෙනවා කියන්නෙ ඉතිං… මේ පීඩනය දරාගන්න බැරි තැන සිතූ ගඟට පනින්නත් ගියා. කොහොම වුණත් අපිට ඇය ගැන හරියටම තොරතුරු දැනගන්න පුළුවන් තිළිණිගෙන් විතරයි. ඒ නිසාම අපි තිළිණි කෞශල්‍යා සමරසේන මුණගැහෙන්න ගියා.

සිතූ, මොකක්ද මේ වුණේ. වීඩියෝ එකක් ලීක් වුණා නේද?


ඔව්… ඔව්… අසංක සායක්කාර අයියගෙ ‘කොටු’ ටෙලි නාට්‍යය නිසා දැන් හැමතැනම කතාවෙන්නෙත් ඒක. මොකක්ද මේ ලීක් වුණු වීඩියෝ එක කියලා හැමෝම හොයනවා.


රස්සාවත් නැතිවෙන්න නේද යන්නෙ?


රස්සාව විතරක් නෙවේ, ගෙදරිනුත් එළවලා ගමෙනුත් එළවලා, යන්න තැනක් නැතුව මිනිස්සුන්ට මුහුණ දෙන්න බැරුව ඉන්න තමා වීඩියෝ එකේ හිටපු නිලංකටයි සිතූටයි දැන් නම් සිද්ධවෙලා තියෙන්නෙ.



සිතූ හීනෙන්වත් හිතපු නැති දෙයක් නේද වුණේ?


සිතූගෙ ලීක් වුණු වීඩියෝ එක පිටිපස්සෙ තියෙන කතාව හරි සංවේදියි. අපි හිතන්නෙ නැතුව කරන සමහර දේවල් නිසා හිතන්නෙ නැති දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. සමාජයේ ගොඩක් වෙලාවට දකින්න තියෙන මේ වගේ ගොසිප්ස්, ඒ වගේම ලීක් වෙන වීඩියෝ වගේ දේවල් නිසා ඒ දේට ඇත්තටම මුහුණ දෙන කෙනෙක් කොච්චර ලොකු බයකින් පීඩනයකින් ඉන්නවද කියන එක සිතූට නම් දැන් තේරිලා තියෙන්නෙ. ඒකනේ ගඟටත් පැන්නෙ.


සිතූගෙ චරිතය ඔබට දැනෙන්නෙ මොන විදිහටද?


මේ තාක් රඟපාපු චරිත වලින් සිතූ කියන්නෙත් මං ආසම චරිතයක්. සිතූ අහිංසකයි, තිළිණි අහිංසක නෑ, ඒ නිසා ඒකම අභියෝගයක්. ලංකාවට අලුත් දෙයක් නොවුණු, ඒත් ප්‍රේම සම්බන්ධතාවක් බිඳ වැටුණාම, එහෙම නැත්නම් තෙවන පාර්ශ්වයක් විසින් අරගෙන ලීක් කරන මේ වගේ වීඩියෝ නිසා කොච්චර ලොකු පීඩනයක් බයක් දැනෙනවද කියන එක සිතූ නිසා මේ දවස්වල මම අත්විඳිනවා.



තිළිණිගෙ විස්තරත් කියමු?


මගේ නම තිළිණි කෞශල්‍යා සමරසේන. පවුලේ ඉන්නෙ මමයි, අයියයි, අම්මයි, තාත්තයි. පාසල් ගියේ නුගේගොඩ අනුලා විද්‍යාලයට. අම්මා, තාත්තාත් වේදිකාවේ රඟපාපු අය. අයිය නම් කලාවට සම්බන්ධ නෑ. එයා වෛද්‍යවරයෙක්.


සිතූට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?


චරිතය ලැබුණාම මට නම් හිතුනේ ගොඩක් විවේචන එයි කියලා. මොකද මේ වීඩියෝ ලීක් වෙනවා කියන එක සමාජයේ නිතර වෙන දෙයක්. ඒත් ඒවායෙන් වෙන්න පුළුවන් හානිය නිරූපණය වෙන නිර්මාණ හරිම අඩුයි. සිරස ටීවී නාළිකාවේ විකාශය වීමත්, මේක අසංක සායක්කාර අයියගෙ නිර්මාණයක් වීමත් නිසා ලොකු විශ්වාසයක් තිබුණා. හිතුවෙ නැති විදියට සිතූට ගොඩක් අය කැමතියි වගේම ප්‍රතිචාරත් හොඳයි. මේ දවස්වල නම් තෑගිත් ගෙදරට ලැබෙනවා.



මේ අවස්ථාව ලැබුණෙ කොහොමද?


