
නිෂූ කාරියවසම් මේ දවස්වල ටෙලි නාට්‍ය තුනකින් දකින්න ලැබෙනවා. ඒ, ‘සින්ටෝ’, ‘රොකී’ සහ ‘රට පවුල’ තුළින්. ඒ වගේම ජාත්‍යන්තර වැඩක් එක්ක සිනමා නිර්මාණ හතරකටත් නිෂූ සම්බන්ධවෙලා තියෙනව. අපි ඇයගෙන් අහල බලමු, අලුත්ම තොරතුරු මොනවද කියල.
නිෂූ මේ දවස්වල ටෙලි නාට්‍ය තුනකින් දකින්න ලැබෙනවා?
ඔව්, මම ටික කාලයක විවේකයකට පස්සෙ මුලින්ම ‘සින්ටෝ’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. ඉන් පස්සෙ ‘රොකී’ සහ ‘රට පවුල’ ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණා. මේ නිර්මාණ ත-ුනේම තියෙන්නෙ එකකට එකක් වෙනස් චරිත. මගේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න මේ අවස්ථාව හොඳ අභියෝගයක්.
‘සින්ටෝ’ සහ ‘රොකී’ නිර්මාණ ගැන කතා කළොත්?
සින්ටෝ ඩ්‍රාමා එකේ දිව්‍යා කියන මගේ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. රොකී ටෙලි නාට්‍යයේ මීෂා කියන චරිතයටත් හොඳ වගේම නරක ප්‍රතිචාර ගොඩක් ලැබුණා.
‘රට පවුල’ ගැන කිව්වොත්?
රට පවුල ටෙලි නාට්‍යයේ මට තියෙන්නෙ පොඩි චරිතයක්. රට යවන ඒජන්සියක ප්‍රධාන සේවිකාවගෙ චරිතය තමයි මට ලැබිල තියෙන්නෙ.
පාතාලයේ චරිතයක් කරන්න බයක් දැනුණෙ නැද්ද?
ඇත්තටම රංගන ශිල්පිනියක් වුණාම ඕනෑම චරිතයක් භාරගන්න පුළුවන් වෙන්න ඕන. මොකද ඒක චරිතයක් මිසක අපේ සැබෑ ජීවිතය නෙමෙයි.
නිෂූත් මේ චරිත අතර ඉන්නවද?
දිව්‍යා, මීෂා කියන මේ කිසිම චරිතයක් තුළ නිෂූ නැහැ. ඒක කියන්නෙ වෙනම චරිතයක්. නිෂූ කියන්නෙ පාඩුවේ පැත්තකට වෙලා ඉන්න කෙනෙක් වගේම සමාජයට වැඩිය යන්නෙ නැති, ගෙදරට වෙලා ඉන්න අහිංසක.
ඇයි නිහඬ කාලයක් ගෙවන්න හිතුවෙ?
මම මාස හයක් විතර නිහඬව හිටියා. ඒ කාලය තුළ මම මගේ අඩුපාඩු හදාගන්න, අනෝජා වීරසිංහ මහත්මිය, අසංක සායක්කාර මහත්මයා සහ තවත් කිහිප දෙනෙක් යටතේ රංගනය පිළිබඳ හැදෑරීමක් කළා. ඒ කටයුතු අවසානයේ තමයි මම නැවතත් ක්‍ෂේත්‍රයට එන්නෙ.
නිෂූ සියලු අඩුපාඩු හදාගත්තද?
එහෙම කියන්න බැහැ. දැනටත් මගේ අඩුපාඩු නැතිව නෙමෙයි. නමුත් මට ඕන මගේ අඩුපාඩු හදාගෙන දක්‍ෂතාව එළියට ගන්න. මොකද සම්මානනීය නිළියක් වෙනවාට වඩා දක්‍ෂ නිළියක් වෙන එක හැමෝටම කරන්න අපහසු දෙයක්. මගේ ලොකුම බලාපොරොත්තුව ඕනෑම චරිතයක් රඟපාන්න පුළුවන් දක්‍ෂ නිළියක් වෙන එක.
නිෂූ නැවත ආපුගමන් වැඩ දෙකතුනක්ම ලැබුණා?
ඔව්, ඇත්තටම හරිම සතුටුයි ඒ ගැන. මම හිතනව මම එක කඩඉමක් පසුකළා කියල. තවමත් මම ඉන්නෙ පොඩි තැනක. ප්‍රවීණයන්ගෙන් තව ගොඩක් දේවල් ඉගෙනගන්න තියෙනව.
ඇත්තටම නිෂූ කියන්නෙ කවුද?
