රට පවුල ටෙලිනාට්‍යයේ අප්සරාගේ චරිතයෙන් රංගන ක්ෂේත්‍රයට ආපු ප්‍රශා මිශෙල් මේ දවස්වල කා අතරත් ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක්. පළමු ටෙලි නාට්‍යයෙන්ම ප්‍රේක්ෂකයො අතර ජනප්‍රිය වීම ගැන ප්‍රශා එක්ක කතා කරන්න හිතුවා.
ප්‍රශා ගැන විස්තර ටිකක් කියමුද?
දැනට කියන්න තරම් විශේෂ දෙයක් නැහැ. කුරුණෑගල ඉඳන් රඟපෑමට ඇවිත් ප්‍රේක්ෂකයන්ගේ හිත දිනා ගත්තා.
රංගනයට ආවෙ කොහොමද?
රංගනයට එන්න මට ලොකු අදහසක් තිබුණෙ නැහැ. නමුත් සමාජ මාධ්‍යවල මගේ වීඩියෝ ප්‍රසිද්ධ වීමත් සමග විවිධ අධ්‍යක්ෂවරුන්ගෙන් රංගන ආරාධනා ආවා. ඒ අතරින් රට පවුල වෙනස් තේමාවක කතාවක් නිසා මම තීරණය කළා රට පවුල එක්ක එකතු වෙන්න.
ප්‍රශාගේ පවුල ගැන විස්තර ටිකක් කියමුද?
පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අයියයි. මම තමයි පවුලෙ එකම ගෑනු දරුවා. එයාලට ගොඩක් සතුටුයි මාව පුංචි තිරයේ දකින්න ලැබීම ගැන. පවුලෙ අය නිතරම කියන්නේ රංගන කටයුතු හොඳින් කරගෙන යන්න කියලා.
රංගනයට ඇවිත් කෙටි කාලෙකින් ප්‍රශා සම්මානනීය නිළියක් වුණා..
ඔව්. Popular Awards 2025 උළෙලේදී ජනප්‍රියම නැගී එන නිළියට හිමි සම්මානය මට ලැබුණා. ඒ තමයි මගේ ජීවිතයේදි ලැබුණු පළමුවැනි සම්මානය. මම කවදාවත් හිතුවෙ නැහැ ඒ විදිහෙ ජයග්‍රහණයක් ලැබෙයි කියලා. ඒ ගැන තාමත් මම පුදුම වෙනවා.
නිළියක් වීමත් සමග ප්‍රශාගේ ජීවිතය වෙනස් වෙලාද?
එහෙම ලොකු වෙනසක් නම් වෙලා නැහැ. සාමාන්‍ය විදියට මම ජීවිතය ගත කරනවා. හැබැයි රට පවුල නිසා රංගන ශිල්පිනියක් විදිහට මට ලොකු ජනප්‍රියත්වයක් ලැබිලා තියනවා. මාව ප්‍රේක්ෂකයො හඳුනා ගත්තේ මේ නිර්මාණය නිසා. තවම මම රංගනයෙන් දායකවෙලා ඉන්නෙ රට පවුල ටෙලි නාට්‍යයට විතරයි. ඒ නිසා ලොකු කාර්ය බහුලත්වයක් නැහැ. සාමාන්‍ය විදිහට ජීවිතය ගතකරන ගමන් රංගන කටයුතු කරගෙන යනවා.
නිළියක් නොවුණා නම් කවුරු වෙන්නද හීන මැව්වෙ?
ව්‍යාපාර අංශයෙන් ඉදිරියට යන්නයි මම පොඩි කාලේ ඉඳන් ආසවෙන් හිටියේ. දැනටත් ඒ ආසාව තියනවා. ඉදිරියේදි ව්‍යාපාරයක් පටන්ගන්න අදහසකිනුයි මම ඉන්නෙ.
නිළියක් විදිහට දිගටම වැඩක් කරන්නෙ නැති වෙයිද ?
තවම මම ඒ ගැන ලොකුවට හිතලා නැහැ. රංගන ක්ෂේත්‍රයේ ස්ථාවර නිළියක් වෙනවා කියලා අදහසක් මට නැහැ. සමහර විට දිගටම රැඳී සිටින්නත් පුළුවන්.
සැබෑ ජීවිතයේදි ප්‍රශා මොන විදිහෙ කෙනෙක්ද?
මං වැඩිපුර කතාබහ කරන්නෙ නැති කෙනෙක්. කාටවත් කරදරයක් හිරිහැරයක් නොවී මගේ දේවල් කරගෙන නිදහසේ ඉන්නවා.
නිදහස් වෙලාවට ජීවිතය ගෙවන්නෙ මොන විදිහටද?
පොත් කියවන්න, චිත්‍ර අඳින්න මම කැමතියි.
රට පවුලෙන් ලැබුණ ජනප්‍රියත්වයත් එක්ක මේ දවස්වල තරුණයන්ගෙන් ආකර්ෂණය වැඩිපුර ලැබෙනවා ඇති නේද?
රට පවුලට සම්බන්ධවීමත් සමග මේ දවස්වල හැමෝගෙන්ම මට ආකර්ෂණය, ආදරය සහ අවධානය ලැබෙනවා. රංගනයෙන් සම්බන්ධ වුණ පළමු නිර්මාණයෙන්ම ඒ විදිහට හැමෝගෙන්ම ආදරය, ආකර්ෂණය සහ අවධානය ලැබීම වාසනාවක් කියලා මම විශ්වාස කරනවා.
ආදරය ගැන ප්‍රශාගේ අදහස මොකක්ද?
ආදරේ තමයි අපිව ජීවත් කරවන්නේ. ඉපදුණ දවසේ ඉඳන් මැරෙනකන් අපි හොයන්නේ ආදරය. ඉතින් ජීවිතේ වටිනාම දෙයක් විදිහට මං ආදරේ විශ්වාස කරනවා.
ප්‍රශා මේ වෙද්දි ආදරය විඳිනවාද?
ජීවිත කාලය පුරාවටම අපි ආදරය විඳිනවා, ආදරය ලබනවා. ඒකෙ වෙනසක් නැහැ. ආදරේදි මම බලාපොරොත්තු වෙන්නෙ නිදහස සහ විශ්වාසය විතරයි.
විදේශ රටක ගෑනු ළමයෙක්ගේ පෙනුමක්ද ප්‍රශාට තියෙන්නෙ?
ගොඩක් දෙනා කියන්නේ මගේ පෙනුම විදේශ රටක ගෑනු ළමයෙක් වගේ කියලා. එක එක්කෙනා මාව දකින විදිය වෙන්න ඇති ඉතින්. මට ලැබිලා තියන රූපයට පුංචි කාලේ ඉඳන් මම ගොඩක් කැමතියි. කිසිම දෙයක් නිසා මේ රූපය නැති කරගන්න මං කැමති නැහැ. මට හොඳ රූපයක් තියන නිසා සම ලස්සන වෙනවා කියන ආලේපන ක්‍රීම් වර්ගවලින් ඈත් වෙලයි ඉන්නෙ. රූපය ලස්සන කරගන්නවට වඩා මම කරන්නෙ රූපය ආරක්ෂා කරගන්න එක.