අධ්‍යක්‍ෂණයක් ලෙසින් එන ‘සටන’ සිනමා නිර්මාණයෙන් ඇය තම සිනමා ගමන අරඹනව. එහි රංගනය වෙනුවෙන් 1989 වර්ෂයේ පැවැත්වුණ සරසවි සම්මාන උළෙලේදි හොඳම නැගී එන නිළියට හිමි සම්මානය දිනාගන්නා ඇය එතැන් පටන් හිත හොඳ පුතෙක්, කෙළි මඬල, සිසිල ගිනිගනී, මේ වාරේ මගේ, චාන්දනී, පිස්සු පූසෝ, බිතු සිතුවම්, බොරදිය පොකුණ වැනි සිනමා නිර්මාණ සඳහා මෙන්ම ඉන්ද්‍රඛීලය, මොනර කිරිල්ලී, සිව්සිය ගව්ව, උතුරුකුරු සුළඟ වැනි ටෙලි නාට්‍ය සඳහා ද තම රංගන දායකත්වය ලබා දෙනව.
මේ අතර විවාහයත් සමග විදෙස් රටක පදිංචිය සඳහා යන ඇය ඉන් වසර විසිතුනකට පස්සෙ අද, නැවතත් සුපුරුදු රිද්මයෙන් වැඩ පටන්අරගෙන.
මෙතැන් පටන් දිගහැරෙන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනී ඩිලානි අබේවර්ධන, ‘මීවිත’ සමග කළ සොඳුරු සංවාදයක පෙළගැස්මයි.
දිගු කලකට පස්සෙ, ඩිලානි ආයෙත් වැඩ පටන් අරගෙන?
ඔව්, අවුරුදු විසිතුනකට පස්සෙ මම නැවතත් කලාවට එකතු වෙනව. 2002 වර්ෂයේ අවසන් වරට මම රඟපෑවෙ ‘බොරදිය පොකුණ’ සිනමා නිර්මාණයේ.
දශක දෙකකට වැඩි කාලයකට පස්සෙ නැවතත් කලාවට එකතු වෙද්දි සුපුරුදු හුරුපුරුදු බව නොදැනෙන්න ඇති?
ඔව්, ඇත්තටම පොඩි චකිතයක් තිබුණා. නමුත් මුල් සීන් දෙකතුන ගත්තට පස්සෙ සුපුරුදු රිද්මයට එන්න මට පුළුවන් වුණා. දැන් පරණ කෙනාම නැවත ඉන්නව.
ඩිලානි නැවතත් අලුත් වෙන සිනමා නිර්මාණය ගැනත් කියමු?
ඔව්, උදයකාන්ත වර්ණසූරිය මහත්මයාගෙ ‘මේඝ වර්ෂා’ සිනමා නිර්මාණයට තමයි මුලින්ම මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණෙ. ඔහු ප්‍රවීණ මෙන්ම දක්‍ෂ අධ්‍යක්‍ෂවරයෙක්. ෂුටිංවලදි වුණත් මට කිසි කරදරයක් තිබුණෙ නැහැ වැඩකරන්න.
ඔබ තවත් නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙනව?
‘මේඝ වර්ෂා’ එකෙන් පස්සෙ එරංග සේනාරත්නගෙ ‘මැසෙන්ජර්’ චිත්‍රපටයට සම්බන්ධ වෙනව. මේ වනවිට එහි නිෂ්පාදන කටයුතු බොහෝ දුරට අවසන් වෙලා තියෙනව. ඊට අමතරව රූපවාහිනියේ විකාශය වන ‘සිත නිවන කතා’ වැඩසටහනේ විකාශය වන නිර්මාණයකට සම්බන්ධ වුණා. ලක්‍ෂමන් පුෂ්පකුමාර අධ්‍යක්‍ෂණය කරන ‘ගගන’ සිනමා නිර්මාණයේ ෂූටිං දැනට දින කිහිපයකට කලින් පටන් ගත්තා.
ඩිලානිට එක දිගට වැඩ එනව?
ඔව්… ඔව්… තවත් චිත්‍රපටයකට ආරාධනයක් ලැබිල තියෙනව. නමුත් දැන්ම ඒක කියන්න බැහැ. ලබන දෙසැම්බර් මාසයේ වැඩ පටන්ගනීවි. ඒ වැඩත් ඉවර කරල තමයි ආපහු යන්නෙ.
ආපහු යන්නෙ කිව්වෙ?
ඇත්තටම ආපහු ගියා කියල මට ලොකු දෙයක් කරන්න නැහැ. මගේ දරුවො දැන් ලොකුයි. ඔවුන්ටත් දරුවො ඉන්නව. දැන් මගේ කාලෙ. ඒ නිසා මම ආසයි මෙහෙට වෙලා චුට්ටක් ඇක්ට් කරගෙන ඉන්න. මට දිගටම වැඩ ලැබුණොත් මම ඉන්නව.
බොහෝ කාලයකට පස්සෙ නිසා සෙට් එකේදි සහෝදර ශිල්පීන්ගෙන් ලැබුණ ප්‍රතිචාර මොන වගේද?
ප්‍රවීණ අය වගේම නවක අයත් එක්කත් මේ කාලය තුළදි මම වැඩ කළා. ඔවුන් හරිම හොඳයි, දක්‍ෂයි, වැඩ කරන්න පහසුයි. අපි බොහොම සතුටින් වැඩ ටික කරගෙන ගියා.
මේ අලුත් බවත් එක්ක නිහඬව හිටපු කාලය ගැන පසුතැවීමක් ඇති වුණාද?
