පෞද්ගලික ජීවිතයට පිට අය ළංකර ගන්නේ නැහැ -ශනුද්‍රි ප්‍රියසාද්

gossiplanka image 1
 


සිංහල සිනමාවට පෑයූ ආකර්ෂණීයම නිළිය ඇය කිව්වොත් වරදක් නැහැ. මොකද ඒ තරමටම ඇයගේ රංගනය ප්‍රේක්ෂකයා ආකර්ෂණය කරගෙන තිබෙනවා. ශනු වැඩකට අත ගැහුවොත් ඒ ගැන ආයෙත් කියන්න දෙයක් නැහැ. ඒ තරමට ශනු දක්ෂයි. ආකර්ෂණීයයි. වාසනාවන්තයි.. ඉතින් ඇයත් සමග කතා නොකර කොහොමද? මෙවර පිනිපලසේ සොඳුරු ආරාධනාව ශනුද්‍රි ප්‍රියසාද්ට..




මේ වෙලාවේ මෝඩ තරිඳු පැල් බැඳගෙන දුවනවා. එහි ප්‍රධාන රංගන ශිල්පිනිය ලෙස ඒ ගැන දැනෙන හැඟීම.




 අනිවාර්යෙන්ම හරිම සතුටුයි. මම දකින විශේෂ දේ තමයි සිනමා රසිකයන් නැවතත් සිනමාශාලාව කරා පැමිණෙමින් සිටිනවා. මේ හොඳ ප්‍රවණතාවයක් පසුගිය දෙවසර පුරාවට තිරගත වූ බොහෝ චිත්‍රපට අති සාර්ථකව තිරගත වුණා. අපි කොච්චර හොඳ දේවල් කෙරුවත් ප්‍රේක්ෂකයා ඒවා බැලුවේ නැත්නම් වැඩක් නැහැනේ. අනෙක අලුතින් ක්ෂේත්‍රයට එන අධ්‍යක්ෂකවරුන්ට මේක හරියට වටිනවා. ප්‍රේක්ෂකයන්ගේ මෙම සහයෝගය තවත් හොඳ නිර්මාණ බිහි කරන්නට ඔවුන්ව තවත් දිරිමත් කරාවි. නවක රංගන ශිල්පිනියක් ලෙසස මම හරිම සතුටින් ඉන්නේ,










ඔබ නවක රංගන ශිල්පිනියක් කීවාට ක්ෂේත්‍රයට ඇවිත් දැනට අවුරුදු 20ක් විතර වෙනවානේ. ඔබ ඇයි ඔබව ඒ විදිහට හඳුන්වන්නේ,




 ඒක මෙහෙමයි. මම පොඩි කාලේ ඉඳලා රංගනය කළාට ඒ හැමදෙයක්ම කළේ මගේ අම්මා තාත්තාට අවශ්‍ය විදිහට මට ඒ චරිත පිළිබඳව ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. හැබැයි දැන් තමයි මම මට ගැළපෙන චරිත තෝරා බේරාගෙන වැඩ කරන්නේ. ඒ නිසා තමයි මම නවක ශිල්පිනියක් ලෙස හැඳින්වුයේ.








වාසව බදුගේ ඔබව බදු අරගෙනද තියෙන්නේ, ඔහුට ඔබ පිළිබඳව ලොකු විශ්වාසයක් ඇති බව පේනවා.




ඔවුහු මාව බදු අරගෙන නෑ. නමුත් මම රඟපාපු චිත්‍රපට දෙකම අති සාර්ථක වුණා. ඒක ඇතුළේ මට කරන්න ගොඩක් දේවල් තිබුණා සහ සමහර මම හිතන්නේවත් නැති තැන්වලින් ඔහු මා ඔසවා ඉදිරියට ගන්නවා. නීරා චරිතය සාර්ථක කර ගන්නට එයා ලොකු සපෝට් එකක් දුන්නා. ඒවගේම තිසර ඉඹුලාන අයියා එක්ක වැඩ කරන්නත් මම හරිම ආසයි. එයා මට වැඩකට කථා කරද්දී ඒ ෆීල්ම් එකේ ඉන්නේ කවුද? මොනවද කරන්න තියෙන්නේ කියන එකවත් මම අහන්නේ නැහැ. මොකද පොඩි තිසරයි ලොකු තිසරයි කියන්නේ මාරම දක්ෂයෝ දෙන්නෙක් ඒගොල්ලාගේ නිර්මාණවලින් මට ගොඩක් ජනප්‍රියත්වය ලැබිලා තියෙනවා. ඒ දෙන්නටම මම ගොඩක් ගරු කරනවා. මෝඩ තරිඳු එකේ මම කරන චරිතය ඩබල් ගේම් ගහන ගැහැනු ළමයෙකුගේ චරිතයක් නේ අද කාලේ එහෙම අය ඉන්නවානේ. ඒවාගේ චරිතයක් කරන එකත් චැලෙන්ජ් එකක් තමයි.








