මේ දිනවල පුංචිතිරයේ විකාශනය වෙන ටෙලිනාට්‍ය අතරින් කාගෙත් වැඩි අවධානයක් යොමුවන ටෙලිනාට්‍යයක් තමයි "24 Love Story" ටෙලිනාට්‍යය. ඒ ටෙලිනාට්‍යයේ ප්‍රධාන කාන්තා චරිතයක් තමයි අනන්තා. ඒ වෙනුවෙන් රංගනයෙන් දායක වෙන්නේ නව පරපුරේ අතිදක්ෂ නිළියක් වෙන සවිනි යකුපිටිය. ඇය "මා" ටෙලිනාට්‍යයෙත් මේ දිනවල දකින්න පුළුවන්. ඒ නිසාම ප්‍රේක්ෂකයන් අතරින් ඇයට ලැබෙන්නේ ලොකු ආදරයක්.
"24 Love Story" ටෙලිනාට්‍යයේ අනන්තා ගැන කවුරුත් කතා කරනවා?
ඒ ටෙලිනාට්‍යය ඇත්තටම ආදරණීය කතාවක් කිව්වොත් හරි. ජීවිතයේ සතුට, දුක, දරාගැනීම කියන හැමදේම ඒ තුළ තියෙනවා. තිර පිටපත ලියන්නෙත් "24 Love Story" අධ්‍යක්ෂනය කරන තරුෂි පෙරේරාමයි. කොහොම හරි දැනට ඒකට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මං හිතනවා අනන්තා චරිතය මගේ මේ රංගන ජීවිතේට ආශිර්වාදයක් වෙයි කියලා.
"මාස්ටර් සර්" ටෙලිනාට්‍යයේ අසිනි ගැනත් කාලයක් සෑහෙන්න කතාබහට ලක්වුණා නේද?
ඔව් ඔව්, අසිනි ගැන නම් හුඟාක් කතාබහට ලක්වුණා.
ඒකට හේතුව වුණේ ඒ ටෙලිනාට්‍යයේ එක් තැනක පන්තියේ සර් වැලඳගන්න සිදුවීම නේද?
හරියටම හරි. ඇත්තටම එතැන වුණේ මෙහෙම දෙයක්. අසිනි දෙවෙනි පාර උසස්පෙළට ප්‍රබුද්ධ සර්ගේ සිංහල පන්තියට එනවා. ඒත් ඒ වෙද්දිත් ඇය ඉන්නේ ලොකු ප්‍රශ්නයක. ඒ ඇයගේ ප්‍රේම සම්බන්ධය බිඳවැටීම නිසා. ඒ මානසික පීඩනය එක්ක අසිනි චිට් එකක් ලියලා පන්තිය ඉදිරියට යවනවා. අසිනි ඒ ලියන්නේ ඇය ආයෙත් පන්ති එන්නේ නෑ එදා ඇය දිවිනසා ගන්නවා කියලා. ඒ චිට් එක කියවපු ප්‍රබුද්ධ සර් කරන්නේ ජීවිතයේ වටිනාකම ගැන පැහැදිලි කරලා කතාවක් කියන එක. එතැනදි අසිනි, සර්ගේ ඒ කතාවට සංවේදී වෙලා අඬාගෙන ඇවිත් ළමයි ඉස්සරහා ප්‍රබුද්ධ සර්ව වැලඳගන්නවා. අන්න ඒ කොටස මීට ටික කාලෙකට කලින් සමාජමාධ්‍යවල පවා සෑහෙන ප්‍රසිද්ධ වුණා. අදටත් මං දැක්කම සමහරු මගෙන් අහනවා, "ඔයා නේද සර් බදාගත්ත ගෑනු ළමයා" කියලා.
මං හරි නම් ඒකට ඔබ සෑහෙන්න බැණුම් එහෙමත් ඇහුවා?
ඔව්, සමාජයට වැරදි ආදර්ශයක් දුන්නා කියලා සමහරු බැන්නා. ඒත් එතැනදි ඒ බැණපු පුද්ගලයෝ ඒ සිදුවීම චුට්ටක් වැරදියට තේරුම් ගත්තා කියලයි මට හිතුනේ. ඒ වෙලාවේ අසිනි හිටපු මානසිකත්වය එක්කයි ඇය එහෙම දෙයක් කළේ. නැතුව ඒක අසංවර වැළඳ ගැනීමක් කියලා මං හිතන්නේ නෑ.
හැබැයි ටෙලිනාට්‍යය නරඹපු අය අසිනිට දොස් කිව්වේ නෑ?