මතක් වෙනකොට හැමදාමත් දුකක් දැනුණා. හරි අමාරුවෙන් හිටියෙ. නමුත් මට එන්න පුළුවන්කමක් තිබුණෙ නැහැනෙ. යුතුකම් ගොඩක් ඉෂ්ට කරන්න තිබුණා. මග දාල ආවනම් ඒ දේවල් කඩාගෙන වැටෙනව.
මෙවැනි පිළිගැනීමක් බලාපොරොත්තු වුණාද?
ඇත්තටම හිතුවෙ නැහැ. මොකද මම කවදාවත් කියල තිබුණෙ නැහැ ආයෙත් රඟපානව කියල. හංසලී සමරවික්‍රම එක දවසක් මං එක්ක කතාකරනකොට මම කිව්වා කවද හරි දවසක ආච්චි කෙනෙක් වගේ හරි රඟපාන්න මට ඩී්‍රම් එකක් තියෙනව කියල. ඒක මතක තිබිල ඇයට දවසක් මට කතාකරල ඇහුවා මේ වගේ චරිතයක් තියෙනව අක්කා ඔයා එනවද කියල. මම දෙවතාවක් විතර කල්පනා කරල කැමැතියි කියල කිව්වා. දෙපැත්තක හිටපු මම හරි තීරණයක් අරගෙන නැවතත් එනව කියල තීරණය කළේ හංසලීගෙ බලපෑම නිසා.
උදයකාන්ත මොකද කිව්වෙ?
ඇත්තටම උදය අයියා ගොඩක් සතුටු වුණා. ඔහු නිර්මාණ බොහොමයක් අධ්‍යක්‍ෂණය කරල තිබුණත් මට ඔහුගෙ නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබුණෙ නැහැ.
ඔබ එදා සහ අද වෙනසක් දකිනවද?
මට ලොකු වෙනසක් දැනුණෙ නැහැ. වෙනදාට වඩා ටිකක් ඉක්මනට වැඩ කරන බවක් දැනුණා. ඒ වගේම තාක්‍ෂණය අතින් දියුණුවක් දකිනව.
නිර්මාණ පැත්තෙන් ගත්තොත් ඔබ දකින්නෙ මොන විදිහටද?
ඇතැම් නිර්මාණවල ගුණාත්මක බවේ අඩුපාඩු දකින්න පුළුවන්. හොඳ නිර්මාණ එළිදකිනව නම්, ඒ වටා හොඳ රසික පිරිසක් ගොඩනැගෙනව නම් ඇත්තටම අපි කැමතියි.
මේ ගත්ත තීරණය ගැන පවුලේ අය මොකද කියන්නෙ?
මගේ දුවයි පුතයි නම් හරීම සතුටුයි. මහත්තය නම් ඒ තරම් කැමති නැහැ. මොකද එහෙට වෙලා තනියම ඉන්න වෙනවනෙ.
අතීතය මතක් වෙද්දි ඇතිවෙන හැඟීම මොන වගේද?
හරිම සන්තෝෂයි. කලාකාරයෙක් කවදාවත් වයසට යන්නෙ නැහැ කියන්නෙ ඒකනෙ. ටීවී චැනල්වල තාමත් මගෙ පරණ කලා නිර්මාණ විකාශය වෙනව. ඒවා දකිද්දි පුදුම සතුටක් ඇතිවෙන්නෙ.
ඩිලානි තාමත් එදා වගේමයිලු?
ඔව් ඔව් හැමෝම එහෙම කියනව. මම ආසයි ඒකට. අලුතෙන් මම රඟපාපු නිර්මාණ එක්ක බලද්දි ඒක හොඳින්ම දකින්න පුළුවන්. සමහරවිට තාමත් මාව ටිකක් තරුණ විදිහට පේනව ඇති.
මොකක්ද මේ රහස?
ඇත්තටම දිවුරල කියන්න පුළුවන්, කිසිම කෘත්‍රිම දෙයක් මගෙ මුහුණෙ නැහැ. අනික මම රූපලාවණ්‍ය උපදේශකවරියක් විදිහට වැඩ කරන්නෙ. මම හරියට මේන්ටේන් නොවුණොත් අනෙක් අයට උපදෙස් දෙන්න බැහැනෙ.
අලුත් ටෙලි නාට්‍යයකත් වැඩ කළා?
ඔව්, එකක වැඩ අවසන් වුණා. තවත් එකකට ආරාධනා ලැබිල තියෙනව.
එදා කැමතිම නිර්මාණය මොකක්ද?
මම කැමතිම නිර්මාණය වුණේ තිලක් ගුණවර්ධන මහත්මයාගෙ ‘උතුරුකුරු සටන’ ටෙලි නාට්‍යය. ඒකෙ රඟපාන්න ගොඩක් තිබුණ වගේම වෙනස්ම චරිතයක්.
ලංකාවට ඇවිත් කොච්චර කාලයක් වෙනවද?
මම ලංකාවට ආවෙ පසුගිය සැප්තැම්බර් මාසෙ 24 වැනිදා.
රිදී රැයක් ඇමරිකාවට ආපු දවසෙ මොකද වුණේ?
ඇත්තටම මම පැය ගාණක් ඇඬුවා. මගේ සහෝදර ශිල්පීන් වේදිකාවේ රඟද්දි එතෙක් කලක් හිතේ හිරකරගෙන හිටපු වේදනාව තවදුරටත් මට හංගගෙන ඉන්න බැරි වුණා.
මහේෂ් එදිරිසිංහ