අනූව දශකයේ ජනප්‍රිය සිනමා රංගන ශිල්පියකු ලෙස ගමන් ආරම්භ කළ ලාල් වීරසිංහ කලක් ඉන්දියාවට ද ගොස් සිනමාව පිළිබඳව හදාරා කේෂ්ත්‍රයට පිවිසුනෙකි. එකල ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූ නීල් වර්ණකුලසූරිය ප්‍රමුඛ සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම සංගීතයෙන් දායක වූ වැඩබැරි නම් වැඩක් නැහැ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ ද ලාල් වීරසිංහයි. මේ චිත්‍රපටය හින්දා ඔහු ජනප්‍රිය තරුවක් බවටද පත්වෙනවා. අතිසාර්ථක නිර්මාණ කිහිපයකින් සිනමාවට පිවිසි ලාල් වීරසිංහ කාලයක් සිනමාවෙන් නොපෙනී යනවා. ඔන්න දැන් නැවතත් ලාල් වීරසිංහ ආපහු කරළියට ඇවිත් තියෙනවා. ඒ මේ දිනවල තිරගත වෙන ඔහු අධ්‍යක්ෂණය කළ රැයක් හෝ පැයක් සිනමා නිර්මාණය සමගිනි. මේ චිත්‍රපටය තිරගත කරන්න යනකොට ලාල් වීරසිංහ හරි අපූරු සිද්ධිවලට මුහුණදුන්නාලු. දන්නවා නම් මේ වැඩේ නොකර ඉන්නවා කියලා තමයි අපිට කිව්වේ. ඒ ගැන මුළු විස්තරේ අපි මෙන්න මෙහෙම පෙළගැස්සුවා.
‘රැයක් හෝ පැයක්’ සිනමා නිර්මාණයේ තිර පිටපත ඉන්දියානු ජාතිකයකුගේ. කතා තේමාව නම් ඇත්තටම මගේ. ඉන්දියාවේ වෙච්ච සත්‍ය සිදුවීමක් පාදක කරගෙන තමයි නිර්මාණය කළේ. අද සමාජයට ලොකු පණිවුඩයක් දෙන චිත්‍රපටයක්. මේක බයිස්කෝප් එකක් නෙමෙයි. මේක ත්‍රාසජනක චිත්‍රපටයක්. හැම මොහොතකම දැන් මොකද වෙන්නේ, දැන් මොකද වෙන්නේ කියලා තමයි මිනිස්සු බලාගෙන ඉන්නේ. මේ චිත්‍රපටයේ මගේ රැවුල එහෙම කපලා අතීතය මතක් කරන ටයිටල් සින්දුවක් තියෙනවා. ඒක යන්නේ චිත්‍රපටය අවසන් වුණාට පස්සේ. ඒක දැකලා මිනිස්සු හිතුවා මේක පරණ ස්ටයිල් එකට කරපු බයිස්කෝප් එකක් කියලා. මේක බයිස්කෝප් එකක් නෙමෙයි. මේක අපි නිර්මාණය කළේ ඉන්දීය වෙළෙඳපොළට. එළැඹෙන ජනවාරි, පෙබරවාරි මුල වෙනකොට එහේ තිරගත වෙනවා. මේකෙ මලයාලම් නළුවෙක් සහ තෙළිඟු නිළියක් රඟපානවා. ලංකාවෙන් මම සහ චන්න පෙරේරා වගේම තවත් නළු නිළියන් කිහිපදෙනෙක් රඟපානවා. ඒත් එක්කම ජපානයේ ඉපදුණ ඇමරිකාවේ ජීවත්වුණ මූල්‍ය කළමනාකාරිනියක් වන බොස්ටර්න් විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් වන නොෂින් කියලා නිළිය තමයි ප්‍රධාන චරිතය රඟපාන්නේ.
