ටෙලිනාට්‍ය කලාව තුළ රංගනයෙන් ප්‍රේක්ෂක හදවත් දිනාගත් හඬකැවීම් ක්ෂේත්‍රයේ තම දක්ෂතා නිරූපණය කරන යෂ් වීරසිංහ මේ දිනවල නිතර කතාබහට ලක්වන චරිතයක්. රංගනය උරුමකොටගත් පවුලක හිමිකරුවෙක් වුවද තමන්ගේ අනන්‍යතාවයක් ගොඩනගා ගනිමින් ප්‍රේක්ෂක හදවත් වගේම පුංචි තිරයේ පෙම්වතා, යෂ් වීරසිංහ සමග ‘මව්රට’ ‘හාට්’ අපි අද කතාබහ කරන්නට හිතුවා.Sri Lanka Latest News
ඉතින් යෂ් කොහොමද මේ දවස්වල වැඩකටයුතු?
මේ ටිකේ ෆිල්ම් එකේ පෝස්ට් ප්‍රොඩක්ෂන් යනවා ‘පරාග’ ෆිල්ම් එකේ. ඊට පස්සේ ‘ආලේ’ කියලා අලුත් වැඩක් පටන් ගත්තා. ඒකේ ෂූටින් යනවා. ඊට පස්සේ විසේකාරී ටෙලිනාට්‍යයේ ෂූටින් යනවා. තව ‘24 ලව් ස්ටෝරි’ ඩ්‍රාමා එකෙත් අන්තිම ෂූට් එක කරනවා.
හඬකැවීම් ශිල්පියෙක් විදියට මේ පටන් ගත්ත ගමන ගැන කතා කරමු…
ඔව්. රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ මම මුලින්ම හඬකැවීම් ශිල්පියෙක් විදිහට. මගේ ලොකු අම්මා ගීතා කාන්ති ජයකොඩි මාව දානවා රූපවාහිනී ඩබින් ටෙස්ට් එකකට. ඊට පස්සේ ඒකෙන් තේරිලා ඩබ් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ යනවා ෆීල්ඩ් ටෙස්ට්වලට. අමතර චරිත කරනවා. ඊට පස්සේ මම ප්‍රධාන චරිත කරනවා. එතැනින් පටන්ගත්ත ගමන තමයි මේ වෙනකන් මම ආවේ.