නිෂූ කියන්නෙ කවුද කියල කවුරුවත් දන්නෙ නැහැ. මොකද මම කාටවත් මාව පෙන්නන්නෙ නැහැ. ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නෙ මම හරි සෙල්ලක්කාර, සෝෂල් චරිතයක් කියල. ඇත්තටම මම එහෙම කෙනෙක් නෙමෙයි. මම කැමති අම්ම තාත්තත් එක්ක පාඩුවේ ගෙදරට වෙලා ඉන්න. ඇත්තටම මම වැඩිය මිනිස්සුත් එක්ක වැඩිය ගැටෙන්න කැමති නැහැ.
පසුගිය කාලෙ පෙනුම වෙනස් කරගන්න ගොඩක් මහන්සි වුණා?
ඔව් පෙනුම වෙනුවෙන් පසුගිය කාලෙ ගොඩක් කැපකිරීම් කළා, ගොඩක් මහන්සි වුණා. මාස තුනක් විතර ගොඩක්ම කෑම පාලනය කළා. ඒ ගැන මට ගොඩක් සතුටුයි. සමහර අය අය තවත් කෙනකුට බ්ලේම් කරනව එයාගෙ පෙනුම ගැන කියල. නමුත් ඒ කෙනාගෙ මානසිකත්වය දන්නෙ ඒ කෙනාම විතරයි. ඒ නිසා මම නම් කියන්නෙ කවදාවත්, කාටවත් පෙනුම ගැන කියල දෙයක් කියන්න එපා කියල.
රංගන ක්‍ෂේත්‍රය දකින්නෙ කොහොමද?
ඇත්තටම රංගන ක්‍ෂේත්‍රය කියන්නෙ අපේ හැකියාවන් පෙන්වන්න ගොඩක් හොඳ තැනක්. ඒ වගේම අපිව මිස් යූස් කරන්න හදන තැන් නැතිවම නෙමෙයි. ඒ දේවල් හරියට තේරුම් අරගෙන තමන් හරි මාර්ගයේ යනවනම් ගැටලුවක් වෙන්නෙ නැහැ.
නවකයන්ට දෙන උපදෙස මොකක්ද?
අලුතෙන් ක්‍ෂේත්‍රයට එන්න ඉන්න අයට කියන්න තියෙන්නෙ, හරියට හරි තැනකින් ඉගෙනගෙන හරි මාර්ගයෙන් ක්‍ෂේත්‍රයට එන්න. නැතිනම් කෙටි ක්‍රමවලින් ආවොත් දවසෙන් දෙකෙන් ආපසු යන්න වෙයි.
නිෂූ එක්ක හැමෝම සහයෝගෙන් ඉන්නවද?
ඇයි කියන්න නම් දන්නෙ නැහැ, මාව නොදන්න ගොඩක් මිනිස්සු මට කැමති නැහැ. ඒ වගේම මගෙත් එක්ක වැඩකරපු අය ගොඩක්ම ළෙංගතුයි.
නිෂූගෙ පවුලේ අය කලාවට සම්බන්ධයිද?
අපේ පවුලේ කවුරුවත් කලාවට සම්බන්ධ නැහැ. ඒ නිසා මුල් කාලෙ මේ ක්‍ෂේත්‍රයට එන්නෙ කොහොමද කියලවත් මම දැනගෙන හිටියෙ නැහැ.
විලාසිතාවලට කැමතියි?
ඔව්, විලාසිතාවලට මම හරි කැමතියි. ඒ වගේම මම හරිම කැමතියි ජාත්‍යන්තර විලාසිතා අනුගමනය කරනව වෙනුවට ඒවා මගේ විදිහට, මට ගැළපෙන විදිහට අඳින්න පළඳින්න.
සිනමාවේ වැඩකටයුතු කොහොමද?
ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා දමිළ සිනමාපටයකට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ වගේම සැප්තැම්බර්, බුද්ධමාතා සහ සුපෙම් සුළඟක් යන සිංහල චිත්‍රපටවලටත් සම්බන්ධ වුණා. ඒ අතරින් බුද්ධමාතා පමණයි එළිදැක්වුණේ. ඉදිරියේදී දැවැන්ත සිනමා නිර්මාණයකට මට ආරාධනා ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නව.
නිෂූ ආදරවන්තියක්ද?
ඇත්තටම ආදර සම්බන්ධතාවලට වඩා මම මුල් තැන දීල තියෙන්නෙ මගේ අනාගතයට. මගේ පවුල සහ කලා ලෝකය තමයි මගේ ජීවිතය වෙලා තියෙන්නෙ. නමුත් මම හොයන විදිහේ කෙනෙක් ලැබුණ දවසකට නිෂූ පෙම්වතියක් වෙයි.
මහේෂ් එදිරිසිංහ