මාධ්‍ය කියන එක මම හැමදාම ආදරයෙන් මතක් කරන දෙයක්. පසුගිය දවස්වල මගේ මේ චිත්‍රපටයේ මංගල දර්ශනය වගේම මාධ්‍ය දැක්ම තිබුණා. ඒකට මාධ්‍යයෙන් හුඟදෙනෙක් ඇවිත් හිටියා. මගේ ආරම්භයත් පටන් ගත්තේ මාධ්‍යයෙන්. මට උදව් කළේ ඒ. ඩී. රංජිත් කුමාර මහතා, අර්නස්ට් වඩුගේ මහත්මයා, බන්දුල පද්මකුමාර මහත්මයා, සෑම් පෙරේරා මහතා වගේ ප්‍රවීණ මාධ්‍යවේදීන් තමයි මට උදව් කළේ. ඒකාලේ පත්තරවල මගේ පින්තූර ගියා. ඒවා දැකලා මට මගේ පළමුවන චිත්‍රපටය පවා හම්බවුණේ. ඒ කාලේ විශේෂයෙන් අද වගේ නළුවෙක්ට සෝෂල් මීඩියා එකෙන් හිට්වෙන්න බැහැ. එදා අපිට පත්තර සහ ටීවී එක අත්‍යවශ්‍යයි. දැන් තමයි ෆෝන් එක හරහා ඕනෑම කෙනකුට ජනප්‍රිය වෙන්න පුළුවන්.
චිත්‍රපටයක් කරනවාට වඩා අමාරු දෙයක් තමයි තිරගත කිරීම. ඒ ගැන කතා කරලා වැඩක් නෑ. මම ඇත්තටම හරි පසුතැවිලි වෙනවා මේ චිත්‍රපටය ලංකාවේ තිරගත කරන්න ගත්තු තීරණය ගැන. ඉන්දියාවේ විතරක් මේක තිරගත කරලා සද්ද නැතිව හිටියා නම් මට හොඳයි කියලා හිතෙනවා. මේ චිත්‍රපටය තිරගත කරන්න ගියහම තමයි දැනගත්තේ කේෂ්ත්‍රයේ අය මගෙත් එක්ක පුදුමාකාර වෛරයකින් ඉඳලා තියෙනවා කියලා. මම ඔවුන්ව දැකලත් නැහැ, අඳුරන්නෙත් නැහැ. මගේ පෙනුමට තමයි වෛයර කරන්නේ. මම කාටවත් වැරැද්දක් කරලා නැහැ. ඉතිං එහෙම සෑහෙන අපහාසයකට ලක්වුණා. ෆිල්ම් එක බලන්නේ නැතිව කොහොමද ෆිල්ම් එක ගැන කියන්නේ. ෆිල්ම් එකට බනිනවා. මම ඒවා නම් එච්චර ගණන් ගන්නේ නැහැ. බැණුම්වලට මම කොහොමත් සැලෙන්නේ නැහැ. නමුත් මම පසුතැවෙනවා. මට හරි මන්සියි. මම හරි නිදහසේ හිටපු මනුස්සයෙක්. මගේ ව්‍යාපාරික සගයා හර්ෂ උඩකන්ද . අපි දෙන්නා ඇවිල්ලා ටෙලිනාට්‍ය සම නිෂ්පාදනය කරනවා. අපි පසුගියදා ආරම්භ කළා මං ආදරෙයි කියලා ටෙලිනාට්‍යයක්. ඉතිං මේක හරිම හිසරදයක්.