නීරා චිත්‍රපටයේ දී ඔබට රඟපාන්න ලැබෙන නළුවා ආධුනිකයෙක්. බයක් හිතුනේ නැද්ද ඔහුත් එක්ක මේ වැඩේ ගොඩ දාන්න පුළුවන් වෙයි කියලා.




 ඇත්තටම මුලදී මට පොඩි බයක් තිබුණා. නමුත් වැඩේ පටන් ගත්තාට පස්සේ තේරුනා එයා දක්ෂයි කියලා. සමහර තැන්වලදී එයා අපටත් යම් යම් දේවල් කියලා දුන්නා. එයා හරි හොඳ මනුස්සයෙක් සහ දක්ෂයෙක් ඒවගේම අපට හොඳ ටීම් එකක් හිටියා. ඒ ගැන හරි සතුටුයි.


 


මෝඩ තරිඳු චිත්‍රපටයේ හා නීරා චිත්‍රපට දෙකේම කෞෂල්‍යා ප්‍රනාන්දුත් එක්ක ඔබට රඟපාන්න ලැබෙනවා. ඇය වැනි ප්‍රවීණ රංගන ශිල්පිනියක් සමග වැඩ කිරීමේදී ලබා ගත් අත්දැකීම් මොනවාද?




අපි මුලින්ම කළේ මෝඩ තරිඳු. එතනදී තමයි ඇයව මට චිත්‍රපටයේ දී මුණ ගැහෙන්නේ. ඇයත් එක්ක මට ලොකු ස්ක්‍රීන් ටයිම් එකක් නැති වුණාට සෙට් එකේදී නිතරම මට හමුවුණා. අවංකව මුලදී පොඩි බයක් තිබුණා. නමුත් එයා අපේ ළඟට ඇවිත් අපි එක්ක හරියට යාළුවෙක් වගේ කතා කරා. කෑම කනකොට අපිට කෑම දීලා හරිම ආදරෙන් අපිට සැලකුවා. එතකොට දන්නේම නැතිව අර අපි අතර තියෙන ගැප් එක අඩු වුණා. ඇය ඉතාමත්ම ප්‍රවීණ හා අති දක්ෂ රංගන ශිල්පීනියක් ඇයට මම නිරන්තරයෙන්ම ගෞරව කරනවා. නීරා ෆිල්ම් එකට එන්නේ ඊට පස්සේ. එතකොට අපි හොඳ යාලුවෝ. ඇය වැනි ප්‍රවීණ ශිල්පිනයක් සමග ස්ක්‍රීන් එක ෂෙයාර් කරගන්න ලැබීමත් අපේ භාග්‍යයක්.








මෝඩ තරිඳු චිත්‍රපටයේ ශෙහානි කහඳවලගේ රංගනය ගැන මොකද කියන්නේ.




ශෙහානි එක්ක මම වැඩ කරන්නේ පළමු වතාවට හැබැයි මම විශ්වාස කරනවා. එයාට හොඳම චරිතය ලැබුණා කියලා. එයා ඒක ලස්සනට කළා. ශෙහානිත් ගොඩක් දක්ෂ කෙනෙක්. මේක එයාට ලැබුණු ලොකු අවස්ථාවක්. එයාගේ කැපෑසිටි එක පෙන්වන්න. මට ඇහෙනවා මිනිස්සු හරියට එයා ගැන කතා කරනවා. ඒ ගැන සතුටුයි.




ධනුක සහ සූර්යා ගැනත් කියන්න කැමැතිද?




