දුෂ්‍යන්ත වීරමන් කියන්නේ සන්තුෂ් වීරමන්ගේ බාල සොහොයුරා. තමා ගායකයෙක් වූ කතාව පසුගියදා දුෂ්‍යන්ත මාධ්‍යයට ප්‍රකාශ කළා.
''මගේ අයියා සන්තුෂ් වීරමන් තමයි හැමදේටම මුල. සහෝදරයෝ වුණාම අයියා කරන හැමදේම මල්ලි කරන එක සමාන්‍යය දෙයක්නෙ. ඉතින් සන්තුෂ් Michael Jacksonගේ සින්දු අහපු නිසා තමයි මමත් Michael Jackson follow කළේ. ඊට සෑහෙන කලකට පස්සේ අයියා professional ගායකයෙක් හැටියට තමන්ගෙම ගීත නිර්මාණය කළාම මටත් හිතුණා එහෙමම කරන්න. ඉතින් අයියා භාතිය එක්ක සෙට්වුණා වගේ මම සෙට්වුණේ ඉරාජ් එක්ක. අපි මුලින්ම පටන් ගත්තෙ ‘පානා සෙනහස’ ගීතයෙන්. ඊට පස්සේ වැඩක් කළේ නැති වුණත් මම පටන් ගත්තු ගමන, තනියම හරි කරගෙන යන්න මම තීරණය කළා. ඉතින් අද වෙනකොට ‘ජේත්තු නෝනේ, කරළිය, නෙළුම් විලෙන්, මතකේ හසරැල්, වාසනා ලොවක්, දේදුන්න වාගේ, අහන්න ආදරේ තරම්, ගෝමර මාලා, ඔමරි ලතා’ සහ තව ලස්සන සින්දු ටිකක් කරන්න මට පුළුවන් වුණා."