මම ආපහු ලංකාවේ රඟාපන්නේ නැහැ කියලා වගේම සිනමාවෙන් ඉවත්වෙනවා කියලා චිත්‍රපටයේ මංගල දර්ශනය දවසේ ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කළා. හරි පුදුමාකාර බලුපොරයක් තමයි තියෙන්නේ. චිත්‍රපටයක් තිරගත කරන්නට බැහැ. හරි ආමරුයි. ගොඩක් නිෂ්පාදකවරු ඉන්නවා චිත්‍රපටයක් තිරගත කරගන්න බැරිව ආමරුවේ වැටිලා. ඉතිං මම ඇත්තටම මේකෙන් ජීවත්වෙන කෙනෙක් නෙමෙයි. මට මේක දින්නත් එකයි පැරදුනත් එකයි. ආපහු තවත් චිත්‍රපට කරන්නේ නැහැ. නමුත් ටෙලිනාට්‍යවල රඟපානවා. මම ඉන්දියාවේ දමිළ චිත්‍රපට කිහිපයකම රඟපෑවා. කොරෝනා නිසා මට චිත්‍රපට එකොළහක් නැතිවුණා. දැනුත් ආරාධනා තියෙනවා වෙබ් සීරියස් එකකටයි ෆිල්ම් එකකටයි. සමහර විට මම ඉදිරියේදී ඉන්දියාවේ දමිළ චිත්‍රපටවල රඟපාන්න පුළුවන්. නමුත් මගේ බලාපොරොත්තුවක් නැහැ ලංකාවේ නම් රඟපාන්න. මම තමයි ලංකාවේ තායි බොක්සිං සම්මේලනයේ උපසභාපති. මම ක්‍රීඩාවට හරි ලැදියි. දැනුත් මම ක්‍රීඩකයන් පුහුණු කරනවා. ලබන වසරේ මගේ බබාව පුහුණු කරන්න හිතාගෙන ඉන්නවා. ඉතිං මම නිදහසේ ඉදිරියේ දී ක්‍රීඩාව කරගෙන පාඩුවේ ඉඳීවි. අපිට ඉතිං නැව් ඕනෑ නැහැනේ. ප්ලේන් ඕනෙ නැහැනේ. සාමාන්‍ය ජීවිතයක් ගතකළහම ඇති. මම පොඩි කාලේ ඉඳලා පිචර් පිස්සෙක්. අනික සෑහෙන කාලයක් රඟපෑවා. අපිත් අද සමාජයේ ඉන්න තරුණ තරුණියෝ වගේ ලොකු කට්ටක් කාලා තමයි මෙතැනට ඇවිත් තියෙන්නේ. ඒක දන්නේ නැති සමහර අය ඒක අගය කරන්නේ නැහැ. ඉතිං ඒක කනගාටුවට කරුණක්. ඒක අගය කරන එකනේ වටින්නේ. අපි ජීවත්වෙලා ඉන්න කාලේ එකිනෙකා ඇත්වැල් බැඳගෙන ඉදිරියට යෑම තමයි මනුෂ්‍යත්වය කියන්නේ. තව එකක් කපාගෙන යනඑක නෙමෙයි වැඩේ. තව එකෙකුට අපහාස කරන එක නෙමෙයි වැඩේ. අපහාස කරන අයට විශ්වය විසින් හිතන්නේ නැති දඬුවම් දෙනවා. අපිට අපහාස කරන අයට විශ්වය විසින් හිතන්නේ නැති දඬුවම් හම්බවෙන්න පුළුවන්.
මම මේ වැඩේ ඉන්දියාවත් එක්ක එකතුවෙලා කරන්න හිතුවේ ඉන්දියානු වෙළෙඳපොළ අරමුණු කරලා. ඒ වෙළෙඳපොළට යන්න පුළුවන් වුණොත් අපේ රටේ අනෙක් කලාකරුවන්ටත් අවස්ථාවක් හම්බවෙනවානේ. මම බොහොම හොඳ චේතනාවෙන් කරපු දෙයක්. මම ලංකාවට ආදරෙයි. සිනමාවට ආදරෙයි. මට බැන්නත් මම කාත් එක්කවත් වෛරයක් නැහැ.
මේ චිත්‍රපටය තිරගත කරන්න යෑමෙදී මුහුණදුන් ගැටලු ටික එක්ක කලකිරීමක් තියෙනවා. මට හරි මන්සියි. ඒ වගේම මනසටත් හරි වධයක්. අපරාදේ කියලා හිතෙනවා මම මේක රිලීස් කළේ. මීට වැඩිය හොඳයි ඉන්දියාවේ විතරක් මේක රිලීස් කරලා හිටියා නම්.
දිනේෂ් විතාන