ධනුකයි, සූර්යා එක්ක මං මීට කලින් වැඩ කරලා තියෙනවා. තිසර අයියාගේම වැඩවල අපි වැඩ කළා. ධනුක දිල්ශාන් කියන්නේ පොලොවේ පය ගහලා වැඩ කරන බොහෝම සරල නළුවෙක්. ඔලුව ඉදිමිච්ච කෙනෙක් නෙවෙයි. එයත් එක්ක වැඩ කරන්න හරිම ලේසීයි. එයාගේ ඇඟේම ඇක්ටින් තියෙනවා. කරන චරිතයට පණ දීලා ඒක එළියට ගන්න එයා දන්නවා. සූර්යා ගැන කිව්වොත් සුර්යා අයියාත් එක්ක මම දිවිතුරා ටෙලි නාට්‍යයේ අවුරුදු 2 ක් එකට වැඩ කලා. අපි හොඳ යාලුවෝ. මෝඩ තරිඳු චිත්‍රපටයේ ඒ චරිතයට එයාව අරන් තියෙන්නේ එයා ගැළපෙන නිසා. නැතිව මෝඩ පෙනුමක් තියෙන නිසා නෙවෙයි. දැන් ඔබ මගෙන් ඇහුවනේ ඔහු මෝඩ පාටයිද කියලා නැහැ. එහෙම නැහැ. එයා කොයි චරිතය කෙරුවත් හොඳ අවබෝධයකින් තමයි කරන්නේ. මෝඩ තරිඳු චරිතෙත් ඉතා ඉහළින්ම එයා කරලා තියෙනවා. ඒ නිසා තමයි මිනිස්සු ඒකට කැමැති. ඒවගේම තමයි එයාට ලැබෙන ප්‍රේක්ෂක ආදරය. මට ආපහු මෝඩ තරිඳු සෙට් එකට යන්න තියෙනවා නම් කියලා හිතෙනවා ඒ කාලේ එච්චරටම සුන්දරයි.








මෝඩ තරිඳු චිත්‍රපටයේ සාර්ථකත්වයට සංගීතයෙන් ඉතා ඉහළ වටිනාකමක් දිීලා තියෙනවා. දීනේෂ් ගමගේ කියන මේ අති දක්ෂ සංගීත ශිල්පියා ගැන ළඟින් ඉන්න කෙනෙක් විදිහට ඔබගේ අදහස මොකක්ද?




මියුසික් කියන්නේ චිත්‍රපටයක කොඳු නාරටිය වගේ තමයි. සංගීතය ෆේල් වුණොත් චිත්‍රපටයම ෆෝල් වෙන්න තියෙන අවස්ථාව වැඩි. මම හරියට හින්දි සහ දමිළ චිත්‍රපට බලන කෙනෙක්. ඒ චිත්‍රපටවල අපිව බැඳලා තියාගන්න කාරණාව තමයි සංගීතය. මම හිතනවා දිනේෂ් චිත්‍රපට ඇතුලේ සාර්ථකයි. එයා කොයිවෙලාවෙත් චිත්‍රපටයට අවශ්‍ය දේවල් කරනවා හැර වෙනත් දේවල් කරන්නේ නැහැ. මම මේ චිත්‍රපටය විශේෂයි. මොකද මම ඔහුත් එක්ක කෙහෙරැල්ලේ ගීතය ගායනා කරනවා. ඒක මට ලැබුණු විශේෂ අවස්ථාවක්. තව දෙයක් තමයි තිසරලා දෙන්නා එක්කම දිනේෂ්ගේ ඉස්සර ඉඳලාම ලොකු සම්බන්ධයක් තිබුණා. ඒ අවබෝධය තුළ තමයි මේ නිර්මාණය මෙතරම් සාර්ථක වුණේ. ඔහු චිත්‍රපටය තුළ පමණක් නොව සැබෑ ජිවිතයේදීත් හොඳම යාළුවෝ.








ඔබට වයස් භේදයකින් තොරව ආදරය කරන ප්‍රේක්ෂක පිරිසක් ඉන්න බවට පේනවා. දිගු කලක් මෙලෙස ජනප්‍රියත්වය රඳවා ගන්නට හැකි වූයේ කුමක් නිසාද?.