මට සිතූ වෙන්න ලැබුණෙ ‘සකියෝ’ නිසා. මේ අවුරුද්දෙ මුල අසංක සායක්කාර අයියා පවත්වපු වැඩමුළුවකට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. ‘සකියෝ’ කියන්නෙ ඒ වැඩමුළුවේ හිටපු දක්ෂයෝ කණ්ඩායමට. ඒ කණ්ඩායමේ බොහෝ දෙනෙක්ට අයියගෙ නිර්මාණ වලට අවස්ථාව ලැබුණා වගේම ඔවුන් එකතු වෙලා මේ දිනවල ‘සකියෝ’ නමින් ශදමඔමඉැ නාලිකාවක් නිර්මාණය කරලා ඔවුන්ගේම මුදල්, කාලය වෙන් කරලා නිර්මාණ කරනවා. ඒකටත් සායා අයියගෙ සහයෝගය උපරිමෙන් ලැබෙනවා. ‘කොටු’ නාට්‍යයේ සිතූ වෙන්න කලින් අසංක අයියගෙ ‘කොටු’ වේදිකා නාට්‍යයේ අලුත් මනමාලි වෙන්නත් මෑතකදි අවස්ථාව ලැබුණා.


ඔබ ගුරුවරියක්?


ඔව්, මේ වෙද්දි විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ ගෞරව උපාධියක් හදාරනවා. ඒ නිසා නිතර ගුරු පුහුණු වලට පාසල් එක්ක සම්බන්ධ වෙනවා. මං ආසම පොඩි දරුවන්ට උගන්නන්න.


පසුගිය කාලයේ නාට්‍ය රැසකින් දකින්න ලැබුණා?


කොටු කියන්නෙ මගෙ 11 වැනි නාට්‍ය නිර්මාණය.


පසුගිය කාලෙ සිරස ටීවී නාළිකාවේ විකාශය වුණ අරුණ ජයවර්ධන අයියා අධ්‍යක්ෂණ කළ ‘රසරහසක්’ ටෙලිනාටයේ උදානි, ජාතික රූපවාහිනියෙ විකාශය වුණ චාමර ජනරාජ් අයියා අධ්‍යක්ෂණය කළ ‘අමුතු දීගේ’ ටෙලිනාට්‍යයේ චේතනා, ප්‍රියන්ත ප්‍රනාන්දු මහත්මා අධ්‍යක්ෂණය කළ ‘සසංකාරා’ ටෙලිනාට්‍යයේ ප්‍රියංගි, මේ දිනවල හිරු ටිවී නාළිකාවේ විකාශය වන නිවන්ත ප්‍රසාර අයියා අධ්‍යක්‍ෂණය කරන ‘රොන් සොයා’ ටෙලිනාට්‍යයේ කල්පනී ටීචර්, සියත ටීවී නාළිකාවේ විකාශය වන ලසිත කාරියවසම් අයියා අධ්‍යක්‍ෂණය කළ ‘සින්ධු’ ටෙලිනාටයේ ඉෂිණි ආදී නිර්මාණ වල එකිනෙකට වෙනස් විවිධ චරිත රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම තව ටෙලිනාට්‍යයක් විකාශය වීමට නියමිතව තියෙනවා.


රංගන ක්‍ෂේත්‍රයට පිවිසෙන්නෙ කොහොමද?


මම රංගන ක්‍ෂේත්‍රයට එන්නෙ තුෂාර තෙන්නකෝන් අයියා අධ්‍යක්ෂණය කළ ‘මල් පිපෙන කාලේ’ ටෙලි නාට්‍යයෙන්. ඒක තනිකරම අහම්බයක්.


ගුරු වෘත්තියයි, රංගනයයි එකට කරන්න පුළුවන්ද?


ගැටලුවක් නෑ. දැනට උගන්වපු පාසලෙන් නම් බොහෝම හොඳ සහයෝගයක් දෙමව්පියන්ගෙන් වගේම ප්‍රධාන ගුරුවරියගෙනුත් ලැබුණා.


ගොසිප්ස්වලට බයද?


පහුගිය කාලෙ නම් බය වෙලා හිටියා එක නිර්මාණයක් නිසා. ගොඩක් දක්ෂ නළු නිළියෝ චරිත භාරගන්න බය මේ ගොසිප්ස් නිසා. දැන්නම් මට බයක් නෑ. තිරයෙ කලු චරිත තිරය පිටුපස සුදු වෙන්නත්, තිරයෙ සුදු චරිත තිරය පිටුපස කලු වෙන්නත් පුළුවන්.


තිළිණි නර්තනයටත් දක්ෂයි?


ඔව්, නර්තනය තමා පොඩි කාලෙ ඉඳන් හැදෑරුවේ. මේ දිනවල සුභාෂි කරුණාරත්න මිස් යටතේ උඩරට නර්තනයෙන් කළඑලි මංගල්‍ය පවත්වන්න සූදානමින් ඉන්නෙ.


රංගනයේදී සීමා මායිම් තියෙනවාද?


රඟපාන්නෙ ලංකාවේ ප්‍රේක්ෂකාගාරයට නිසා යම් සීමාවක් තියෙනවා. ඒත් රංගනයට සීමා මායිම් අදාළ නැති නිසා චරිතය වෙනුවෙන් උපරිම සහයෝගය දෙනවා.


අභියෝගාත්මක චරිත කරන්න ටිකක් කැමතියි.


පෙම්වතියක් කියන්නේ ඇත්තද?


ඔව්, ඒකෙ ඇත්තක් නැත්තෙත් නෑ.


මහේෂ් එදිරිසිංහ

gossiplanka image 1
Previous Post Next Post