ඔව් ඒක වුණේ මෙහෙමයි. ඒ කොටස විකාශය උනාට පස්සේ ඒ වැළඳ ගන්න කොටස විතරක් සමාජ මාධ්‍යවල පළවුණා. ඒ කොටස විතරක්ම බලපු අය ඒක තේරුම් ගත්තේ වැරදියට. ඒකයි වුණේ. කතාව බලපු අය දන්නවා අසිනි, සර්ගේ කතාව අහලා ජීවිතේ කොයි තරම් ශක්තිමත් කරගත්තද කියලා. අසිනි අන්තිමේදි උසස් පෙළ විභාගයෙන් කලා අංශයෙන් මුළු ලංකාවෙන්ම පළවෙනියා වෙලයි ටෙලිනාට්‍යයේ නවතින්නේ.
අසිනිගේ චරිතය ඔබගේ රංගන ජීවිතේට ලොකු ආශිර්වාදයක් වුණා?
ඇත්තටම ඔව්. ඒකෙ ප්‍රබුද්ධ සර්ව වැලඳගන්න කොටස සෑහෙන ප්‍රසිද්ධවුණු නිසා ඒකත් මගේ රංගන ජීවිතේට ආශිර්වාදයක් වුණා. ඒ හරහා එකසැරේම මාව ලොකු පිරිසක් දැනගත්තා. මේ වෙලාවේ "මාස්ටර් සර්" අධ්‍යක්ෂනය කළ අරුණ ජයවර්ධන සර් ඇතුළු ටෙලිනාට්‍ය කණ්ඩායමත් මං ආදරෙන් මතක් කරනවා.
ඔබේ රංගන ජීවිතේ ආරම්භය කොතැනද?
මං මුලින් කළේ වෙළෙඳ දැන්වීම්. කාලයක් ගියාට පස්සේ රංගනයට ආරාධනා ලැබුණා. මගේ මුල්ම ටෙලිනාට්‍යය වුණේ සිරස නාළිකාවේ විකාශනය වුණු "හිත ළඟ හිනැහුණා" ටෙලිනාට්‍යය. උදානා කියලා චරිතයක් කළේ. ඊට පස්සේ ලොක්කිගේ කතාව, අළුපාට දේදුනු වගේ ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයෝ අතරට එන්න පුළුවන්කම ලැබුණා.
එතකොට පුංචි කාලේ ඉඳන්ම හීන මැව්වේ නිළියක් වෙන්නද?
අපොයි නෑ. මං පුංචි කාලේ හීන මැව්වේ ගුවන් සේවිකාවක් වෙන්න. ඒත් පාසල් කාලේ ටිකක් වැඩිපුර කලාවට නැඹුරුවීමත් එක්කයි නිළියක් වෙන්න ඕන කියලා හිතුවේ. ඒ කොහොම හරි පුංචි කාලයකදී මම මගේ ලොකුම හීනය සැබෑ කරගත්තා.
පාසල් කාලේ කලාව පැත්තෙන් ජයග්‍රහණ එහෙමත් හිමිකරගෙන ඇති නේද?
ඔව් මම නර්තනය, සංගීතය සහ ඩ්‍රාමා කළා. ඒ දේවල්වලින් මං පාසල් මට්ටමින් සමස්ත ලංකා ජයග්‍රහණය පවා ලබාගෙන තියෙනවා. නිළියක් විදිහට මේ ඉන්න තැනට එන්න මට ඒ දේවලුත් සුබවාදී වූ බලපෑමක් කළා කියලා මං හිතනවා.
ඒ කාලේ ඔබේ පස්සෙන් ආපු කොල්ලෙක්ට චොක්ලට් එකකින් ගැහුවා කියන්නේ ඇත්තද?
අනේ ඔයා කොහොමද ඒ කතාව දැනගත්තේ. ඇත්තටම සැරයක් එහෙම දෙයක් වුණා. ඒ කියන්නේ මං ඉස්කෝලේ යන කාලෙදි මගේ පස්සෙන් ආපු කොල්ලෙක් මට චොක්ලට් එකක් දුන්නා. මං ඒක අරගෙන ඒකෙන්ම එයාට දමලා ගැහුවා.
සවිනි කියන්නේ එච්චර සැර කෙනෙක්ද?
එහෙම සැර නෑ. ඒත් පාසල් යන කාලේ ටිකක් සැරයි. ඒකනේ ඉතින් තරහා ගිහින් මං එහෙම දෙයක් කළේ.
කොහොම වුණත් සවිනිගෙන් ආදරේ ගැන නම් අහන්නම ඕන?
මං හිතන්නේ මිනිස්සු විදිහට අපි හැමෝටම ජීවත්වෙන්න ආදරේ කියන දේ ඕන. ඒ ආදරේ විවිධ අයගෙන් අපිට ලැබෙන්න පුළුවන්. මම කියන්නේ පවුලෙන්, යාළුවන්ගෙන්, නිළියක් විදිහට ප්‍රේක්ෂකයන්ගෙන් වගේ අයගෙන්. ඒ ආදරේ මටත් මේ වෙනකොට ලැබෙනවා. ඒත් එක්ක මං අද ගොඩාක් සතුටින් ජීවත් වෙනවා.