මම හිතන්නේ මුල් කාලයේදී මට මේතරම් ආදරයක් ලැබුණේ නැහැ. නමුත් පසුකාලීනවා මං මොනවාද කරන්න ඕන එක මම තෝරාගත්තට පසුව මට ආදරය කරන පිරිසක් ඇතිවුණා. ඒගොල්ලන්ගේ ලැබෙන සහයෝගය තමයි මම ඉස්සරහට යනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. මට කොච්චර ටැලන්ට් එකක් තිබුණත් වැඩක් නැහැ. ප්‍රේක්ෂකයෝ ප්‍රතික්ෂේප කරනවානම්. ඉතිං මට සතුටු මට ආදරය කරන පිරිමි ළමයින්ට අමතරව ගැහැනු ළමයි ගොඩකුත් ඉන්නවා. එයාලා මාව ෆලෝ කරනවා. මට තෑගි බෝග ගෙනත් දෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි. මේක මට දෙවියන්වහන්සේගේන් ලැබුණ වරමක්. මම හැමදාමත් රසිකයන් වෙනුවෙන් හොඳ දේවල් කරන්න අදිටන් කරගෙනයි ඉන්නේ නිරන්තරයෙන්ම ඒගොල්ලොත් එක්ක ඉඳගෙන එයාලාගේ ආදරය ලබමින් දිගු ගමන් යන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ.








අද ඔබ ලංකාවේ රෝල් මොඩල් එකක් වෙලා ඉවරයි. ඔබව අනුගමනය කරන බොහෝ පිරිසක් බිහි වෙලා ඉන්නවා. ඔබත් ඔබේ ජීවිත කාලය තුළ අනුගමනය කළ කෙනෙක් ඉන්නවාද?




ඔව් තුන්දෙනෙක් ඉන්නවා. මගේ අම්මායි මගේ අක්කලා දෙන්නයි. අම්මා තමයි අංක එක. මං අම්මා වගේ කියලා පවුලේ හැමෝම කියනවා. එයා තමයි හොඳ නරක කියලා දීලා මේ ඉන්න තැනට එන්න හැමදේම කියා දුන්නේ. මගේ ලොකු අක්කා එයාගේ ගමන යන විදිහ හා එයාගේ ජීවිතේ හදාගෙන තියෙන විදිහ දැක්කාම මට ආඩම්බරයි. ශනු අක්කිත් එහෙම තමයි. එයා අද හරිම ලස්සට එයාගේ ජීවිතේ ගත කරනවා. ඒගොල්න්ගේ ජීවිත දිහා බලලා මම ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා ඉතිං මේ තුන්දෙනා තමයි මගේ රෝල් මොඩ්ල්.








තාත්තා ගැන මොකද හිතන්නේ, එයා දැන් වැඩ කරන්නේ නැති එක ගැන දුකයිද?




මෙහෙමයි තාත්තා එයාගේ කාලේ ගොඩක් වැඩ කරපු කෙනෙක්. එයා කරපු නිර්මාණ ගැන අදටත් කතා කරනවා. එයා නිර්මාණ කරන්නේ නැති එක අපට ප්‍රශ්නයක් නෙමෙයි. ඕනෑම කෙනෙකු වැඩ කරන්න කාලයක් තියෙනවා. අනෙක තාත්තා දන්නවා එයාගේ නම ගෙනියන්න දක්ෂ දුවලා තුන් දෙනෙක් ඉන්නවා කියලා.




පොඩි කාලේ ඉඳන් මේ ක්ෂේත්‍රය තුළ හිටපු කෙනෙක් විදිහට බොහොම ළඟින් ඇසුරු කරන්න කවුරු හරි ඉන්නවාද?




මට එහෙම ලොකු යාළුවෝ පිරිසක් නැහැ. එළියෙදී නම් මං හැමෝම එක්ක හරි සුහදශීලි. මම පුද්ගලික ජීවිතයට පිට අයව ළං කර ගන්නේ නැහැ. මගේ යාලුවෝ තමයි මනිෂා චංචලා, සඳනි ප්‍රනාන්දු, දිලුක්ෂි වීරප්පෙරුම එගොලොන්ව ළඟින් ආශ්‍රය කරනවා. එයලා මාත් එක්ක මගේ දුක සැප බෙදාගෙන මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් මට කියලා දෙනවා. හරිම හොඳ යාලුවෝ තුන්දෙනෙක්.








ඔබගේ ඉදිරියේදී තිරගත වීමට ඇති නිර්මාණ මොනවාද?




 සාරංග දිසාසේකර අයියා කරපු චිත්‍රපටය තිරගත වීමට නියමිතයි. ඒවගේම තමයි මංචන පීරිස් එක්ක කරපු චිත්‍රපටයත් එන්න තියෙනවා. ඉදිරියේදී ඒවා දැක ගන්නට පුළුවන් වේවී.

gossiplanka image 2
Previous Post Next Post